🔴බයියන් ඩී ඇස්ට වදින්නේ ඇයි?
🔴ටොයියන් 1815 තෑගි ඔප්පුවකින් රට පාවාදුන් අතර, අදද උන් විවිධ රාජ්‍යයන්ට ගැතිවෙමි
න් රට විවිධ ලෙස පාවාදීම් කරයි!
🔴1818 පරපුර යනු සිංහලයාගේ සටකාමීත්වය නිදහස හා නිවහල් බවේ පරපුරයි!
🔴එදා 1818දී සටන්කාමී ඌව වෙල්ලස්ස ජනයා සමූල ඝාතනය කරමින් තම නම්බුව රැකගත් බව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් ප්‍රකාශකලා.
🔴දිගාමඩුල්ල යනු යටත්විජිත සමයටත් කලින් ගොවිතැන් බත් කරමින් ජනාවාස කරනය වූ ප්‍රදේශයක්. නමුත් යටත්විජිත සමග ගොවිතැනෙන් එහා රාජ්‍යත්වය ආරකෂාකිරීම සේනා සැපයීම ආදී කැපකිරීම් නිසා ජනගහනය අඩු වුනා. 🔴යටත්විජිත සමයේ 1818 වන විට වෙල්ලස්ස සිංහල ලේ වලින් තෙත්වී සමූලඝාතනය වෙද්දීද, ඒ සටනේදී පසුබැස්ස, පලා ආ, මගහැරිය, දිවිගලවාගත් මිනිසුන් ආරක්ෂාවුනේ දිගාමඩුලු පින් බිම තුළයි. සටනින් දිවිගලවාගත් මේ පිරිස් ඉතා දුෂ්කරව වනගතව සැගවී දිවි ගෙවා නිදහසින් පසු සාමාන්‍ය ජනතාව සමග සම්බන්ධ වූවා. ගල්ඔය සංවර්ධන ව්‍යාප්තිය සමග අගමැති ඩීඑස් සේනානයක සමග සම්බන්ද වුන මේ ජනයාගේ අවසාන පුරුකක් මව්බිම පුවත්පතකට කල සටහනක්...
සේනානායක සමුද්‍රයට යටවුණු
මුල් ඉඩම්වල පදිංචි වෙලා සිටිය ජීවතුන්
අතර සිටින අන්තිමයා දිසානායක මුදියන්සේලාගේ සුදු බණ්ඩා. සේනානායක සමුද්‍රයේ බන්ට් එක බැදපු අය අතරින් ජීවතුන් අතර ඉන්න එකම කෙනා.
මේ ඔහු කියන කථාව...
මම උපන්නේ අම්පාර නාමල් ඔයේ. අමිමා,
කිරි අප්පකිරි අම්මා, පරණ කොටුවේ
ගල්ගොඩ ගමේ උපන් උදවිය. අද දහන්ගම
කියන්නේ ඒ ගමට. අපේ අම්මලාගේ වර්ගය වෙල්ලස්ස කැරැල්ලට බයේ තමයි කොටුවේ ගම්ගොඩ ඉදන් ඇවිත් තියෙන්නේ. අපි බයට පසුබැස්ස උදව් කියලයි වෙල්ලස්සේ ගමිකාරයෝ කිව්වේ. පස්සට පහුබැහැපු, බයෙන් පසුබැස්ස උදවිය බයියෝ වුණ. මගේ තාත්තා අප්පුහාමි. තාත්තාගේ තාත්තා හීන් අප්පු. ආ.... අමතක වුණා, අම්මාගේ
නම මුතු මැණිකා. ඒ කාලේ අද වගේ
නෙවෙයි. අපි හොඳ සාරට ජීවත් වුණා.
මට සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඒ
දෙන්නා අකාලේ මියැදුණ. අම්මයි තාත්තයි
මම උපදින කාලයේ තමයි අන්නාසි වන්නට
ඇවිත් තියෙන්නේ. බොහොම සාර ඉඩම්. ඒ
කාලේ මේ ප්‍රදේශයේ එහෙම කියලා මිනිස්සු පදිංචි නැහැ. වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ පහු බැහැලා ආපු මිනිස්සු පන්නල්ගමින් එහාට පදිංචි වුනා. අපි හිටියේ පන්නල්ගමින් මෙහා කොටසේ. එහෙම මිනිස්සු ඇවිල්ලා පන්නල් ගම පැත්තේ පදිංචි වෙන්න හේතුව පන්නල්ගම සියඹලාණ්ඩුවට ආසන්නව පිහිටි නිසා. සියඹලාණ්ඩුවෙන් එහා ඒ කාලේ
වෙද්දිත් මිනිස්සු පදිංචි වෙලා හිටියා.
