සමස්ත ලෝකයම කොරෝනා සතුරා සමග සටන් වදින අතරතුර උතුරු කොරියාව අද (21) උදෑසන මිසයිල දෙකක් අත්හදා බැලීමට ක්‍රියා කරන්නේ ඒ අනුවයි.
දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පියොන්ගන් පළාතේ සිට උතුරු කොරියාව එලෙස ජනපන් මුහුද දෙසට කෙටිදුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බවයි.
අදාළ මිසයිල දෙක කිලෝමීටර් 50 උසක් පවත්වා ගනිමින් කිලෝමීටර් 410ක දුරක් ගමන් කර ජපානයට ඔබ්බෙන් වූ මුහුදට පතිත වී ඇති අතර ඒ බව ජපාන වෙරළාරක්ෂක බලධාරීන් ද තහවුරු කර තිබේ.
උතුරු කොරියාවේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳ අදහස් දක්වමින් දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා පවසන්නේ, උතුරු කොරියාව තවදුරටත් මිසයිල අත්හදා බැලීම් සිදු කරන්නේ ද යන්න පිළිබඳ සිය රට අධීක්ෂණය කරමින් සිටින බවයි.
මුළු ලෝකයම කොරෝනා වංසගතය සමග සටනක නිරතව සිටින මෙවන් මොහොතක උතුරු කොරියාවේ මෙම හැසිරිම අතිශය නුසුදුසු ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හා මිසයිල වැඩසටහන අවසන් කිරීමේ සකච්ඡාවලට ප්‍රවේශ වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය හා චීනය දිගින් දිගටම කළ ඉල්ලීම් නොතකමින් උතුරු කොරියාව මේ මස මුලදී ද මිසයිල කිහිපයක් අත්හදා බැලී ය.
මෙම අත්හදා බැලීම සිදු වන්නේ, උතුරු කොරියාව අප්‍රේල් 10 වනදා පාර්ලිමේන්තුවේ උත්තරීතර මහජන සමුළුවේ සැසිවාරයක් පවත්වන බව නිවේදනය කර ඇති පසුබිමකදී වීම විශේෂත්වයකි.
උතුරු කොරියාවෙන් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවක් ප්‍රකාශ වී නොමැත.
කෙසේ වෙතත් උතුරු කොරියාව කොරෝනා වෛරසයේ මූලාරම්භය සිදු වූ චීන දේශසීමාවේ පිහිටා තිබීම මෙන්ම දකුණු කොරියාවෙන් මේ වන වටි කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති පසුබිමක උතුරු කොරියාවෙන් කිසිදු රෝගියෙකු වාර්තා නොවූවා ය යන්න, පිළිගත නොහැක්කක් බව විශේෂඥ මතයයි.
No comments:
Post a Comment