Saturday, May 16, 2020

අම්ෆන් සුළි සුළඟ ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි.




අම්ෆන් සුළි සුළඟ ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි. ඉන්දියාවේ කාලගුණ අංශ Amphan වර්ධනය හා එහි දිශාව නිකුත්කල වීඩියෝවට අනුව ලංකාවට මෙහි ප්‍රභල බලපෑමක් නැතත් නිතර සුළගේ වේගය වෙනස් වෙමින් දැඩි වැසි ඇතිවිය හැකියි.
======================================
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද දින තුළදී සිදු කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් මීළඟ පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම පද්ධතිය හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බවත් ක්ෂණිකව සුළගේ වේගය ඉහළ යා හැකි බවත්ය.
මෙම චණ්ඩ සුළි කුණාටුව ඉදිරි දිනයන් වලදී උතුර හෝ ඊසාන දෙසට බරව බෙංගාල වෙරළ තීරය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ අංශය බලාපොරොත්තු වනවා. 
මෙය අම්ෆන් චණ්ඩ සුළි කුණාටුව ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අම්ෆන් වර්ධනය හා දිශාව මෙම වීඩියෝවේ සදහන් වන අතර ලංකාවට මෙහි ප්‍රභල බලපෑමක් නැති බව පෙනී යයි. මෙම කුණාටුව ඉන්දිවට ඇතුල් වන විට පැයට කිලෝමීටර් 180ක පමණ උපරිම වේගයක් ගෙන මැයි 19හෝ 20 ඇතුල් වේයැයි පුරෝකථනය කොට තිබේ.
ගල්ඔය News

No comments:

Post a Comment