Monday, April 13, 2020

Test, Test, Test කොරෝනා මර්ධනයට එකම විසදුම වෙද්දී, ලංකාවේ Test අඩුවෙන් කරන්නේ ඇයි?


Test, Test, Test කොරෝනා මර්ධනයට එකම විසදුම වෙද්දී, ලංකාවේ Test අඩුවෙන් කරන්නේ ඇයි?   
වෛද්‍ය රසායනාගාරවිද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති - රවී කුමුදේශ්ගේ අදහස
🔬ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතිකය වැඩිවීම ගණිතමය පටලැවිල්ලක් විය නොහැකිද?

🔬වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට එරෙහි අදිසි හස්ථයන් තිබේද?

 
කොරෝනා රෝගය සදහා මෑතක් වනතුරුම අප වෛද්‍ය පරීක්ෂාවට ලක් කරන ලද්දේ රෝග ලක්ෂණ සහිත රෝගීන් පමණි. එම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සදහා රට තුල ප්‍රභල ඉල්ලුමක් පැවතියද, එම තත්වය  සාධනීය ලෙස වෙනස් කිරීමට එරෙහිව විෂාල භාදාවක් පවතින බව ප්‍රකටව පෙනෙන්ට තිබේ. 

එය ශ්‍රී ලංකාවේ කොරෝනා දර්ෂක වෙනස් කිරීමට හේතුවක් වී ඇත්ද? 

රට තුල කොරෝනා හදුනා ගැනීමේ රසායනාගාර පරීක්ෂණ මන්දගමී වීමට බලපෑ ප්‍රධාන හේතු කවරේද?

කොරෝනා හෙවත් COVID 19 වෛරසය ආසාධනය වූ රෝගීන්ගෙන් 20%ක පමණ ආසාධිතයින් ප්‍රමාණයක් රෝග ලක්ෂණ නොපෙන්වීමත්, තවත් 60%ක පමණ ආසාධ්තයින් ප්‍රමාණයක් රෝහල් ගත වීමට තරම් ප්‍රමාණවත් රෝග ලක්ෂණ නොපෙන්වීමත් හේතුවෙන්, එම ක්‍රමය යටතේ රසායනාගාර පරීක්ෂාවකට ලක් වන්නේ නැත.

ඒ අනූව එම ආසාධිතයින්, රෝගීන් ලෙස සංඛ්‍යා ලේඛණගත නොවන අතර, වාර්ථාවන රෝගීන් ගණන සාපේක්ෂව අඩු අගයක් ලෙස සටහන් වීමේ ඉහල සම්භාවිතාවක් පවති.

රෝගය පැතිරෙන මුල් වකවාණුව තුල එය වාසු සහගත තත්වයක් ලෙස නොසලකා සිටිය හැකි වුවද, වසංගතයෙහි පශ්චාත් භාගයේදී එය රටේ සෞඛ්‍ය සේවාව පිළිබද වැරදි චිත්‍රයක් මැවීම සිදු විය හැකිය.

සැක සහිත සියළු පුද්ගලයින් රසායනාගාර පරීක්ෂාවට ලක් නොකිරීම හේතුවෙන් ස්වභවිකව සුවවන රෝගීන් සංඛ්‍යා ලේඛන ගත නොවීම හා අසාධ්‍ය වන රෝගීන් පමණක් ලේඛණ ගතවීම මගින්, කොරොනා මරන අනුපාතය සැලකියයුතු ලෙස ඉහල යා හැකිවීම,  රෝගය පිළිබදව හා ශ්‍රී ලාකේය සෞඛ්‍ය සේවාවේ හැකියාව පිළිබද වැරදි චිත්‍රයක් ඇති වීමට හේතුවේ.  

ලෝකයේ බොහෝ රටවල කොරෝනා සංඛ්‍යා ලේඛණ සදහා තොරතුරු සපයා ගනු ලබන්නේ, සියළු අශ්‍රිතයින් සහ සැක කටයුතු පුදගලයින් ‍රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව වන බැවින්, වැඩි රසායනාගාර පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරනු ලැබූ රටවල මරණ අනුපාතය සාපේක්ෂව අඩු අනුපාතයක් පෙන්වීම මගින්, මෙම තත්වයෙහි කිසියම් සත්‍ය තත්වයක් ඇති බව අනාවරණය කර ගත හැකිය.

✔️ඉන්දියාව 3.4%
(මුළු රෝගීන් 6,725)
✔️පකිස්ථානය 1.43
(මුළු රෝගීන්  3,808)
✔️නේපාලය 0 
(මුළු රෝගීන්  9)
✔️භූතානය 0 
(මුළු රෝගීන් 5)
✔️මාලදිවයින 0 
(මුළු රෝගීන් 19)

බංගලාදේශය  සඳහා මෙම අගය 6.36% වන අතර එහි මුළු රෝගීන් ගන්න 424 කි. බංගලිදේශයද රෝගීන් හඳුනා ගැනීමේ පර්යේෂණ සිදු කිරීම ඉතා අවම මට්ටමින් පවතින බවට වාර්ථාවේ.

