අදාල ස්පර්ශකයන් සියල්ල මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඉදිරි කටයුතු සූදානම් කර ගන්නා තෙක්, ඔබ සියලු දෙනාගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙමු.
ඉතා අත්‍යවශ්‍ය කාරනයකට හැර නිවසින් බැහැර නොයන ලෙස කාරුනිකව ඉල්ලා සිටින අතර, සියලු දේශපාලන රැස්වීම් අද දින තාවකාලිකව නවත්වන ලෙස ඉල්ලා සිටිමි.
ප්‍රදේශය LockDown කිරීමේ අවශ්‍යතාවයක් දැනට නොපවතින අතර, ඉදිරි රෝග ව්‍යාප්තිය සිදුවන ආකාරය සමග ඉදිරි පියවර දැනුම් දෙනු ඇත.
අනවශ්‍ය කලබල නොකර, නිවසේ රැඳීසිටින ලෙසත්,ස්පර්ශකයන් නිරෝධායන කටයුතු අවසන් කර ප්‍රදේශය නැවත සුරක්ශිත කරන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.
බොහොවිට ඉදිරි පැය 48 තුල අදාල කටයුතු සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වන අතර, හෑමවිටම සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට ඔබටත් දායක විය හැක.
ස්තූතී
2020-07-12 // 01:25AM
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,
දෙහිඅත්තකන්ඩිය

No comments:
Post a Comment