ආදරේට ජීවයක්‘ ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමාමාලක පරිශ්‍රයේදී ආදරවන්තයන්ගේ දිනය යෙදෙන හෙට (14) දිනයේ ආරම්භ වේ.
Breath Foundation සමාජ සේවා පදනම විසින් ‘ආදරේට ජීවයක්‘ තේමාව යටතේ ක්‍රියාත්මක කරන ඔසු පැළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර මෙය වන අතර මේ ප්‍රධාන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි තෝරා ගත් ආගමික සිද්ධස්ථානවල ඔසු පැළ රෝපණය කිරීමට පියවර ගෙන තිබේ.
මේ වැඩසටහන් සියල්ල Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද පියවර ගෙන තිබෙන බව Breath Foundation සමාජ සේවා පදනමේ සභාපතිනි ඕෂධී හේවාමද්දුම මහත්මිය පැවසුවාය.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යපාරයට ආදිවාසී නායකයා සම්බන්ධ වූ අවස්ථාවයි!

No comments:
Post a Comment