Wednesday, July 15, 2020

පූර්ණ සුවය ලැබූ පිරිස 2000 පනී මෙරට COVID-19 ආසාදනය වූවන් 2671


පූර්ණ සුවය ලැබූ පිරිස 2000 පනී
මෙරට COVID-19 ආසාදනය වූවන් 2671
කොවිඩ් - 19 වයිර­සය ආසා­දි­තව රෝහ­ල්වල ප්‍රති­කාර ලබ­මින් සිටින පිරි­ස­ගෙන් පුද්ග­ල­යන් 2001 ක් ඊයේ (15) වන විට පූර්ණ සුවය ලබා රෝහ­ල්ව­ලින් පිටව ගොස් ඇති බව වසං­ගත රෝග විද්‍යා අංශය සඳ­

හන් කරයි.
වයිර­සය ආසා­දි­තව සිටි පිරි­ස­ගෙන් තුනෙන් දෙක­කට අධික සංඛ්‍යා­වක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවත් ආසා­දි­ත­යන් 653ක් රෝහ­ල්වල ප්‍රති­කාර ලබ­මින් සිටින බවත් එම අංශය වාර්තා කරයි. මෙම වයිර­සය ආසා­දිත නාවික හමුදා පොකුරේ පුද්ග­ල­යන් 899 ක්ම පූර්ණ සුවය ලබා ඇති අතර තවත් පුද්ග­ලයෝ 7ක් පම­ණක් ප්‍රති­කාර ලබ­මින් සිටිති.
ජාතික බෝ වන රෝග විද්‍යා­ය­ත­නයේ 61ක්, වැලි­කන්ද මූලික රෝහලේ 83 ක්, ඉර­ණ­විල රෝහලේ 27ක්, කාතා­න්කුඩි මූලික රෝහලේ 45ක්, මිනු­ව­න්ගොඩ රෝහලේ 12ක්, පනා­ගොඩ යුද හමුදා රෝහලේ 60ක්, කඹු­රු­ග­මුව දිස්ත්‍රික් මහ රෝහලේ 3ක්, කන්ද­කාඩු ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­නයේ 362ක් ලෙස ආසා­දි­ත­යන් 659ක් ප්‍රති­කාර ලබන බව වසං­ගත රෝග විද්‍යා අංශය සඳ­හන් කරයි. වෛර­සය ආසා­දිත බවට සැක සහිත පුද්ග­ල­යන් 150ක් ද ප්‍රති­කාර සඳහා යොමු කර ඇති බව ද එම අංශය පව­සයි. කොවිඩ් - 19 වයිර­සය සමස්ත ආසා­දි­ත­යන්ගේ සංඛ්‍යාව 2671 කි.

No comments:

Post a Comment