අම්පාර හා හම්බන්තොට අතර ඉහළ අහසින් වැටුණේ, මකුළු දැල් බව විද්‍යාත්මක අදහසක් ලෙස මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශකොට තිබුනත් ඒ පිළිබද ජනයා තුල තහවුරු වූ විශ්වාසයක් නොමැත. සුනාමියක් ගැන මුලදී ඇහුවත් අපේ ඉතිහාසය තුල එවැනි මුහුද ගොඩගැලීමක් ගැන අසා තිබුනා. ඒත් මකුළු දැල් වැස්සක් ගැන අපේ රටට අමුතු දෙයක්. අප ජෛව පද්ධතියේ සිටින බැක්ටීරියා දිලීර ගැන පවා අසා තිබුනත් මෙහෙම මකුළුවෙක් අපේ ජෛව පද්ධතියතුල සිටිනා බව දැනුමක් සාමාන්‍ය විද්‍යාව හැදෑරූ අය කුල පවා නොතිබීම අවිශ්වාසයට බලපෑ ප්‍රධාන හේතුවයි.
පසුගිය දිනක අම්පාර සහ හම්බන්තොට දක්වා ප්‍රදේශ කිහිපයකට මකුළු දැල්වලට සමාන යමක් ගුවනින් පතිත විය.
වහා ක්‍රියාත්මක වූ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසුවේ එම දැල් විශේෂය පතිත වූ ස්ථාන තම නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබූ බවයි.
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් පැමිණ වැඩිදුර පරීක්ෂණ සඳහා සම්පල් කිහිපයක් ලබා ගත් අතර ඒවා හම්බන්තොට පරිසර අධීකාරි කාර්යාලයට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ බද ඔහු කියා සිටියේ ය.
මෙම මකුළු දැල් වැනි ද්‍රව්‍ය විශේෂය ගුවන් යානා ක්‍රියාකාරකමක් හේතුවෙන් ඇති වූ සිදුවීමක් නොවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශයක ගෘප් කැප්ටන් දුශාන් විජේසිංහ මහතා අප කළ විමසීමකදී කියා සිටියේ ය.
මේ අතර සිරියාවෙන් 2012 දී මෙවැනි සිදුවීමක් වාර්තා විය.
ඒ පිළිබඳව ප්‍රසිද්ධ කර ඇති විද්වත් ලිපියට අනුව මකුළු දැල් වැනි ද්‍රව්‍ය පිළිබඳව තවත් මතයක් පළ කර තිබේ.
එම ලිපියේ සඳහන් වන්නේ රේඩාර් තරංගවලට හසු නොවන අයුරින් යුද ගුවන් යානා පියාසර කිරීමට මකුළු දැල් වැනි ද්‍රව්‍යයක් ගුවනට මුදා හරින බවයි.
ඒවා ෆයිබර් හා ප්‍රෝටීන් යොදා ගෙන සකස්කර ඇති අතර ගුවනේ සිට මුදා හැරීමෙන් පසුව කුඩා කැබලිවලට කැඩී විසිරී යන බව එම ලිපියේ සඳහන් ය.
මෙවැනිම ද්‍රව්‍ය 1990 සහ 1993 කාල සීමාවේ කොඒෂියාවෙන් ද හමුවූ බව එහි සඳහන් විය.
NEWS1ST
ගුවන් යානා හදුනා ගැනීම සහ ලුහුබැඳීම සඳහා වඩාත් පොදු තාක්ෂණය වන්නේ රේඩාර් ය. ගුවන් ගමනාගමන කළමනාකරණයේදී රේඩාර් අත්‍යවශ්‍ය මෙවලමක් වුවද, ප්‍රහාරක මිලිටරි මෙහෙයුම් වලදී එය ගැටළුවක් වන අතර එමඟින් ගුවන් යානා තම ඉලක්කයට පහර දී සොයා ගත නොහැකිසේ පැන යාමට අවශ්‍ය වේ.
රේඩාර් අවශෝෂණ ද්‍රව්‍ය (RAM) යනු රේඩාර් මඟ හරීම හෝ හදුනා ගැනීමට භාදාකරන අමුද්‍රව්‍යයි.
මේ ක්‍රමවේද රාශියකි. රහසිගත මිලිටරි ගුවන් යානා මතුපිටට යොදන පොලිමර් පදනම් කරගත් ද්‍රව්‍ය විශේෂයක ක්‍රියාවලි, තීන්ත වර්ග, රේඩාර් තරංගය වෙනත් ද්‍රව්‍යයකට මාරු කිරීම, කාබන් නැනො ටියුබ් ආදී බොහෝ ක්‍රම තිබුනත් භාවිතාකරන මූලධර්ම සහ අමුද්රව්යන්ගේ සංයුතිය පිළිබඳ තොරතුරු හමුදාවන් විසින් ආරක්ෂා කෙරේ.
Galoya News
No comments:
Post a Comment