Thursday, December 10, 2020

කොරෝනා සදාකාලික නසන සියලු ප්‍රතිකාර අභිබවා පෙරට පැමිණි කෑගලු පැනිය සති 2න් ජනතාවට


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පා­ද­නය කළ කොරෝනා වයි­ර­ස­යට එරෙහි දේශීය ඖෂ­ධය කථා­නා­ය­ක­ව­ර­යාට සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් පිරි­ස­කට පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (10) පිරිනමා තිබේ.


ඊයේ (10) පස්ව­රුවේ පාර්ලි­මේන්තු සංකී­ර්ණය වෙත පැමිණි ඒ මහතා එම පැණිය පිරිනැමූ අතර කථා­නා­ය­ක­ව­රයා ඇතුළු මන්ත්‍රී­වරු එම අව­ස්ථා­වේ­දීම එය පානය කළහ.

මේ පැණිය අති­රේක ආහා­ර­යක් ලෙස මහ­ජ­න­තා­වට ලබා ගත හැකි බවට ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තු­වෙන් අනු­මැ­තිය ලබාදී ඇතැයි දේශීය වෙද­කම ප්‍රව­ර්ධන, ග්‍රාමීය හා ආයු­ර්වේද රෝහල් සංව­ර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජය­කොඩි මහතා මාධ්‍යට ඊයේ (10) පවසා තිබුනි.

මේ පැණිය අති­රේක ආහා­ර­යක් විදි­යට ලබා ගැනී­මට හැකි අතර, ඉන් කිසිදු අතුරු ආබා­ධ­යක් ඇති නොවන බවට දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශ­යත්, ආයු­ර්වේද දෙපා­ර්ත­මේ­න්තු­වත් නිල වශ­යෙන් අනු­මැ­තිය ලබාදී ඇතැ­යිද ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

ඉදිරි සති දෙකක් ගත වන තෙක් මේ පැණිය නිෂ්පා­ද­නය සහ බෙදා හැරීම තාව­කා­ලි­කව නතර කර ඇති අතර සති දෙක­කින් පසු මේ පැණිය මහ­ජ­න­තා­වට ලබා ගත හැකි නව ක්‍රම­වේ­ද­යක් සකස් කරන බවද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

කොරෝනා වයි­ර­ස­යට එරෙ­හිව ධම්මික බණ්ඩාර මහතා විසින් මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කිහි­ප­යක එක­තු­වෙන් දේශීය ඖෂ­ධ­යක් නිෂ්පා­ද­නය කළ අතර ඒ පිළි­බඳ පසු­ගිය දින­වල රටේම අව­ධා­න­යට යොමු විය.

ඒ අනුව ඔහු විසින් එම පැණිය කෑගල්ල ප්‍රදේ­ශයේ පිහිටි ඔහුගේ නිවෙ­සේදී නොමි­ලයේ බෙදා දීමට පිය­වර ගැනු­ණද පව­තින තත්ත්ව­යන් සැල­කි­ල්ලට ගනි­මින් එය අත්හි­ටු­වී­මට තීර­ණය කෙරිණි.

No comments:

Post a Comment