Sunday, July 12, 2020

තංගල්ලටත් COVID-19 ආසාදිතයෙක්


තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ්-19 ආසාධනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් 2ක හිමිකරුවන් අද(12) 

නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකුටයි.
මෙම පුද්ගලයාගේ නිවැසියන් 7 දෙනෙකු,අසල නිවෙසක 5 දෙනෙකු සහ මොහු ගමන් කළ බවට හදුනාගත් වෙළදසැල් දෙකක හිමිකරුවන් දෙදෙනෙකු මෙලෙස නිරෝධායන කිරීමට පියවර ගෙන තිබේ.මොහු තංගල්ල නගරයේ ධීවර වරායට,සැලුනයකට,තංගල්ල නගරයේ වෙළෙදසැල් 4 කට,සුපිරි වෙළදසැලකට සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් වෙත ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

No comments:

Post a Comment