Monday, May 18, 2020

"අම්ෆන් " චන්ඩ කුණාටුව දෙසට ඇදීයන සුළං පොදක්වත් අම්පාර උඩින් යන්නේ නෑ.

"අම්ෆන් " චන්ඩ කුණාටුව දෙසට ඇදීයන සුළං පොදක්වත් අම්පාර උඩින් යන්නේ නෑ.
බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව ඇති පීඩන අවපාතය චන්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති බවත් පැයට කි.මී 5ක 

වේගයෙන් ඉන්දියාව කරා ඇදී එන බවත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කලා. 
කාලගුණ පුරෝකථන වාර්ථා මේ වන විට ඉදිරිපත්ව ඇති අතර, අම්පාරට ඉහලින් අම්ෆන් හුලං පොදක්වත් තවමත් ගමන් නොකර ඇති බව අපට නිරීක්ෂණය වුනා. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මුහුදු මට්ටමේ සිට 100m උසින් සුළං ගමන් කරන ආකාරයයි. මධ්‍යම කදුකරයට සුළං මුවා වෙමින් අම්පාර දෙපසින් මෙම සුළං ගමන් කරයි.
දැනට අම්පාර සුළගක් නොමැතිව අහස වැසිබරව පවතින නිසා ආර්දතාවයේ වෙනස නිසා තැම්බෙනවා වගේ ගතියක් දැනෙන අතර  දහවල් වන විට පැ.කි.මී. 17/15අතර සුළං ඇතිව 1mmක පමණ වර්ෂාවක් බලාපොරොත්තු විය හැකිය. මෙම වර්ෂාව සවස 6.00ට පමණ අවසන් වන අතර හෙට දිනද මෙවැනිම කාලගුණයක් බලාපොරොත්තු විය හැකිය.
අම්ෆන් චන්ඩ කුණාටුව කරා වේගයෙන් සුළං ඇදී යනවා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වලට දැනෙන අතර, අම්පාරට මෙහි සුළං පොදකවත් බලපෑමක් නොමැති බව කාළගුණ පුරෝකථන වාර්තා නිරීක්ෂණයෙන් පෙනී යයි.
ගල්ඔය News

No comments:

Post a Comment