COVID 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමෙහිලා ලොව හොඳම ප්‍රවේශයන්ගෙන් එකක් ලෙස පැසසුමට ලක්වෙන දකුණු කොරියානු 3T ක්‍රියාන්විතය
මේ මොහොත වනවිටත් දකුණු කොරියාව ලොව වටා නාකයින්ගේ ප්‍රශංශවට ලක්වෙමින් පවතිනවා, කොරෝනා මර්ධන සටනේහිලා ඔවුන් දැක්වූ සාර්ථකත්වය ගැන. ඔවුන් මෙම සාර්ථකත්වය ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම යටතේ 3T යනුවෙන් නම් කරන ලද ඔවුන් විසින්ම ස්ථාපනය කරන ලද ක්‍රියාමාර්ගයකට ක්ෂනිකව අනුවර්තනය වෙමින් ඒ ඔසේසේ වේගවත් ක්‍රියාමාර්ග ගැනීම නිසයි.
3T නමින් හඳුන්වන,T තුනකින් සමන්විත මෙම ක්‍රියාවලිය වනුයේ
Trace – සොයාබැලීම
Test – පරීක්ෂාකිරීම
Treat – ප්‍රතිකාර කිරීම
කොරියාවේ පළමු ආසාදිතයා වාර්තා වෙන්නේ ජනවාරි 20, ඉතාලියේ වාර්ථා වන්නේ ජනවරි 31 වෙනිදා. කොරියාව මේ වෙනකොට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ට අඩුවෙන් පවතවාගෙන යන අතර මරණ 165 ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඉතාලියට සාපේක්ෂව සාමන්‍ය එදිනෙදා ජීවිතයක් කොරියානුවන් ගතකරමින් සිටිනවා.
නමුත් මේවනකොට ඉතාලියේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගිහින් සහ 10,000 ට වඩා මිය ගිහින්.
දීපව්‍යාප්ත මට්ටමේන් කරගෙන යන පරීක්ෂා කිරීම් (testing) වලට සමගාමීව අධිවේගයෙන් කෙරීගෙන යන ආසාදිත පුද්ගලයන් හා සම්බන්ධතා පැවැත්වූවන් සොයා යන (Contract tracing) ක්‍රමවේදය නිසා ආසාදිතයන් ඉතා ඉක්මනින්ම හුදෙකලාකරණයට ලක් කොට (isolated) රෝගය පැතිරිමේ වේගය පාළනය කිරිම තුළින් රොහල්වල තත්වය මැනවින් කළමනාකරණය කර ගැනීමට හැකි වෙලා තියෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයෙන් තමන්ගේ රටට ආනයනය කිරීමට අවසර ලබාදීමත් සමග කොරියානු කොරෝනා පරීක්ෂා කිරීමේ කට්ටල නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන සිය දහස් ගණනකින් ඉහළ දමා තිබෙනවා. පැය 7 ක් ඇතුළත පරීක්ෂණ වාර්තා ලබාදෙන මෙම උපකරණ ලබා ගැනීමට ස්කොට්ලන්තය පවා සුදානමින් පසුවෙනවා.
මෙහෙයුම ක්‍රියාත්මක උනේ මේ ආකරයටයි
1.Trace
මෙම 3T ක්‍රියාදමයේ වැදගත්ම ක්‍රියාන්විතය පිළිබඳව ග්‍රිෆින් හා ඔහුගේ බිරිඳ කියා සිටියේ, ආසාදිතයකු සොයාගත් සැනින් ජංගම දුරකතනවලට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන කෙටි පණිවිඩ සේවයක් හරහා පුරවැසියන්ව දැනුවත් කිරිම සිදු කරන බවයි. කෙටි පණිවිඩය හරහා අදාළ අසාදිතයා අවසන් පැය 72 ඇතුලත ආගිය තැන් පිළිබඳව විස්තරයක් සපයන අතර, එම ස්ථානවල සැරිසරන ලද පුදගලයන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම සෞඛ‍්‍ය බළධාරීන්ව සම්බන්ධ කරගන්න කියලා. පණිවිඩය ආසාදිතයාගේ නම හෙළි නොකරන නමුත් ඔහුගේ වයස, පදිංචිය හා රැකියා ස්ථානය ඇතුළත් වෙනවා.
