මේ වන විට දිවයින පුරා රන් මාල කඩා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බැවින් ඒ ගැන වඩා සැලකිල්ලෙන් පසුවන ලෙස පොලිසිය අවධාරණය කළේය.
හබරාදූව, කටුනායක, සහ ගෝමරන්කඩවල යන ප්‍රදේශවලින් ඊයේ (10) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ මෙසේ මාල කැඩීම් රැසක් සිදුව ඇතැයි පොලිසියට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
කටුනායක ප්‍රදේශයේ ස්ථානයකට පැමිණි පිරිසක් තමුන් පොලිස් නිලධාරීන් බව පවසා රන් මාලයක් කොල්ලකා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ගෝමරන්කඩවල ප්‍රදේශයේදී එක් පුද්ගලයකු අයිස් පැකට්ටුවක් මිල දී ගන්නා මුවාවෙන් පැමිණ රන් මාලයක් කොල්ල කා පලා ගොස් ඇත.
කොල්ලකරුවන් විවිධ උපක්‍රම මෙම රන් මාල කඩා ගැනීම් සඳහා භාවිත කරන අතර, යතුරු පැදි අලුත්වැඩියා කරන මුවාවෙන් නවතා තබාගෙන සිට මංකොල්ල කෑම, බස් නැවතුම්පොළවලදී මෙන්ම ලිපිනයන් අසන මුවාවෙන් හෝ පොලිස් නිලධාරීන් මුවාවෙන් පැමිණ මෙම කොල්ලකෑම් සිදු කරන බවත්, මේ සඳහා වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ හේතුවෙන් සෑම විටම මෙම කොල්ලකෑම් වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
දිණමින

No comments:
Post a Comment