Wednesday, May 13, 2020

බෞද්ධ පාලකයෙකුගේ තීරනාත්මක, ශක්තිමත් හා සාමූහික නායකත්වයක් නිසා භූතානය covid-19 ජයගත්තාද?


බෞද්ධ පාලකයෙකුගේ තීරනාත්මක, ශක්තිමත් හා සාමූහික නායකත්වයක් නිසා භූතානය covid-19 ජයගත්තාද?
බෞද්ධ පාලකයාත් එරට ජනතාවත් ගත් ශක්තිමත් ක්‍රියාමාර්ග නිසා අද covid-19න් ආරක්ෂා වූ රටක් ලෙස භූතානය ඉදිරියට පැමිණ තිබේ.
======================================
ආසියානු මහද්වීපයට රටවල් 48ක් ඇත. මෙම රටවල් 48හිම 

covid-19 ව්‍යාප්තවී ඇති අතර අඩුවෙන්ම ආසාදිතයන් වාර්තා වන්නේ දකුණු ආසියනු රටක් වූ භූතානයේ. එහි ආසාදිතයන් 07ක් පමණක් වාර්තා වී  5ක් සුවය ලබා ඇත. දින 15කින් නව ආසාදිතයෙක් වාර්තා වී නැත. තවම කිසිවෙක් මියගොස් නැත. ඉතා අඩු සෞඛ්‍ය පහසුකම් සහිත රටක් වූ භූතානයේ මේ දිවනවල උෂ්ණත්වය 9°cක් රාත්‍රීයේත් දහවල උපරිම 11°cත් අතර වේ. 
ලක්ෂ 7.7ක ජනගහනයක් වෙසෙන මෙහි ආසියාවේ සාමකාමීම ජනතාවක් වෙසෙන රට ලෙස හදුන්වයි.  රජ කෙනෙක් පාලනය කරන භූතානයේ 70%ක් බෞද්ධයන් වෙති. බෞද්ධ රජකෙනෙක් පාලනය කරන භූතානය ඉතා නරක ඉරණමක් කරා යා හැකිව තිබුනත් මේ බෞද්ධ පාලකයාත් එරට ජනතාවත් ගත් ශක්තිමත් ක්‍රියාමාර්ග නිසා අද covid-19න් ආරක්ෂා වූ රටක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඉන්දියාවේ ග්‍රහනයේ පවතින මෙම කුඩා රාජ්‍යයට covid -19 පහර දෙනු ලැබුවේ මාර්තු 06 දින 76 හැවිරිදි එක්සත් ජනපද පිරිමි පුද්ගලයෙකු සංචාරයට භූතානයට පැමිණීමත් සමගයි.  ඔහු සමඟ කෙලින්ම සම්බන්ධ වූ පුද්ගලයින් 90 ක් පමණ සහ ඔහුගේ 59 හැවිරිදි සහකරු, රියදුරු සහ මාර්ගෝපදේශකයා නිරෝධායනය කරන ලදී.

 භූතානය වහාම විදේශීය සංචාරකයින්ට සති දෙකක් ඇතුළුවීම තහනම් කළේය.  අගනුවර තිම්පු ඇතුළු ප්‍රදේශ තුනක පාසල් වසා දමන ලදී. 
76 හැවිරිදි ඇමරිකානු පිරිමි පුද්ගලයා මාර්තු 13 වන දින එක්සත් ජනපදයට යවන ලදි. ඔහු⁣ගේ සබදතා වක් දින 28කට පසුව covid -19 අසාදිත බව සොයාගන්නා ලද අතර, භූතානයේ රජු වන ජිග්මේ කේසර් නැම්ජියෙල් වැන්ග්චක් මාර්තු 22 ජාතික දේශනයකින් රටේ දේශසීමා මුද්‍රා තබන බව නිවේදනය කොට සියලුම ජාත්‍යන්තර දේශසීමා මුද්‍රා තබන ලදී. භූතානය covid -19 බැටකන චීන ඉන්දියා දේශ සිමාවලින් වටවී ඇත.
පලතුරු එළවලු බුලත් ආනයනය තහනම් කරන ලදි.
නිරෝධායනය සඳහා ජාත්‍යන්තර (WHO) ප්‍රමිතිය දින 14 ක් වුවද භූතානයේ COVID-19 සඳහා නිරෝධායන කාලය දින 14 සිට 21 දක්වා දීර්ඝ කිරීම අප්‍රේල් මුල සිට ක්‍රියාත්මක විය.  මේ වන විට භූතානයේ නිරෝධායන මධ්‍යස්ථාන යටතේ  3,059 ක් සහ නිවසේ නිරෝධායන පුද්ගලයින් 339 ක් රඳවා සිටියහ.
covid -19 ව්‍යාප්තිය සමග වසංගතයේ රතු වේදිකාවට ඇතුළු වුවහොත් COVID-19 සඳහා මූලික පෙරටුගාමී ප්‍රතිචාරකයින් නිර්මාණය කිරීම ඇරඹීය.
 දින 06ක පාඨමාලාවක් වූ මෙම පෙරටුගාමී ප්‍රතිචාරකයන්ගේ වැඩසටහන යටතේ කණ්ඩායම් 10ක් පුහුණු කල අතර එක් කණ්ඩාමකට 30ක් බදවා ගන්නා ලදි. මීට අමතරව ස්වේච්ඡා සේවකයන්ද විශාල ප්‍රමාණයක් මේ සදහා සූදානම් කොට ඇත. 

