1951 ජනවාරි මස 26 දින අක්කර 72යි රූඞ් 03යි පර්චස් 13ක් තිබුන ඉඩමේ දැන් පන්සලට අක්කර 05ක් වත් නැහැ. ඔක්කොම බලෙන් අලල්ලා.
පොතුවිල මුහුදු මහා විහාරයට නිමක් නැති බාධක දිගින් දිගටම ඇති වෙනවා. ඉඩම් කොල්ලය ජයටම සිද්ධ වෙනවා. 1951 ජනවාරි ම
ස 26 දින අක්කර 72යි රූඞ් 03යි පර්චස් 13ක් තිබුන ඉඩමේ දැන් පන්සලට අක්කර 05ක් වත් නැහැ. ඔක්කොම බලෙන් අලල්ලා.
පොතුවිල මුහුදු මහා විහාරයේ විහාරාධීපති වරකාපොල ඉන්දසිරි හිමියන්ද මෙසේ පැවසූවා.
මුහුදු මහා විහරස්ථානය කියන්නේ නැගෙනහිර පළාතේ තියෙන සුවිශේෂි පුදබිමක්. වසර ගණනාවක සිට මෙම පුදබිමට තියෙන
බාධාවන් තවමත් ඉවත් වෙලා නැහැ. මේ වන තෙක් නිරන්තරයෙන් ඉඩම් කොල්ලය සිදු වෙනවා. 1951 ගැසට් නිවේදනය අවලංගු නොකර තමා 1965 ගැසට් නිවේදනයේ අක්කර 30 බවට පත් කර තිබෙන්නේ. මේ වන විටද අක්කර 30 සීමාව තුල අනවසර නිවාස 41 හදලා. එම ඉඩම් වලට 2005 වසරේ චන්දිකා ජනාධිපතිතුමියගේ සමයේ ජයභූමි ඔප්පුත් ලැබිලා. කොහොමද පුරා විද්‍යා රක්ෂිතය තුල ඉඩම් වලට ජය භුමි ඔප්පු ලබා දෙන්නේ. පුරා විද්‍යාවේ නිලධාරින් සහ වෙරළ සංරක්ෂණයේ නිළධාරින් මේ ගැන නිසි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ සහ අගමැති තුමාගේ උපදෙස් මත එස්. එම්. චන්දසේන ඇමතිවරයා පැමිණ මේ පිලිබදව සොයා බැලූවා.
මෙම පුදබිමට අයිති ඉඩම දෙන්න යනවා කියලා කියනවා. හැබයි අපි කියන්නේ අක්කර 30 නෙවෙයි. 51 ගැසට් නිවේදනය අනුව අකක්ර 72යි රූඞ් 03 පර්චස් 16 දෙන්න. ඒ භුමිය පුරා විසිරි තියෙන පුරා වස්තු සංරක්ෂණය කරන්න , කැණීම් කරන්න. අපි පොලිසිය , උසාවි ගානේ ගිහින් මරණ තර්ජන මැද උපවාස අරගල කරලා මෙම පුද බිම රැුක ගන්න පුදුම වෙහසක් මහන්සියක් ගන්නවා.
අපිට අපේ ඉඩම වෙන් කරලා දිලා ඒ අයට වෙනත් ස්ථානයකින් විකල්ප ඉඩම් දෙන්න. මෙම පුද බිම දියුණු වෙද්දි ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙන්නේ මෙම ප‍්‍රදේශයේ ජනතාවටයි. මෙම ප‍්‍රදශයේ පුරා වස්තු රැක ගැනිමට කටයුතු කරන්න පුරා විද්‍යා සම්බන්ධිකරණ තනතුරක් වැනි දෙයක් ලබා දෙන්නේ නම් එය විශාල පහසුවක්. වත්මන් ජනාධිපති තුමා සහ අගමැති තුමාගේ අවධානය යොමු වෙලා මෙම ගැටලූව නිසිසේ විසදා දෙයි කියා විශ්වාසයක් තිබෙනවා. අපිට අක්කර 30 නෙවෙයි 51 ගැසට් කිවේදනය අනුව මෙය විසදලා දෙන්න.
මව්බිම

No comments:
Post a Comment