මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නන්ට කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත ලබාදීමට මුදල් සහ සම්පත් වැය කිරීම අපතේ යැවීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
දුම්පානයට ඇබ්බැහිවීමෙන් පෙණහලු අක්‍රිය වීම සිදුවන බවත් ඒ නිසා ඔවුන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් එල්ල වන බවත් පෙන්වා දෙන ඒ මහතා කොවිඩ් -19 ආසාධනය වීමද ශ්වසන පද්ධතියට බලපෑම් එල්ල කරන බව පෙන්වා දෙයි.
එමෙන්ම දුම්පානයට ඇබ්බැහිවූවන් කොවිඩ්-19 ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩියි.
ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරීමට මෙන්ම මරණයට ගොදුරුවීමේ අවස්ථාද ඉහළ මට්ටමක පවතිනවා.
මත්පැන් මෙන්ම දුම්වැටි භාවිතයෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු කරනවා. ඒ වගේම මේ අයට එන්නත ලබාදීමෙන් වංසගත උවදුර මැඩ පැවැත්වීමේ අරමුණ ඉටු කරගත හැකි වන්නේ නැහැ.
එන්නත ලබාදිය යුත්තේ මත්පැන් හා දුම්වැටි භාවිතා නොකරන කොටසටයි.
ඉන් වඩා ඵලදායි ප්‍රතිඵලයක් ලබා ගත හැකි වෙනවා. එසේම එන්නත ලබාගැනීමෙන් පසුව මාස හයක්වත් යනතුරු මත්පැන් දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිම තමයි වඩාත් සුදුසු යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් කීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකදීය.

No comments:
Post a Comment