ඉන්දීය දේශසීමාවෙන් තරණය කර භූතානයට ඇතුලත් වූ විධිමත් හා අවිධිමත් කණ්ඩායම් නිසා ගෙන් ගෙට ගොස් ස්පර්ෂකයින් සොයා ගන්නට සිදු විය. 
සංක්‍රමණික ගැටලු ඇතිවූ ප්‍රදේශයේ ⁣ඇදන් 15ක රෝහලක් හා පරීක්ෂණාගරයක් ද ඉදිකරන ලදි. 
⁣මේ අතර විටින් විට විදෙස්ගත භූතාන වැසියන් එරටට ගෙන්වීම සිදු කල අතර ශ්‍රී ලංකාවටද භූතාන ගුවන් යානයක් පැමින එරට පුරවැසියන් රැගෙන යන ලදි.  ඉන් මැදපෙරදිග සිට පැමිණි අයෙක් 07 වන  ආසාදිතයා ලෙස වාර්තා  විය.  එතැන් පටන් ආසාදිතයන් තවම වාර්තා වී නොමැත.
වෙනත් තැන්වල ක්‍රියාත්මක කරන පුළුල් පරිමාණයේ අගුලු දැමීම් එරට සිදු නොවීය. තිම්පු හි පාසල් වසා දමන ලද අතර, සංචාරකයින්ට තවදුරටත් ඇතුළුවීම තහනම් කරන ලද අතර, සමාජ දුරස්ථ කිරීමේ සම්මතයන් දිරිමත් කරන ලදී. අමතරව සියලු විදෙස් සිට පැමිනිට අය අනිවාර්ය නිරෝදායනයකට ලක් කෙරුනි.

පරීක්ෂණ 
භූතානය රැපිඩ් test සහ PCR test දෙකම සිදු කරයි. රැපිඩ් ටෙස්ට් මගින් Negative වුවහොත් PCR පරීක්ෂණ සිදු කරයි. එක් ව්‍යපාරිකයෙක් මෙසේ රැපිඩ් test මගින් ධනාත්මකවී pcr test මගින් negative විය. මෙය ජනතාවට පැහැදිලි කල එරට වෛද්‍ය වරයෙක් වූ අග්‍රාමාත්‍ය වරයා, රැපිඩ් test මගින් ඔහුට වෛරසය ආසාදනයවිය හැකි හදුනාගත් බවත් PCR test මගින් ඔහුට වෛරසය ආසාදනය වී නැති බවත් සොයා ගත්තා යැයි ප්‍රකාශ කලා. මේ වන විට පරීක්ෂණ 15000ක් පමණ සිදු කොට ඇත. නමුත් එරට pcr පරීක්ෂණ සිදුකොට ඇත්තේ 3000ක් පමණ ප්‍රමාණයක්.
මුලු භූතානයටම ඇත්තේ වෛද්‍යවරු 300ක් පමණි. එක් දැඩි සත්කාර ඒකකයක විශේෂඥයෙකු, ලය රෝග විශේෂඥයින් අතලොස්සක් සහ රසායනාගාර විශේෂඥයින් කිහිප දෙනෙක් පමනක් සිටියි. WHO ආධාර ලැබුනද තවමත් අඩුපාඩු එහි ඇත. කෙසේ නමුදු භූතානයේ නිදහස් සෞඛ්‍ය සේවය එහි රෝගීන් බිංදුවේ තබා ගැනීමේ පළමු ආරක්ෂක මාර්ගය බව ලොවට නැවත සනාථ විය. 

