Friday, October 8, 2021

අම්පාරේ පැරණිම ගොඩනැගිල්ල


අම්පාර බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ පරිපාලනයක් ගැන තිබෙන එකම සාක්ෂිය #උහන #ඩිස්පැන්සරිය. මෙය 1927දී ඉදිකොට ඇත. එකල අම්පාර පරිපාලනය මඩකලපුව මගින් සිදුව ඇත. 

නිදහසට පෙර උහන ජන කේන්ද්‍රයයක් බවට පත්ව ඇත. උහන පැරණිගම ගල්ඔය ජනපදය ආරම්භයේදීත් තිබී ඇත. #උහන #පැරණිගම වෙල්යායෙන් එහා ⁣⁣ඓතිහාසික උදයගිරිය රජමහා විහාරයයි. මේ ඩිස්පැන්සරියේ වෛද්‍ය වරයෙක් හිද ඇති අතර, ඔහුට වෙනම නේවාසික ස්ථානයක්ද තිබී ඇත. මේ වෛද්‍යවරයා බෙහෙද් දීමට කරත්තයකින් නාමල්ඔය, කෝමාරිය, කහගොල්ල ආදී ප්‍රදේශවලට ගොස් ඇත.
1911පමන වන විට මැලේරියා වසංගතය රටම ගිලගත් අතර මැලේරියා මර්ධන කේන්ද්‍රය බිහිවන්නේ මේ කාල වකවානුවේදීයි. ඒ අනුව බිහිවූ රෝහලක් ලෙස උහන ඩිස්පැන්සරිය හැදින්විය හැකිය.
කෙසේ නමුදු යටත් විජිත පාලක බ්‍රිතාන්‍ය ඉදිකිරීම් සම්ප්‍රදායෙන් ඉදිවුන මෙම ගොඩනැගිල්ල ගල්ඔය ජනපදිකයන්ගේ ඉතිහාසයේ වැදගත් ස්ථානයකි. මෙය කඩා බිද දමා නව රෝහල ඉදිකිරීමට උත්සාහකලත් ප්‍රදේශවාසීන් මැදිහත්ව එය නවතා ඇත.
Galoya News
#ගල්ඔය #News #අම්පාර #උහන #ඩිස්පැන්සරිය #පැරණිගම #
#Galoya #News

No comments:

Post a Comment