Sunday, September 12, 2021

ජයන්ත කැටගොඩ නැවතත් පාර්ලිමේන්තුවට


රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම හමුවේ පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ

 මහතා පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා ඒ බව සඳහන් කලා.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු වරම් ලබාගැනීම වෙනුවෙන්ද ඉල්ලා අස්වූයේ ජයන්ත කැටගොඩ මහතායි.

No comments:

Post a Comment