ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතී. එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතී. එහි බලපෑම හේතුවෙන් අද දින සිට ඉදිරි
දිනකිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
හෙට දිනයේදී:
දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සෙසු පළාත් වල විශේෂයෙන් ඌවසහනැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

No comments:
Post a Comment