මේ වසංගතය සමග මේ බෞද්ධ රාජධානියේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ ස්මතුවූ අතර පුද්ගලික හෝටල් හිමියන් ඔවුන්ගේ පරිශ්‍රයන් නොමිලේ ලබා දුන් අතර, ව්‍යාපාරිකයන් මුදල් දායකත්වයක් ලබා දුන්හ, ගොවීන් සහ ගොවි සමුපකාරයන් කෘෂිකාර්මික නිෂ්පාදන ලබා දුන් අතර අවන්හල් ආහාර නොමිලේ ලබා දුන්නේය.  රජය සමඟ සහයෝගයෙන් ගම්මානවල නිරෝධායන කලාප පිහිටුවීමට ප්‍රදේශවාසීන් උදව් කළ අතර උණ බම්බු වලින් තාවකාලික හුදකලා පැල්පත් ඉදිකර තිබේ. 

අවසානයේ සියලුම පාසල් රට පුරා වසා දමා ඇති අතර සිසුන් 190,000 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා පන්තිවලට සහභාගී වේ. ගුවන්විදුලි විකාශනයට අමතරව අන්තර්ජාලයට ප්‍රවේශය නොමැති සිසුන්ට මුද්‍රිත අධ්‍යයන ද්‍රව්‍ය බෙදා හරිනු ලැබේ.

ඉන්දියාවෙන් ලැබෙන ආහාර හා ඉන්ධන මෙන්ම සංචාරක කර්මාන්තය මත දැඩි ලෙස රඳා පවතින රටකට මෙසේ ආර්ථික ජීවන මාර්ගය කපා හැරීම ඵලදායී විය. 
ආනයන නැවතීම නිසා භූතාන ජාතිකයින් දේශීය නිෂ්පාදන මිලට ගන්නා බැවින් ගොවීන් විකුණුම්වල විශාල වැඩිවීමක් වාර්තා විය.
 තොග වෙළෙඳුන්ට, සංචාරක සමාගම්වලට හා කුඩා කර්මාන්තවලට  සහ කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට උපකාර කිරීම සඳහා ණය සහ සහනාධාර පැකේජයක් ද ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලදී.
භූතානයේ රජුගේ සහ සමහර දේශපාලඥයන්ගේ දෘශ්‍යමාන නායකත්වය ද ප්‍රධාන ය.  නිරෝධායන කටයුතුවලට සහාය වීම සඳහා රජු ඉන්දියාව සමඟ සිදුරු සහිත දේශ සීමාවක් ඇති රටේ දකුණු ප්‍රදේශය ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවලට සංචාරය කළේය.  ඔහුගේ අණ යටතේ රාජකීය භූතාන හමුදා සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් සාමාන්‍යයෙන් දේශ සීමාවෙන් ඔබ්බට ජීවත්වන දහස් ගණන් භූතාන ජාතිකයින් සඳහා තාවකාලික නිවාස ඉදිකරමින් සිටිති.  නිරෝධායන පහසුකම් යටතේ රජය ආහාර සැපයීම සහ ජාතික COVID-19 ප්‍රතිචාර අරමුදලක් හරහා මූල්‍ය ගොඩනැගීම සිදු කල අතර මහජන ආධාර ඉල්ලා සිටිමින් ආදර්ශයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනටමත් මාසයක වැටුපක් පරිත්‍යාග කර ඇත.
අවිනිශ්චිත covid19 සතුරා පිලිබද අනාවැකි පැවසිය නොහැකි වුවද අඩු සෞඛ්‍ය පහසුකම් සහිත මෙම රාජ්‍ය කදුලු රාජ්‍යයක් නොවේ වායි ප්‍රාර්ථනා කරමු.
ගල්ඔය News

No comments:

Post a Comment