Sunday, May 24, 2020

හිට්ලර් හිතගත් ඇලිගේටරයා මිය යයි


දෙවැනි ලෝක යුද සමයේ බෝම්බ හෙළීම්වලට මුහුණ දී දිවි බේරාගෙන අනතුරුව මොස්කව් සත්ත්වෝද්‍යානයේ ජීවිතය ගත කළ සැටර්න් නම් ඇලිගේටරයා දිවි මඟෙන් සමු ගත්තේය. මිසිසිපි 

ඇලිගේටර් වර්ගයට අයත් මේ සත්ත්වයා නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ සුරතලා යැයි පැවසුනද එහි සත්‍ය තාවයක් නොමැත. හිට්ලර් බර්ලින් සත්වෝද්‍යානය නැරඹීමට දැඩි කැමැත්තක් දක්වා ඇති අතර, මෙම ඇලිගේටරයා එම සත්වෝද්‍යානයේදී සිත ගෙන ඇත. නමුත් හිට්ලර්ගේ පුද්ගලික සුරතලා වුන බවක් තොරතුරු නැති බව විකිපීඩියා වෙබ් අඩවිය පවසයි.

මියයන විට වයස අවුරුදු 84ක් වූ සැටර්න් යහපත් ජීවිත කාලයක් ගත කළ බව සත්ත්වෝද්‍යානය පවසයි. අමෙරිකාවේ උපත ලද සැටර්න් 1936 දී බර්ලින් සත්ත්වෝද්‍යානයට පරිත්‍යාග කෙරිණි. 1943 දී සත්ත්වෝද්‍යානයට බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී ඌ දිවි බේරාගෙන ඉන් පලාගොස් ඇත. එයින් වසර තුනකට පසු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් ඌව සොයාගෙන පසුව සෝවියට් දේශයට භාර දී ඇත.

ඒ ගෙවුණු කාලයේ ඌ දිවි රැකගත්තේ කෙසේ දැයි නිශ්චිත නැත. කෙසේ වෙතත් මොස්කව් සත්ත්වෝද්‍යානයේ දී සැටර්න්ට නරඹන්නන්ගේ ඉතා ඉහළ ප්‍රතිචාර හිමි වී තිබේ.

No comments:

Post a Comment