රිදී විහාරයත් රජගලත් පුරා විද්‍යා ශික්ෂණ මධ්‍යෂ්ථාන ලෙස නම් කළ බැව රාජ්‍ය ඇමැති විදුර වික්රමණායක මහතා පැවසීය
මේ බව අනාවරණය වූයේ පෙරේදා (8) බත්තරමුල්ල ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ලංකාව පුරා තිබෙන සියලු පුරා විද්‍යා ස්ථාන ඩ්‍රෝන කැමරා මඟින් නිරීක්ෂණය කර ඒවා සිතියම් ගත කිරීමට කටයුතු කරන බවද පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා මෙහිදී පැවසීය.
නීලගිරි ස්ථූපයේ සංරක්ෂණ කටයුතු පුරා විද්‍යාත්මක ක්‍රමවේදවලට සිදු කිරීම පිළිබඳ සහ දීඝවාපිය සහ මිහිදු මහ සෑය ස්ථාන බෞද්ධයන්ට වැදුම් පිදුම් කිරීමට හැකි පරිදී කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බව පැවසූ අනුර මනතුංග මහතා පුරා විද්‍යා පනත සංශෝධන කිරීමේ මුල් කෙටුම්පත පුරා විද්‍යා උපදේශන කමිටුවට ඉදිරිපත් කළ බවද, එය අදාළ පාර්ශ්වයන්ගේ සහ මහජන අදහස් සඳහා ඉදිරිපත් කර සියලු දෙනාගේ අදහස් එකතුවෙන් නව පුරා විද්‍යා පනතක් ගෙන එන බවත් පුරා විද්‍යා භූමි නිශ්ශබ්ද කලාප බවට පත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා-
මෙරට පුරා විද්‍යාව සම්බන්ධයෙන් අද දිනය ඉතා වැදගත්. පුරා විද්‍යා උපදේශක කමිටුවේ රැස්වීම මේ වර්ෂයේ මුල්වරට පැවැත්වූවා. මෙහිදී පුරා විද්‍යාව සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගනුලැබුවා. ඒ අනුව මෙරට පුරා විද්‍යාව නව මාවතකට යොමු කිරීමට හැකිබව අපට පෙනී ගියා.
මෙහිදී අප ගත් වැදගත් තීරණයක් තමයි, මෙරට පූරා විද්‍යා ස්ථාන කීපයක් ශික්ෂණ ස්ථාන වශයෙන් නම් කිරීමට තීරණය කිරීම. ශික්ෂණ රෝහල් තිබෙනවා. වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ඒවා තුළින් පුහුණු විය හැකියි. මෙම ශික්ෂණ පුරා විද්‍යා ස්ථාන පුරා විද්‍යාව හදාරණ ශිෂ්‍යයන්ට පුහුණු මධ්‍යෂ්ථාන, ස්ථාන වශයෙන් භාවිතා කළ හැකියි. මේ සඳහා රිදී විහාරයත්, රජගලත් නම් කරනවා පුරා විද්‍යා ශික්ෂණ මධ්‍යෂ්ථාන ලෙස. පුරා විද්‍යා කැනීම් කිරීමට, සංරක්ෂණය කිරීමට වෙනත් කටයුතු සඳහා තවත් ස්ථාන කීපයක් නම් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමහර ස්ථානවල කටයුතු විශ්ව විද්‍යාලවලටත්, ඇතැම් පාසල් වලටත් පැවරීමට බලාපොරොත්තු වෙනවා.
පුරා විද්‍යා උරුමය පිළිබඳව පාසල් දරුවන් හඳුනා ගත යුතුයි. පිරිවෙන්වලින් පුරා විද්‍යා බැහැර නොවිය යුතුයි. මෙම සියලු කණ්ඩායම් සමඟ එකතු වී පුරා විද්‍යා කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා. පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේදී කැනීම් කිරීමේදී නඩත්තු කිරීමේදී පාලනය කිරීමේදී ඒ ස්ථාන සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් ලබා ගැනීමට සහ අනෙකුත් ආගමික නායකයන්ගේ අවවාද, අනුශාසනා ලබා ගැනීමට අප තීරණය කර තිබෙනවා.
දැනට සිදුකරණ පුරා විද්‍යා කැනීම් සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ පුරා විද්‍යා උපදේශක කමිටුවේ දී සමාලෝචනයක් කළා. ඒ සම්බන්ධයෙන් කමිටුවේ උපදෙස් ලැබුණා. ඒ වගේම මෙම කමිටුවේදී ගත් තවත් වැදගත් තීරණයක් තමයි, ලංකාව පුරා තිබෙන සියලු පුරා විද්‍යා ස්ථාන ඩ්‍රෝන කැමරා මඟින් නිරීක්ෂණය කර ඒවා සිතියම් ගත කිරීමට තීරණය කිරීම. මේ සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ මිනුම් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට සාකච්ඡා කළා. ඉතාමත්ම සුවිශේෂී ස්ථූපයක් වන නීලගිරි ස්ථූපය පුරා විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව සංරක්ෂණය කිරීමටත් තීරණය කළා. දීඝවාපිය සහ මිහිදු මහ සෑය ස්ථාන බෞද්ධයන්ට වැදුම් පිදුම් කිරීමට හැකි පරිදී ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉක්මනින් සිදු කිරීමටත් තීරණය කළා. පුරා විද්‍යා පනත සංශෝධන කිරීමේ මුල් කෙටුම්පත අද ඉදිරිපත් කළා. මෙම කෙටුම්පත පුරා විද්‍යා උපදේශක සභාවේ විමර්ශනයට ලක් කළා. එය ලබන සතියේදී බෞද්ධ උපදේශක කමිටුවට සහ මහජන අදහස් සඳහා ඉදිරිපත් කරනවා. සියලු දෙනාගේ අදහස් එකතු කරගෙන නව පුරා විද්‍යා පනතක් ගෙන එනවා. ඒ වගේම පුරා විද්‍යා භූමි නිශ්ශබ්ද කලාප බවට පත් කරනවා. මෙවිට කෑ ගැසීමට, රැස්වීම් පැවැත්වීමට නොහැකියි. ඒ තුළින් එම ස්ථානවල ගෞරවනීය භාවය රැකිය හැකියි. පුරා විද්‍යා ස්ථාන කැළිකසළවලින් තොරව පවත්වාගෙන යනවා.
රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යයක පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, ආයතනයක් කඩා වැටුණාට පසුව ඒ ගැන කතාබහ කිරීමට වඩා ආයතන රැක ගැනීමට ක්‍රියා කළ යුතු බවයි. සුදුසුකම් නොමැති නිලධාරීන් ආයතනවල තනතුරුවලට පත් කිරීම කිසිවිටෙක තමන් අනුමත නොකරන බව කී රාජ්‍ය ඇමැතිවරයා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ පිළිවෙළ නව මුහුණුවරකින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත්, රටේ ජනතාව පුරා විද්‍යා විෂයට සම්බන්ධකර ගනිමින් කටයුතු කරන බවත් පැවසීය. විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් ඒ සඳහා එක් කර ගන්නා බවද විදුර වික්‍රමනායක මහතා කීවේය.

No comments:
Post a Comment