2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතුවලට මේ වන විට සියලු කටයුතු සූදානම් බව අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස් තිළිණ වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන ලදී. මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් 30481ක් අයදුම් කර ඇති අතර, ඉන් පිළීගත් අයදුම්පත් සංඛ්‍යාව 28668ක් වේ. ඉන් 181
3ක් ප්‍රතික්ෂේප අයදුම්පත් වේ.
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජූලි මස13 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද, 14,15 සියලුම රජයේ ආයතනවලද, 16,17 දිනවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, මැතිවරණ කාර්යාලයේ, පොලිස් ස්ථානවල, ත්‍රිවිධ හමුදා කඳවුරු හා රෝහල්වලද තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට සැලසුම් කර ඇති බව සහකාර මැතිවරණ කොමසාරිස්තුමා පැවසීය.
එසේම එම දිනවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්ද දායකයින් හට ජූලි මස 20,21 දින වල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බව එතුමා තවදුරටත් පැවසීය.
මෙම සියලු ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් මැතිවරණ නිරීක්ෂකයින් යොදවන අතර මෙවර විශේෂයෙන් එම මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට නියමිත බවද එතුමන් පවසන ලදී.
මෙවර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු මස 6 වන දින අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ ශාලා 19කින් යුතු මධ්‍යස්ථානයක සිදු කරන බවත් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් 150කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවද සඳහන් කරන ලදි.

No comments:
Post a Comment