ශ්‍රී ලංකා ජනපති ඉල්ලීම WHO ප්‍රධානියා World bank සහ IMF ගෙන් ඉල්ලයි
COVID-19 වසංගතයේ සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක විසඳා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීම සදහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ලබා දෙන ලෙසට බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉල්ලා තිබේ.
මීට පෙර දින WHO ප්‍රධානියා සමග ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල දුරකථන සංවාදයේදී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් ලෙස ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි ඉල්ලා තිබුනි. මෙම ඉල්ලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍ෂනිකව ප්‍රතිචාර දැක්වීම පිලිබදව රටක් ලෙස අප ආඩම්බර විය යුතුය.
No comments:
Post a Comment