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය  සහ සේවාවන් කලාපයේ අන් සියලූ රටවලට වඩා ඉහල මට්ටමක පවතියි. එසේ නම් ශ්‍රී  ලංකාව හා සම්බන්ධ මෙම තත්ත්වය බලාපොරොත්තු විය නොහැකි තත්වයකි. මේ අනපේක්ෂිත තත්ත්වය විස්තර කළ හැක්කේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන කොරෝනා මර්දන වැඩපිළිවෙළ පිළිබද අප දිගින් දිගටම පෙන්වා දුන් අසුපාඩුව වූයේද, රෝගීන් හඹා යමින් රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රමයක් ස්ථාපිත නොවීමය. රෝහල් තුල පවතින PCR පරීක්ෂණ  හැකියාව උපරිමව වශයෙන් භාවිත කිරීම මගින් පමණක් එම අභියෝගය ජයගත හැකිව පවතින අතර, පමාවී හෝ ඒ සදහා ක්‍රියාත්මක වීම මෙම තත්වය වලක්වා ගැනීම සදහත්, නිරෝධායනය සාර්ථක කර ගැනීම සදහාත් අත්‍යාවශ්‍ය වේ. 

විශේෂයෙන් ශ්‍රී ලංකාව හා සම්බන්ධව කිව හැකි තවත් කරුණක් වනුයේ 102 වෙනි රෝගියා හඳුනාගන්නා තුරු කිසිදු මරණයක් සිදු නොවීමය. සියලූ මරණ සිදුවී ඇත්තේ ඉන් පසුවය. එනම් නව රෝගීන් 88ක් හඳුනාගන්නා විට මරණ 7ක් සිදු වී ඇත. මෙයද යම් ප‍්‍රමාණයකට ශ්‍රී ලංකාව වැනි වඩාත් හොඳ සෞඛ්‍ය  සේවාවක් පවතින සහ එසේම රට තුළ රෝගය පුළුල් ලෙස ව්‍යාප්ත නොවූ තත්ත්වයක් තුළ අනපේක්ෂිත සිද්ධියකි. 

සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනයේ ප‍්‍රකාශනයට අනුව දකුණු ආසියානු මට්ටමින් ද කොරෝනා පර්යේෂණ සිදුකිරීම අතින් අප සිටින්නේ පහළ මට්ටමකය.  දකුණු ආසියානු කලාපයේ රටවල ජනගහනයෙන් මිලියනයකට කරන කොරෝනා පරීක්ෂණ ගණන, 
✔️ශ්‍රී ලංකාව - 152,
✔️ඉන්දියාව - 129,
✔️පාකිස්තානය - 248,
✔️බංග්ලාදේශය - 45,
✔️නේපාලය  - 99,
✔️භූතානය - 1,209,
✔️මාලදිවයින - 466.

කොරෝනා පාලනය සඳහා පර්යේෂණ මගින් ආසාදිතයන් හඳුනාගැනීම ඉතා සාර්ථකව කළ රටවල්  හා සංසන්දනය කිරීමේ දී මෙම අගය ඉතා පහළ මට්ටමක පවතී.  

✔️හොංකොං -12,079, ✔️සිංගප්පූරුව - 6,917, ✔️තායිවානය - 1,468,
✔️ද. කොරියාව - 9,812

අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් මෙම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සදහා දායක්තවය දීම සදහා වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වී ඇති නමුත්, සමහර නිළධාරීන් විසින් දිගින් දිගටම ඊට බාධා කිරීම, මෙම පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට එරෙහි භාධාවක්ව පවති.  

ආසියාවේ විශාලතම රෝහල වන ශ්‍රී ලංකා ජාතික රෝහල, කොරෝනා රෝගීන් ඇතුලත් කර ගන්නා ප්‍රධානතම රෝහල් වුවද,  එහි මේ වන තුරුත් PCR පරීක්ෂාව සිදු කිරීමේ හැකියාවක් නොතිබීම, කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට එරෙහි නිළධාරී වාදයෙහි තරම සදහා ඉතා නිදසුනකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාල සියළු පහසුකම් ලබා දීමට එකගව සිටියදී,  තවදුරටත් එම පරීකෂණ කටයුතු ආරම්භ නොකිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයද නිහඩ පිළිවෙතක් අනුගමනය කරණු ලබන බවක් පෙනෙන්නට තිබේ. 

මෙවැනි තත්වයන් පිළබදව හා රසායනාගාර පරීක්ෂණ වැඩි කිරීමේ යෝජනා පිළිබදව, ජනාධිපතිවරයාගේ සහ කාර්‍ය සාධන බලකායේත්, සෞඛ්‍ය අමාත්‍යාවරියගෙත්, සෘජු මැදිහත්වීම කඩිනමින් අවැසිව ඇත.

No comments:

Post a Comment