Friday, October 15, 2021

මහ කන්නයට ආපු කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්


මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙ.ටොන් 30000ක් අද (13) කොළඹ වරායෙන් ගොඩ බාන ලදි.


ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද (13) රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කර ඇත.

අපට කාබනික පොහොර එවපු ලිතුවේනියාවේ කෘෂිකර්මාන්තය ක්‍රි.පූ 3000පමණ දක්වා දිවයයි. අතීතයේ සිටම ලිතුවේනියාව භෝග අපනයනය සදහා යොමුව තිබුනි. 2004 දී ලිතුවේනියාව යුරෝපා සංගමයට ඇතුළත් වන අතර 2006 වන විට ලිතුවේනියාවේ කාබනික ගොවිතැන සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ඇරඹේ.
කාබන් අඩංගු සංයෝග කාබනික සංයෝග ලෙස හදුනවයි. කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග ලෙස හදුන්වයි. නමුත් ලංකාවේ කාබනික වගාවේදී කාබනික යන්න නිර්වචනය ගතානුගතික අත්තනෝමතික නිර්වචනයක් බව සොයාගෙන ඇත. පොටෑසියම් ශාඛ වර්ධනයේදී අත්‍යාවශ්‍ය සාධකයක් නිසා පොහොර ලෙස භාවිතා කරයි. Kcl ස්වාභාවිකව වැව් පතුල්යට හා මහුදු යට ඇති අතර මේවා යුරෝපයේ විශාල ලෙස නිස්සාරණය කරනු ලබයි. තතු කෙසේ වුවද  kcl කාබනික සංයෝගයක් ලෙස ලංකාවේ භාවිතා කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියා කරයි!😄😄😄😄😄😂
Galoya News
#Galoya #News #ගල්ඔය #අම්පාර #කාබනික #ගොවිතැන #organic #Ampara

No comments:

Post a Comment