Saturday, March 28, 2020

කොරෝනාවෙන් මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙද්දී ලංකාවේ දී සිදුවූ පලමු මරණය වාර්තා වේ....!

කොරෝනාවෙන් මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙද්දී ලංකාවේ දී  පලමු මරණයත් සිදුවේ..!

 කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ලංකාවේ සිදුවූ ප්‍රථම මරණය අද වාර්තා විය. ඒ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාරවිල පදිංචි කරුවෙකු වූ වයස අවුරුදු 60 ක පිරිමි රෝගියෙකි. ඔහු   වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට මුහුණ දුන්, දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු
රෝගියෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිල වශයෙන් ප්‍රකාශ කරයි. 

නමුත් කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා වාර්තා වූයේ මීට දින කිහිපයකට පෙර ස්විට්සර්ලන්තයෙනි. ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වූ දෙමළ ජාතික ශ්‍රී ලාංකිකයෙකු වූ ඔහු එහි අර්ධ පුරවැසි භාවය සහිතව ජීවත් වී තිබේ.  ස්විස්හි සෙංගාලන් පළාතේ, රපෙසීල් නගරයේ, යෝනා ගමේ තට්ටු නිවාසයක හුදකලාව ජීවත් වූ 59 වියේ පසු වූ ඔහු ලංකාවේ යාපනයේ පුංගුඩුතිව් ප්‍රදේශයේ උපන් අයෙකි. කොරෝනා රෝගයට ගොදුරු වූ ඔහුට නිවසට වී ස්වයං නිරෝධානයක යෙදෙන්නැයි උපදෙස් ලැබී ඇති අතර අසල නිවසකට ආහාර සැපයීම පවරා තිබිණ. 26 දා උදෑසන ආහාර දීමට පැමිණි අසල්වාසියා නිවසේ සීනුව කිහිපවරක් නාද කළද ඔහු දොර හැර නැති විට බලධාරීන්ට දැනුම් දීමෙන් පසු දැන ගෙන ඇත්තේ 25 දා රාත්‍රී ඔහු නිවස තුල මිය ගොස් ඇති බවයි. ඔහුගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේ දී සිදුකෙරිණ. ඔහුද දියවැඩියා රෝගයෙන් පෙළුනු අයෙකි.

No comments:

Post a Comment