රෝගය වැළඳී තවමත් සුවය ලබමින් සිටින හුයුන් පාක් නම් කොරියානු මහාචාර්යවරයා, තමන් ලබමින් සිටින ප්‍රතිකාර ගැන දීර්ඝ සටහනක් මුහුණු පොතට එක්කරමින් කියා සිටින්නේ, සෞඛ්‍ය සම්පන්න, නිතර අත සෝදන ජිම් ලෝලියකු වූ තමන් කොරෝනා වෛරසය තමන්ට නොවැළඳෙනු ඇතැයි යන අධිතක්සේරුවෙන් සිටි මෝඩයෙක් බවයි.
ඉතා සුළු උගුරේ අමාරුවක්, වියළි කැස්සක් සහ පපුවේ තෙරපුමකින් අරම්භ වූ පාක් මහතගේ රෝග ලක්ෂණ නරක අතට හැරෙනවිට ඔහු කොරෝනා වෛරස් හදිසි ඇමතුම් අංකයට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානයට දැනුම් දීලා තියෙනවා. ඔවුන් පාක් මහතාට දන්වලා තියෙනව රෝහලෙන් ටෙස්ට් එක කරව ගන්න කියලා. ටෙස්ට් එකේ ප්‍රතිඵල මත ඔහුව ආසාදිතයෙක් බවට හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම නගර සභාවේ නිලධාරියෙකු ඔහුව සම්බන්ධ කරගෙන ආ-ගිය තැන් සහ සමීපව ඇසුරු කළ පුදගලයන්ගේ ලැයිස්තුවක් අරගෙන තියෙනවා, අදාල කටයුතු සඳහා.
2. Test
මිලියන 51.5 ජනගහනයෙක් වෙසෙන රටේ මේ දක්වා ආසන්න වශෙයෙන් පුද්ගලයන් හාරලක්ෂක් පමණ පරීක්ෂා (test) කරලා තියෙනවා. (දළ වශයෙන් දිනකට 4000 කට වඩා ටෙස්ට් ප්‍රමණයක්)
පරීක්ෂණවල ඇති කාර්යක්ෂමතාවය සහ වැඩපිලිවෙලෙහි ඇති සූක්ෂ්මතාවය අවබෝධ කර ගැනීම සඳහා, ජ්යොන්ග්ජු (Gyeongju) කියන කුඩා ගමක ඉංග්‍රීසි ගුරුවරයෙකු හැටියට සේවය කරන එංගලන්ත ජාතික බෙන් ග්‍රිෆින්ගේ (Ben Griffin) අත්දැකීම මෙහෙමයි. සාමන්‍යයෙන් කෙරෙන වෛද්‍ය පරික්ෂණ වගයකට (routing checkup) සහභාගි වෙන්න බුසාන් නගරයේ රෝහලකට ඔහු ඇවිත් තියෙනවා. රථගාලෙදිම ඔහුව නවත්වා ගන්නා සෞඛ්‍ය සේවකයන් විසින් ඔහුගේ උෂ්ණත්වය හා වෛරසයට සම්බන්ධ අනෙකුත් රොග ලක්ෂණ පරික්ෂාකොට, ඔහුගේ විදේශ ගමන් පිළිබඳවත් විස්තර සොයාබලා තියෙනවා. ඔහුගේ උෂ්ණත්වය (උණ) සාමාන්‍ය අගයට වඩා මදක් වැඩි නිසා ඔහුට රෝහලට ඇතුල් වෙන්න දීලා නැහැ, නමුත් Covid -19 ටෙස්ට් එකට යොමු කරලා තියෙනවා.
ඔහු පවසන ආකරයට “ප්‍රශ්නාවලියක් සහිත පෝරමයක් පුරවන්න දුන්නා රෝහලෙන් පිටත පිහිටුවා ඇති තාවකාලික ගොඩනැගිලල්කදී. ඉන් අනතුරුව, හොඳින් ආවරණය කරන (sealed) ලද ටෙන්ට් එකකට රැගෙන ගියා. එහි ආරක්ෂිත ඇඳම්වලින් ආවරණය කරගත් පුද්ගලයන් හිටියා. එහිදි මූලිකව පරීක්ෂා කිරීම් 2 ක් සිදු උනා. තත්පර 45 ක් ඇතුළත, ප්‍රථමයෙන් දිග කොටන් බඩ් එකක් නාහේ කෙළවරට ඇතුළු කරා සහ දෙවනුව උගුරට යමක් ඇතුළු කරා තරලයන් එකතු කර ගන්න.”
