Wednesday, May 13, 2020

අගමැති මහින්ද ඉඩම් අක්කර 500ක් උතුරේ නිදහස් කිරීමට සලකා බලයි


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයන් අතර පසුගිය දා පැවැත් වුණු හමුවේ දී, දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ඉඩම් අක්කර පන්සියයක්, ජනතාව වෙත මුදා හැරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකගතාවය ලබා දී ඇති බව, ඉරිදා මව්බිම පුවත්පත වාර්තා කරයි.


අග‍්‍රාමාත්‍යවරයා, ද්‍රවිඩ ජාතික සන්ධානයට මෙම එකගතාවය ලබා දී ඇත්තේ, ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයන් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර, පසුගිය දා පැවති හමුවේ දී ය.
කිලිනොච්චිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඹුරු අක්කර 300ක් හා ඉඩම් අක්කර 200ක් මෙලෙස නිදහස් කරන්නට එකගව තිබේ.
උතුරේ ජනයා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ආරක්ෂක අංශ සතුව පවතින වගා කල හැකි සියලු ඉඩම් නිදහස් කලොත් ජනතාවට එම බිම් වල වගා කටයුතු කඩිනම්න් ආරම්භ කල හැකි බව ශ්‍රීධරන් මහතා එහිදී පෙන්වා තිබේ.
මේ අනුව අගමැතිතුමා මීට එකගතාවය ඵල කොට ඇත.
දිගු කාලයක් සිරගතව සිටින දේශපාලන සිරකරුවන් මේ අවස්ථාවේ නිදහස් කල යුතු බවද සුමන්තිරන් මහතා ඉල්ලා සිට අතර, මෙම තත්වය තමා දන්නා බවත් අදාල නීති අංශ සමග සාකච්ඡා කරනා බවත් ⁣ජනාධිපති පොදු සමාවක් ලබා දීමට කටයුතු කිරීමට ජනාධිපති තුමා සමග සාකච්ඡා කරන බවත් මෙහිදී අගමැතිතුමා ප්‍රකාශ කොට තිබුනු බවත් මව්බිම වාර්තා කොට තිබුනා.

No comments:

Post a Comment