Wednesday, May 13, 2020

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගත් "ඉගෙනුම් අත්වැල" වීඩියෝ වැඩසටහන


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගත් "ඉගෙනුම් අත්වැල" වීඩියෝ වැඩසටහන
https://www.facebook.com/ZEOAmpara/
======================================
අම්පාර අධ්‍යාපන කලාපයේ සියලුම නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුනි, විදුහල්පතිවරුනි, ගුරු භවතුනි, ආදරණීය දුවේ, පුතේ,

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගත් "ඉගෙනුම්

 අත්වැල" වීඩියෝ වැඩසටහන

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය මඟින් සංවිධානය කරනු ලබන උක්ත වැඩසටහනට අදාළ කෙටි වීඩියෝ පට 2020/05/11 වන දින සිට සෑම දිනකම ප.ව.04.00ට අපගේ ෆේස්බුක් ගිණුම හරහා අන්තර්ජාලයට මුසු කිරීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කර ඇත.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රටේ ඇතිවී ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා නිවෙසට වී සිටින සිසුන්ගේ අධ්‍යාපනය නිවසේ සිටම සංවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව සිංහල, ගණිතය සහ පරිසරය විෂයයන් පාදක කර ගනිමින් විභාගයට සිසුන් සූදානම් කිරීම සඳහා වීඩියෝපට එළි දක්වනු ලැබේ. මෙම වැඩසටහන 05 ශ්‍රේණිය සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට පමණක් නොව 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට ද උපයෝගී කර ගත හැකිය.

ප්‍රථම අදියරේදී පහත සඳහන් මෙම අධ්‍යාපන කලාපයේ සේවය කරනු ලබන පළපුරුදු ගුරු භවතුන් විසින් අපගේ ඉල්ලීම පරිදි සකස් කරනු ලැබූ විීඩියෝ පට අන්තර්ජාලයට මුසු කරනු ලැබේ.

සිංහල - ජී.ඩබ්.ඩී.සී.දිවෙල්ගම මිය - අම්/කරංගාව ජනරජ විද්‍යාලය
ගණිතය - ටී‌.කේ.දර්ශනී ප්‍රියංකා කුමාරි මිය - අම්/ගාමිණී මහා විද්‍යාලය
පරිසරය - ජී.ජී.උදේනි පුෂ්පලතා මිය - අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය

මෙම පණිවුඩය හැකිතාක් සිසුන් වෙත යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - අම්පාර

No comments:

Post a Comment