3.Treat – ප්‍රතිකාර
පාක් මහතා විස්තර කරන ආකාරයට නගර සභාවේ සේවකයින් සෞඛ්‍ය මධ්‍යස්ථානයට දන්වලා තියෙනවා කඩිනමින් ඔහුව රෝහල්ගත කරන්න කියලා. රෝහල්ගත කරන ලද තමාව අධිසත්කාර එ්කකයේ නිරෝධායන අංශයයේ ඇති නිරෝධායන කාමරයකට (negative pressure room) අතුල් කරන ලද බව ඔහු පවසනවා.
‘ඔවුන් එසැනින්ම CT,ලේ සහ X-ray වගේම තවත් බොහෝ ටෙස්ට් කළා. ඒවගේම බෙහෙත් වර්ග සහ ඔක්සිජන් සැපයීමත් ඉක්මනින්ම සිදුකළා’ ඔහු තවදුරටත් කියා සිටියා. ‘මට තරමක් සුවයක් දැනුනා හුස්ම ගන්න, නමුත් මගේ පපුවෙ බර යකඩ තහඩුවක් තියලා වගේ දැනුනේ.’
කොරියාවට රටේ ජනගහනයෙන් ලක්ෂයකට ICU ඇඳන් 10.6 ක් තියනවා. එක්සත් රාජධානියේ (UK) 6.6 ට සන්සන්දනාතමකව ඉහළ අගයක්. නමුත් රෝගය සීඝ්‍රව පැතිරයාම ආරම්භ උන පෙබරවාරි මාසයේදි සෞඛ්‍ය සේවා සපයන ස්ථාන පිරී ඉතිරී ගියා. රෝගය වැඩියෙන්ම පැතුරුණු ඩෙයුගු ප්‍රදේශයේ මාර්තු මුල වෙනකොට රොහල්ගත කිරීම් 5000 ටත් වැඩිව ගියා.
නමුත් 3T ක්‍රියාදාමය ක්‍රියාත්මක වීමත් සමගම කොරියානුවන් තත්වය පාලනය කරගන්න සමත් උනා. අසාධ්‍ය සහ වයස්ගත රෝගීන්ව පමණක් රෝහල්ගත කරන්නත්, තරුණ සහ අසාධ්‍ය නොවන රෝගීන්ට නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර කරන්නත් බලධාරීන් පියවර ගත්තා.
ආක්‍රමණකාරී ලෙස විශාල වශයෙන් සිද්ධ කරන ලද Testing සහ Tracing ක්‍රියාන්විත දෙක නිසා රෝගය පාලනය වීම, ඉතා සාර්ථකව මැඩපැවැත්වීම හරහා සෞඛ්‍ය පද්ධතියට ඇති කළ පීඩනය සමනය කළා.
පාක් මහතාව දින නමයක් තිස්සේ ප්‍රතිකර ලබාගෙන, ටෙස්ට් දෙකකින්ම තවදුරටත් වෛරසය නැතිබවට තහවුරුවීමෙන් අනතුරුව රෝහලෙන්, පිටත් කරලා තියෙනවා, තවත් සති දෙකක් නිවසේ සිට ස්වයං නිරෝධායනට ලක්වෙන්න කියලා.
වෛරසය ශරීරගත වෙලා දවස් 25 කට පසුවත් කෙටිදුරක් ඇවිදීමෙන් පසුව හුස්ම ගැනීමේ පොඩි අපහසුවක් තිබෙන බව පවසන ඔහු ඔහුගේ හිතේ හයිය උපරිමව තබාගන්න උත්සාහ ගන්නා බව පවසනවා.
‘ජීවිතේ බේරුණා, දැන් බලාපොරොත්තු එක්ක ජීවත් වෙනවා !’
2015 මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය පුපුරා යාමෙන් පසු සූදානමේ වැදගත්කම දකුණු කොරියාව ඉගෙන ගත්තේය. මර්ස් හි එක් ආසාදිතයෙක් මගින් 186 ක් ආසාදනය වී 36 ක් මිය ගියේය. පුද්ගලයන් 17,000 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය කරන ලද අතර, මන්දගාමී ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් රජය දැඩි විවේචනයට ලක් විය.
මෙවර එම අත්දැකීම සාර්ථකත්වයට තවත් හේතුවක් විය
No comments:
Post a Comment