අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනික භාණ්ඩ වර්ග 623 ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීන්දුව සම්බන්ධව අද (10) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතා
නගේ කරුණු පැහැදිලි කලා. "පිට දීප දේශ ජය ගත්තා - ආදි සිංහලුන්" යන ගීතය ද ප්‍රචාරය කරමින් ඔහු මෙලෙස කරුණු දක්වා සිටියා.
" පුරාවෘත්තයක් තියෙනවා විජය කුමාරයා ලංකාවට එනකොටත් කුවේණි කපු කටිමින් හිටිය කියල. අපි එහෙම තිබ්බ රටක්. අපේ ආණ්ඩුව සුද්දන්ගේ යට ඇඳුම් අපේ ජනතාවට අන්ඳන්නේ නෑ." යනුවෙන් ප්‍රකාශ කලා.
‘අපේ ආණ්ඩුව අපේ නායකයන් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ’
“අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්. එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. ඒක නිසා තමයි අපට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවෙ” වැඩිදුරටත් මන්ත්‍රී වරයා සදහන් කලා.
No comments:
Post a Comment