Monday, February 27, 2023

අම්පාර පුරා විසිර තිබී ක්‍රමාණුකූලව විනාශයකට යන කතුරුපිල පැලෑටිය.



අතීතයේ පටන් දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල භාවිතා වූ ඉතා වටිනා අගනා ඖෂධීය පැළෑටියක් ලෙස කතුරුපිල හැඳීන්විය හැකිය. පිල වර්ග රාශියක් දක්නට ලැබෙන අතර දේශීය වෛද්‍යවරුන්ගේ මතයට අනුව එම සෑම වර්ගයකම ඖෂධීය ගුණයේ සැලකිය යුතු වෙනස්කම් නොමැත.

නිවැරදි කතුරුපිල ශාකයේ පත්‍රිකාවක් දෙපසට ඇද්ද විට M අකුරේ හැඩයට කතුරකින් කැපුවාක් වැනි තියුණු දාරයක් සහිතව කොටස් දෙකකට වෙන්වීම සිදු වේ. මේ නිසාම කතුරුපිල නාමය ලැබුණු බවට මතයක් ඇත.

මීට දශක කිහිපයකට පෙර සුලබ පැළෑටියක් වූ කටුපිල  වගාවන් සඳහා කැලෑ එළි කිරීම හා වල් නාශක භාවිතය නිසා අද ඉතා අඩුවෙන් දැකිය හැකි ශාඛයක් වී ඇත.

අක්මාවට හා ප්ලීහාවට ඉතා ගුණදායක ඔසුවක් ලෙස හැඳීන්වෙන මෙම ශාකයේ මුල් විශේෂයෙන් විදුරුමස්වලට හිතකර ද්‍රව්‍යයක් නිසා දත් මැදීම සඳහා යෝග්‍ය වේ. මෙහිදී දැහැටි කූරු සඳහා මෙහි දඬු හා මුල් භාවිතා කරනු ලබයි. මේ අතර අක්මා රෝග හා පිළිකා රෝග සුවකරන ගුණ යුතු වේ- තවද අන්ත්‍ර වල රෝග සුව කරයි. සුළු විෂ නසන අතර හෘදයට හිත කරයි. ලේ වඩා රුධිරය පිරිසිදු කරයි. එසේම සමට හිතකර වන අතර පිළිස්සුම් හා කුරුලෑ සුව කරයි.

තව ද ගම්බද ජනතාව මිදුල ඇමදීමට ඉදල් වශයෙන් මෙම කතුරුපිල ගස් කපා භාවිතා කරති. කමත අතුගෑමටත් තම පිල අතුගෑමටත් කටුපිල ඉදලක් ඉස්සර තිබුනි.  නයිට්‍රජන් සහිත ශාකයක් නිසා පස සාරවත් කරයි. එනිසා මුඩු ඉඩම්වල පස සරු කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

මෙම ශාකය ඖෂධීය වටිනාකමින් යුතු ශාකයක් වන අතරම පස සංරක්ෂණය කරන ශාකයක් ලෙස ද වැදගත් වේ. තව ද මෙහි 50 % ක් මල් පිපුණු අවස්ථාවේ දී බිම් කොටා පස සමඟ මිශ්‍ර කිරීමෙන් කොළ පොහොරක් ලෙස පසට යෙදිය හැක.

කතුරුපිල ජන්ම භූමිය අප්‍රකට නමුත් ඉන්දියාව, මියන්මාරය, මලයාව, චීනය, ඕස්ටේ‍්‍රලියාව, පිලිපීනය සහ අප්‍රිකාව වැනි රටවල නිවර්තන හා උෂ්ණ කලාප වල දැකිය හැකිය.

කතුරුපිල ශාකයේ ස්වරූපය

මෙය මීටරයක් දක්වා උසට වැවෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා ශාකයකි. සමාන්තරව පිහිටන පත්‍රිකා යුගල 7 - 10 ක් පමණ සහ කෙළවර තනි පත්‍රිකාවක් සහිතව සංයුක්ත පත්‍රයකි. පත්‍ර මතුපිට තද කොළ පැහැතිය. යටි පැත්ත ලා පැහැතිය. සරල පත්‍ර දාර සහිත කෙළවර පළල්වන නාරටි පැහැදිලි පත්‍රිකාවකි. අතු කෙළවර පිහිටන පුෂ්ප මංජරිය ලා දම්, සුදු පැහැති මල් ඇති වේ. මෙහි ඵලය කරලකි.

එක් කරලක බීජ 5 - 6 ක් පමණ ඇත. මේරූ බීජ තද දුඹුරු පැහැතිය.

මෙම ශාකයේ මල් හට ගැනීම ජූලි, නොවැම්බර්, දෙසැම්බර් මාස වලදීද සිදු වේ.

කතුරුපිලවල ඖෂධීය අංග පංචාංගයම ගනු ලබයි.

කතුරුපිලවල රසායනික උපාදාන ප්‍රධාන වශයෙන් Quercitril  සහ ඇල්බියුමින් අඩංගු වේ. ඊට අමතරව මැලියම් සහ ක්ලෝර්පීල් සමඟ මැංගනීස් අඩංගු වේ

 #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon 
#Srilanka #Ampara  #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya


No comments:

Post a Comment