Saturday, September 4, 2021

රුසියානු යුද චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව


රුසියානු යුද චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව ITN නාලිකාවෙන්, අද රාත්‍රී 10.30ට.
වසර ගනනාවක් යුධ වැදී පලපුරුදු පනස්පන් ලක්ෂයක ජර්මන් සේනාවක් රුසියාව සමග ඇති කොටගත් ගිවිසුම් ඉරා දමමින් සෝවියට් දේශයට කඩාවැදුනෝය. කිසිදු සදාචාරයකට යටත් නොවුන මේ පහරදීම හමුවේ සෝවියට් හමුදාවන් පසුබැසීම හැර විකල්ප

යක් නොවීය. ජර්මනිය මොස්කව් නගරය දක්වා සටන මෙහෙයවූ අතර සෝවියට් දේශය ශීත සෘතුවකට සූදානම් නොවූ ජර්මන් භටයන් සිටිනා බව හැඳින හැකි තරම් ආක්‍රමණ වේගය අඩු කරමින් ජර්මන් හමුදාව රදවාගනිමින් සීත සෘතුවේදී පහර දීම් ඇරඹුවද මහා ලේ වන්දියක් ගෙවීමට දෙරටට සිදුවිය. සෝවියට් හමුදා ජර්මන් සේනාව ජර්මනිය දක්වාම පන්නා දමමින් එම භූමින් අත්පත් කොට ගත් අතර, හිට්ලර්ගේ පරාජයට මෙය ප්‍රභල හේතුවක් විය ජර්මනියට බටහිරින් පැමිනි ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා හා රුසියන් හමුදාව බර්ලිනයේදී හමුවන අතර, මුලු ලොවම යුද්ධ වලින් හෙම්බත්ව සිටි වෙලේ තාප්පයකින් දේශසීමා බෙදාගෙන 11වන ලෝක යුද්ධයේ ප්‍රධාන කොටස අවසන් කලා. මේ කාළය තුල රුසියන් ජනතාව ගෙවූ ලේ වන්දිය වෙනුවෙන් ඔවුන්ගේ වීරෝදාරත්වය මතුකල යුධ සිනමාවක් දැකිය හැකියි.

රුසියානු සිනමා දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකේය සිනමාලෝලීන්ට කොළඹ රුසියානු මන්දිරය හා ස්වාධීන රූපවාහිනිය  මගින් පිදෙන සුවිශේෂී තිළිණය.....
වසර 125ක අතීතයකට හිමිකම් කියන ශ්‍රේෂ්ඨ රුසියානු සිනමාවේ නවතම අද්දැකීම ඔබට ලබාදෙමින්, 1941 ඔක්තෝබරයේ දෙවන ලෝක යුද සමයේ, මොස්කව් සටන වෙනුවෙන් දිවිපිදූ පදෝල්ස්ක් ශිෂ්‍ය භටයන්ගේ වීර ක්‍රියා ඇසුරින් සත්‍ය සිද්ධි පාදක කරගනිමින් 2020 නිර්මාණය වුනු නවතම සිනමා නිර්මාණය, 

“The final Stand” 

1941 ඔක්තෝම්බර් මාසයේදී මොස්කව් නගරයෙන් පිටත පෝඩොල්ස්ක් ශිෂ්‍ය භටයින්ගේ වීරෝදාර හැගීම් පිලිබදව  මෙම චිත්‍රපටයෙන් කියවේ. 
පොඩොල්ස්ක් පාබල හමුදාව සහ කාලතුවක්කු පාසල් වල ඉලඩින් ආරක්ෂක භටයින් සෝවියට් 43 වන හමුදාවේ බලකායන් සමඟ ජර්මානු හමුදාව සමග ඉදිරිපෙල සටන් සඳහා යැව්වේය.  බලාපොරොත්තු රහිතව අභිබවා යමින්, නව යොවුන් වියේ පසුවන තරුණයන් මොස්කව් දෙසට ඉදිරියට යන  සුපිරි ජර්මානු හමුදාවන්ට බාධා කිරීම සඳහා සති දෙකකට ආසන්න කාලයක් පැවති සටනේදී සිය ජීවිත පූජා කළහ.  මෙම චිත්‍රපටය යුද්ධය ගැන පමණක් නොවේ.  එය ආදරය, සැබෑ සුහදතාවය සහ ළමා වියේ සිට පෞර්ෂත්වය දක්වා යන මාවත ද වේ.  මොස්කව් නගරයෙන් පිටත අවසන් ආරක්ෂක වළල්ල ආරක්ෂා කිරීමට කෙඩෙට් භටයින් සහ ඔවුන්ගේ අණ දෙන නිලධාරීන් 3,500 ක් පමණ යවන ලදි.  ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තවමත් එතැනයි.
ගල්ඔය News

No comments:

Post a Comment