Friday, February 12, 2021

ආදාරයට පැලයක්


පෙබ­ර­වාරි 14 දිනට යෙදෙන වැලැ­න්ට­යින් දිනය හෙවත් පෙම්ව­තුන්ගේ දිනය නිමි­ත්තෙන් “ආද­ර­යට පැළ­යක්”නමින් නව රුක් රෝපණ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට පරි­සර අමා­ත්‍යාං­ශය විසින් පිය­වර ගෙන ඇත.


පරි­සර අමාත්‍ය මහින්ද අම­ර­වීර මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ක්‍රියා­ත්මක වන මෙම වැඩ­ස­ට­හන, වීර­විල වැව ඉස්මත්තේ දී අද (12) ඇමැ­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඇරැ­ඹෙන අතර එහිදී මී පැළ 5,000ක් රෝප­ණය කිරී­මට පිය­වර ගෙන තිබේ.

පෙම් යුව­ළක් විසින් මෙම මී පැළ­යක් රෝප­ණය කරන අතර, මේ සඳහා එක්වන සෑම පෙම් යුව­ළ­කගේ අතට පැළ ලබා දීම ප්‍රදේ­ශයේ වයෝ­වෘද්ධ ගොවි මහ­ත්ව­රුන් මඟින් කිරී­මට කට­යුතු යොදා ඇත. පෙම්ව­තුන්ගේ දිනය නිමි­ත්තෙන් රෝප­ණය කරන මෙම පැළ රැක බලා ගැනීමේ වග­කීම ද එම පෙම් යුව­ළට භාර දීමට නිය­මි­තය. පරි­සර අමා­ත්‍යාං­ශය විසින් මේ වන විට ආරම්භ කර තිබෙන "හුස්ම දෙන තුරු" ජාතික රුක් රෝපණ වැඩ සට­හ­නට සම­ගා­මීව “ආද­ර­යට පැළ­යක්” රුක් රෝපණ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වේ.

No comments:

Post a Comment