Sunday, May 24, 2020

ඉංජිනේරු පද වලින් යට කරන බාල පස්

ඉංජිනේරු පද වලින් යට කරන බාල පස්

 i-Road ව්‍යාප්පෘතිය මගින් අම්පාර දිස්ත්‍රික්කය තුල මහාමාර්ග 400km කට වඩා ඉදිවීමට නියමිතයි. 2019 වසරේ අග භාගයේ සිට ඇරඹී මෙම මහා මාර්ග ඉදිකිරීම කොටස් 05කින් නම් කොට ඇති අතර AM 01, AM 02, AM 03, AM 04, AM 05, ලෙස ක්‍රියාත්මක වේ. මේ සදහා කොන්ත්‍රාත් වියදම රු13,350,382714.32කි. ආසියානු සංවර්ධන බැංකුව මේ සදහා ආධාර කොට ඇත. එහි විස්තර https://www.iroad.rda.gov.lk/iroad_ii/ 

අම්පාර ඉදිවන මහාමාර්ග පිළිබද තොරතුරු මෙම ලින්කුවෙන් ලබාගත හැකිය. https://www.iroad.rda.gov.lk/iroad_ii/project-details.php
සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර සපයා ඇති තරම් මට්ටු වුන ලෝක ණය දෙන ආයතන වෙනදා මෙන් තම ව්‍යාපෘතිවලින් දේශපාලකයින්ට ගසා කෑමට ඉඩක් නොතබයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට දෙන ආධාර වලින් වැඩි ප්‍රමාණයක් සංවර්ධන ව්‍යාපෘති වලට නොයොදවා ගසා කන බව අපට වඩා හොදින් ණය දෙන ආයතන අඩ සියවසක අත් දැකීම්වලින් දනී.
ඔවුන්ගේ ව්‍යපෘතිවලින් තවත් ⁣විශාල මුදලක් මෙම ව්‍යාපෘති අධීක්ෂණයට යොදවන අතර අම්පාර නැගෙනහිර පළාතේ ඉදිවන මාර්ග සදහා වෙනම අධීක්ෂණ උපදේශක සමාගමක් පත්කොට ඇත. එය EGIS International (France) Greentech Consultants (Pvt.) Ltd (Sri Lanka).
අප විසින් උහන කණිෂ්ඨ විද්‍යාලය මධ්‍යම කදවුර මාර්ගයේ ඉදිකිරීම් නිසි ප්‍රමිතියකින් සිදු නොවන බව වාර්තා කරන ලදි., මීට සෘජු ලෙසම වගකිව යුත්තේ උක්ත සමාගමයි. ව්‍යාපෘතියේ අධික මුදල් සම්භාරයක් යොදවා මෙවැනි පරිපාලනයක්  යොදවා ඇත්තේ දූෂිත දේශපාලකයින්ගේ මැදිහත් වීම වලක්වා ව්‍යපෘතියේ ප්‍රතිලාභ වැඩිකිරීමටයි. දේශපාලකයින් ගසා කෑ මුදල වෙනත් නිළධාරීන්ට පුදා මෙම ව්‍යාපෘති වලින් අත පිසදා ගැනීමට අම්පාර ජනයා සූදානම් නැත. 
ඉංජිනේරු වචන යොදා මේ පිළබදව හඩ නගන්නන් යටපත් කිරීමට අම්පාර ජනයා සූදානම් නැත. 
මාර්ගය සදහා යොදන පස්වල පැහැදිලි ගැටලුවක් ඇත. බැලූ බැල්මට මේ ඉදිකරන්නේ මහ වරුසාවකදී හෝදන් යන පාරවල් යැයි ප්‍රදේශවාසීන් චෝදනා කරයි. අප ඔබට ඉදිරිපත් කල ජායාරූපවලින් ඔබේ සාමාන්‍ය දැනුමට යොදා මෙය බලන්න. මේ පස් මගින් ශක්තිමත් පාරක් ඉදිකල නොහැකිය. පස් කපා දී ආදායමක් ලබන අම්පාර ජනතාව ගැන අපට ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ අනමැති⁣ය දෙන බාල පස්වලට ගෙවන්නේ බාල ගනන් වීමයි. හොද පස්වලටද ගෙවන මිලක් ඇත.  එවැනි පස් විකිණූ අයද අම්පාරේ ඇත. සත් භාවයෙන් අම්පාරේ ඉදිවන මාර්ග වලට ඉංජිනේරුවන් ඉල්ලන පස්දීම අම්පාරේ මිනිසුන් නිවැරදිව ඉෂ්ඨ කොට ඇත.

අද බොහෝ ඉංජිනේරු පාඨමාලා ඇත. ඒවායින් බොහෝ වෘත්තිකයින් බිහිවේ. පශ්චාත් ඉංජිනේරු උපාධිධාරීන්ද බොහොමයකි. කේෂේත්‍රයට සැලසුම් සහ ප්‍රමිති කළමනාකරණ උපදෙස් සපයන උපදේශන සමාගම්, ආයතන බොහෝ ඇත. ප්‍රමුඛ පෙලේ, ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉදිකිරීම් සමාගම් බොහොමයකි. එනමුත්  මාර්ග ඉදිකිරීමේ අතීත ප්‍රමිතියවත් නොමැත. සැබැවින්ම වරද කොතනද ?

උගතුන් බොහෝ වුවද ප්‍රායෝගික, වෘත්තීමය මිනිසුන්ගේ මෙහි සිටිනවානම් පාරේ පස්වල ප්‍රමිතියේ මෙම ගැටලුව ඔවුන්ට පෙනී යයි. අද සමාජ ජාලා තුල සැරි සරන පොස්ටුවක්ද මෙහි ඇති අතර, එමගින් කියැවෙන්නේද පැරණි දැනුමෙන් සෑදූ තරම් පාරක් නූතන දැනුමෙන් සන්නද්ධ  ඉංජිනේරුවන්ටද ඉදිකල නොහැකි බවයි.

රටේ කීර්තිමත් කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් මගින් අම්පාරේ ඉදිකරන මහාමාර්ග මෙවැනි ප්‍රමිතියෙන් තොරව ඉදිවනවා දැකීම එම සමාගම් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවන්නට ඇත.
 උපදේශක සමාගමද තමන්ට ලැබුනු බලය අත්තනොමතිකව යොදවන බවක් පෙනේ. මෙම උපදේශණ සමාගමේ අම්පාරේ මිනිස්සු නැතිතරම්ය. උපදේශන සමාගමේ සියලුම ඉහල තනතුරුවල මුස්ලිම් දෙමළ පිරිස්ය. ඔවුනට අපගේ මාර්ග ගැන හැගීමක් නැති නිසා මෙැවැනි දෙයක් සිදුවෙනවාදැයි කිහිප දෙනෙක්ම අදහස් දක්වන ලදි.

කෙසේ නමුදු මෙම ඉදිකිරීම් යාන්ත්‍රණය හැකි ඉක්මනින් පස් ගැටලුව විසදන්නේ නැතිනම් ජනතා ඒකරාශි වීමක් දක්වා දුරදිග යා හැකි බව සමාජ ක්‍රියාකාරිකයෙක් අපසමග පැවසීය.
නමුත් ප්‍රදේශයේ මෙවැනි ගැටලු විසදා අත්දැකීම් සහිත පිරිස්  මැදිහත්ව ප්‍රශ්ණය නිරාකරණය කල යුතු බවයි අපගේ අදහස. 
ගල්ඔය News





No comments:

Post a Comment