Sunday, September 12, 2021

නීතිය විෂයක් ලෙස පාසැල් විෂය නිර්දේශයට


රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයී අමාත්‍යවර

යා මේ බව සදහන් කළේ.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ජා වී තිබෙනවා.

එමෙන්ම වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසඳීම ප්‍රබල ගැටලූවක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවයි.

අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බවයි කාරක සභාවේ සාමාජික අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 02 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වුණා.

පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
#ගල්ඔය #News

No comments:

Post a Comment