වසන්තය ඇරඹුනා කියන්නේ ගිනි අවුලවන්න පුලුවන් කියන එක. කොරෝනා නිසා පසුබැහැපු ස්පාඤ්ඤ ෆැලේස් උත්සවය සාම්ප්‍රදායික දින මගහැර පවත්වයි.
ෆැලේස් උත්සවය 2016 නොවැම්බර් 30 වන දින යුනෙස්කෝව මානව
සංහතියේ අද්විතීය සංස්කෘතික උරුමයට ඇතුළත් කරන ලදී.
ද ෆැලෙස් යනු ස්පාඤ්ඤයයේ වැලෙන්සියා නගරයේ ශාන්ත ජෝශප් සිහි කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික සැමරුමකි. දින 05ක් මෙම සැමරුම පවත්වයි. සෑම වසරකම මාර්තු 15 සිට 19 මෙය පැවැත්වේ. ස්පාඤ්ඤයේ වාර්ෂිකව සමරනු ලබන සාම්ප්‍රදායික උත්සවය COVID-19 වසංගතයේ බලපෑම නිසා වසර 2 බාධාවකින් පසු දින වෙනස්වී සැප්තැම්බර් 2 වන දින වැලෙන්සියා නගරයේ නැවත ආරම්භ විය.
පාවෙන පෙළපාලියකින් සහ දැවැන්ත කාඩ්බෝඩ් මූර්ති වලින් සමන්විත සංදර්ශණය හා ගිණිකෙලි සංදර්ශනය මෙහිදී වැදගත් වේ. යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ වසන්තයේ උදාව සමග වඩුකාර්මිකයන් ලී කැබලි පුලුස්සා වසන්තය සැමරීමත් ඒ සදහා උපදෙස් දුන් වඩු කාර්මිකයන්ගේ අනුශාසක සාන්ත ජෝශප් වෙනුවෙන් උපහාර කිරීමත් සංඛේතවත් කරමින් නිර්මාණය කල සැමරුම් හා මූර්ති වීදි වල ගිනි තැබීම සිදු වේ.
ලොව දරුණුවටම COVID-19 බලපෑමට ලක්වූ ස්පාඤ්ඤයේ මේ වන විට 84000කට වඩා මිය ගියේය. ස්පාඤ්ඤයේ එන්නත් දෙකම ජනගහනයෙන් 70%කට සම්පූර්ණ කොට ඇති අතර යහපත් සෞඛ්‍ය පුරුදු ස්පාඤ්ඤය වැසියෝ බොහෝ ලෙස අමතක කොට දමා ඇත.
ගල්ඔය News
No comments:
Post a Comment