ඇළ වේලි පවා එහෙ තිබුණ. ඒත්
පන්නල්ගමින් මෙහා අර පැත්තට වෙන්න
මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තිබුණේ නැහැ. දැන් අර අම්පාර ඉස්පිරිතාලේ, සේනානායක සමුද්‍රය, සමුද්‍රයේ පිටවාන, අර අම්පාර නගරයේ හතරමං හන්දිය කියන්නේ අපි මහ පොළොව එක්ක එකතු වෙලා පස පෙරළාගෙන හේන් කරපු ඉඩමිවලට. ඒ ඉඩම් අපේ පරම්පරාවේ අයටයි අයිති. සේනානායක උන්නැහේ ඒ ඉඩම්වලට ඇදින් අපිට කතා කරලා "පුතේ උඹලට තව අවුරුදු පහකින් උළු ගෙයක්, ළිදක්, නැත්නම් පයිප්ප වතුර, වැසිකිළියක් හම්බ වෙනවා. පනහෙන් එහාදී උඹලට හොඳ කලක් යනවා. මේ ටික දොහේදී දුක විදගනිල්ල.' කියලා. සේනානායක, බණ්ඩාරනායක උන්නැහේ
එක්ක වගකිවයුත්තේ පස්දෙනෙක් ඇවිදින්
එහෙම කිව්වම නොපිළිගන්න බැහැනේ.
පස්සේ සුදු මහත්තුරු ඇදින් බන්ට් එකේ
වැඩ පටන් ගත්තා. මුලින්ම ඒ අය කළේ
ඉඩම් මනින එක. සමුද්‍රය හදලා අහවර
වුණාට පස්සේ වතුර අල්ලන ගම්මාන වුණේ අන්නාසි වත්ත, කොස්සයිපොළ නිකවැරටිය, සේරුවත්ත, බුබුල. ඒ ගමිමාල උදවියට
තමයි මුලින්ම කොලනි ඉඩම් එහෙමත්
නැත්නම් බෝඩ් ඉඩම් දුන්නේ. මම අවුරුදු
4ක් බන්ට් එකේ වැඩට අත් උදවු වුනා.
විදුලිබල මණ්ඩලයේ අවුරුදු හතරක්ම
වැඩ කළා. මොන ආයතනයක වැඩ කළත්
ඒ ආයතන හැම එකක්ම අන්තිමට වැඩ
කළේ සේනානායක සමුද්‍රය වෙනුවෙන්.
වැඩ කරලා පඩි නඩි ගත්තත් ඒ මුදලින්
බඩු බාහිරාදිය මිලට ගන්න හැකියාවක්
අම්පාරේ තිබුණේ නැහැ. කල්මුණේට
නැත්නම් බිබිලට එහෙමත් නැත්නම්
සම්මන්තුරේට යන්න ඕනෑ බඩු බාහිරාදිය
මිලට ගන්න. නාමල් ඔය ඉදලා බිබිලට
යන්න වැටිලා තිබුණ අඩි පාර ඒ කාලේ
හැඳින්වුණේ හාල් පාර කියලා. හාල් පාර
කියන නම වැටුණේ මේ පැත්තේ උදවිය
හාල්ම ගේන්න ඒ පාර දිග බිබිලට ගියපු
හින්දා. අනෙක් අඩි පාර කල්මුණේට
සමන්තුරේට වැටිලා තිබුණේ හරියටම
සේනානායක සමුද්‍රය මැදින්. බර කරත්ත
තිබුණේ නැහැ බිබිලට යන්න දවස්
දෙකක් ගියා. අම්පාර ඉඳලා බිබිලට
යන පාරේ සැන් රක්ෂිතයට අයිති
කොටසක විශාල කන්දේ ගලක්
තියෙනවා. ඒ කාලේ බිබිලට යන උදවිය
ඒ ගල උඩ තමයි පළමුවැනි දවසේ
රැය ගත කරන්නේ. කල්මුණේට එක
දවසකින් යතහැකි. අමු ම්රිස්, වේලිච්ච
මිරිස්, මී පැණි වගේ දේවල් කර ගගෙන
අරගෙන යනවා. ඒවා අස්සේ හංගගෙන
කංසා ඩිංගකුත් අරගෙන යන්වා. අපි
කාලයක ඉඳලා දන්න මට්ට ඇත්තෝ
තමයි බොහොම හොරහින් කංසා ඩිංග
සල්ලි කරන්නේ. ඒ සල්ලිචලින් කමුණෙන්
බඩු අරන් ආපිට එනවා. මිරිස්වලට දාලා
කර බැඳගත්තාම කංසා ගැන වගක්
පොලිසියට නැහැ.
ඔය කාලේ ගල්ඔය බෝඩ් එකේ වැඩට
ලංකාවේ හතර දිග් භාගයෙන් මිනිස්සු
ආවා. නාහෙට අහන්නේ නැති උදවියත් ඒ
අතර. පොකුටු ගුණේ කියන්නේ ඒ වගේ
චරිතයක්. පොකුටුගුණේ බොහොම
ගුණ යහපත්. අසාධාරණය පෙන්වන
බැහැ. තුර්වේලටම තලප එක්ක දඩමස්
ගිලිනවා. ඉස්පාසුවක් ගන්නේ නැතිව
යන්ත්‍රයක් වගේ වැඩ කරනවා. ඒ කාලේ
මට්ට ඈයෝ ගල්ඔය බෝඩ් එකේ වැඩට
ආපු අයට හයිරන් පෙන්නුවා. පස්සට පහු
ගල්ඔය බෝඩිකාරයෝ එකතු වෙලා මුස්ලිම් ගම්මානචලට ගිහින් එකට එක කළා. ඊට පස්සෙයි උන්දැලා නිශ්ශබ්ද්ද
වුණේ.
මගේ අප්පාගේ නම හීන් මුත්තා. උන්දෑ පදිංචි වෙලා හිටියේ ඉගිනියාගල.
ඔයෙන් එගොඩ. අන්නාසි
වත්තේ අපේ ඉඩම් සමුද්‍රයට යට වුණා ඉඩම්වල හිටිය මුල් පදිංචිකාරයෝ අපූරු
චාරිත්‍රකාරයෝ. ගම් ගොඩැල්ලේ ගෙවල්
ඔන්කොම කඳ පොතු ගෙවල්. ගහක
කඳයි පොත්තයි තමයි මූලික. මොකද
කැලෑ හෙළිපෙහෙළි කරගෙන ඒක
හේනක් කොටලා ඒ හේ අතහැරලා
වෙනත් හේනකට යනවා මිසන් ස්ථිර
පදිංචියක් ඒ කාලේ තිබුණේ නෑ. ඒකයි යන යන තැන කඳ පොතු ගෙවල් හදා ගත්තේ. අව්වයි වැස්සයි, සතා සරුපයාගෙන්
ආක්ෂා වෙන්න විතරයි කඳපොතු
ගෙවල් වුවමනා වුණේ. ඒ ගෙදරක මරණයක් වුණ කියමු, ඒ ගෙදර අතහැරලා දාලා නව ගෙයක් හදා ගන්නවා.
අවුරුදන් අවුරුද්දට අලුත් ඉඩමක් සොයාගෙන ඒ පස පෙරළලා බඩ ගින්දර නිවා ගන්නවා මිසක් ස්ථිර පදිංචියක් ගැන කවුරුවත් හිතුවේ නැහැ. ස්ථිර පදිංචීයට හුරු පුරුදු වුණේ කොලනි ගෙවල් ලැබුණට පස්සේ. කොලනි ගෙවල්වලට අපි වගේ බයියෝ හුරු වුණේ හරි හෙමින්, හදලා
දුන්නු කොලනි ගෙවල්වල පොළොවේ සිමෙත්ති කඩලා දාලා ගොම මැටි ගා ගන්නවා. ඒ පොළොව ලිස්සයි කියලා බයට. පෙළක් බයියෝ කොලනි ගෙවල් විතරක් නෙවෙයි. මුළු ගම්මිමානම ඇරලා ආයෙත් පාරක් පිටියේ ඉඩම්වල කඳපොතු ගෙවල් හදා ගත්තා. සේනානායක උන්නැහේ පෞැද්ගලිකවම ගිහින් එහෙම ඈයෝ ගැන විපරම් කළා. සේස්නානායක උන්නැහේ නොවයි බුදුන් කිව්වත් බයියෝ ගල්ඔයේ බෝඩ් වෙන්න මනාප වුණේ නැහැ.
🔴කඳපොතු ගෙය අත්හැරුණා - රට උලු ගෙය හම්බඋනා.
සේරන් කාලිං පැසුණ - බයියෝ නිකම්
දෙයියෝ වුණා.
ඒ කාලේ අපිට මිනිස්සු හදපු කයි කතා කවි.
කදපොතු ගෙය අතඇරලා රට උළු ගෙට එද්දී එලන්කාලිය කියන වී අස්වැන්නත් උළු ගේ ඇතුළට ඇවිදින්. අලුත් ගේකුයි
හොඳ අස්වන්නකුයි ලැබුණාට පස්සේ බයියෝ දෙවියෝ වුණ කියලයි ගල්ඔය බෝඩිංකාරයෝ කීවේ. ඒ කථාවේ ඇත්තකුත් තියනවා. සේනානායක
උන්නැහේ අලුතින්ම වැසිකිළි හැදුවා. මහ ගස් කොච්චර බිම ඇද වැටිලා තිබුණත් ඒ ගස්වල ලී අරගෙන දොර ජනෙල් හැදුවේ
නැහැ. ඒවා හැදුවේ යකඩෙන්. එහෙම කළේ කොලනිකාරයන්ට ආදර්ශයක් දීලා ගස් කොළන්වල අගය පහදලා දෙන්න. ඒත්
ඇත්තටම අපේ බයියයෝ ඒ වගේ දේවල්වලින් ඉගෙන ගත්තේ නැහැ. වැසිකිළියක් හදලා දුන්නත් ඒක පාවිච්චි කරන්න මිනිස්සු දැනගෙන හිටියේ නැහැ,
පෙලක් ගම්මානවල වැසිකිළිවල වහලේ පස්සෙ අතුරුදන් වුණා. ඒ අහවල් කාරිය
කරද්දී අහස පේන්නේ නැති හින්දා.
මිනිස්සු ගොවිතැන එක්ක දඩයමටත්
හුරු වුණා. ඔන්න ඔය කාලේ තමයි වේළපු දඩමස්වලට සමන්තුරෙන්, කල්මුණෙන්
හොද ඉල්ලුමක් ලැබුණේ. කොටන තුවක්කු
වෙනුවට පතරොම් තුවක්කු කරළියට ආවා. ගෝනු ඌරා මුවෝ තමයි දඩයමට
වටිනා සත්තු. හතර දෙනෙක් එකතු
වෙලා දඩයම වෙනුවෙන් රෑ දෙක තුනක්
කැලේ ගත කරනවා. ඒ කරලා දඩයම්
කර ගත්තු සත්තුන්ගේ මස් කොලනියේ
ගෙවල් අතරේ බෙදනවා. කලින් කාලේ
වගේ ඒ කාලේ පතරොම් තුවක්කු නැහැ. තිබුණේ කැප් තුවක්කු. වෙඩි බෙහෙත් කොටලා තමයි ඒ තුවක්කුවලින් දඩයම් කළේ කැප් තුවක්කුචලටත් වඩා දඩයමේදී
විශ්වාසය තිබ්බේ හබක, ලූල් වගේ
සත්තු දඩයම් කරන උගුල් වලට.
දඩයම් සාරවෙලා අතමිට මිල මුදල්
ලැබෙද්දී පතොරම් තුචක්කු සුලබ දෙයක්
වුනා. රුපියල් අසූ පහකට අනූවකය හොඳ
පතරොම් තුවක්කුචක් ගන්න පුළුවන් වුණා. ඒ කාලේ පතරොමක් සන හැටයි.
ඒ කාලේ දොස්තරලා නැහැ. වෙඳ මහත්තුරු තමයි බෙහෙත් කළේ ඖෂධ ජාති හැදුවේ කොළපොතුවලින්. අසාධ්‍ය
ලෙඩෙක් සරම අස්සෙන් ලීයක් දාලා ඒ
සරම උඩ වාඩි කරලා දෙන්නෙක් කර
ගහගෙන ඉස්පිරිතාලෙට අරන් ගියා.
ඉස්පිරිතාල තිබුණේ කල්මුණේ එහෙම
තැන්නම් මොනරාගල. මොනරාගල සිරිගල
ඉස්පිරිතාලේ ඒ කාලේ හරි ප්‍රසිද්ධයි.
උදේ රැයින් පිටත් වුණත් හැන්දෑවෙද්දී
ලෙඩාව ඉස්පිරිතාලෙට අරගෙන යතහැකි.
එහෙම යද්දී ලෙඩු මැරිලත් තියෙනවා.
මැරිලා කියලා දැනගත්තම ආපසු හැරෙනවා. ගල් ගොඩැල්ලට ඇවිත්
හතරදන්නෙක් එක්කාසු වෙලා වළක්
කපලා වළ දානවා. කෝටු කෑලි අටකින්
තමයි මිනිය තියෙන මැස්ස හසන්නේ.
හයක් හරහට දිග ලී කෑලි දෙක දිග
අතට. මැරූණු කෙනා වෙනුවන් දානයක්
මානයක් දෙන්නේ බොහොම අමාරුවෙන්.
පැත්ත පළාතට පන්සලක් නැහැ. පන්සල්
තිබුණත් පන්සල්වල හාමුදුරුවරු නැහැ
හාමුදුරු නමවල් දෙතුන් දෙනෙක් වැඩ
හිටිය පන්සලක් තිබුණේ උහන. දවසකට
කලින් දානෙට වුවමනා කළමනා පොදි
බැඳගෙන උහනට හිහින් එදා රෑ පන්සලේ
නතර වෙලා පහුවදා තමයි දානය
පිළිගන්වන්නේ. මේ කැලේ මැදින් උහනට
යනවා කියන්නේ මරණයට අත වනනවා
වගේ වැඩක්.
Galoya News
No comments:
Post a Comment