Sunday, June 28, 2020

වටවල කහට නඩුව අපේ තේ දිනයි


වටවල කහට නඩුව අපේ තේ දිනයි!
අපේ තේ’ ඇසුරුම් කිරීම හා ලේබල් කිරීම සම්බන්ධයෙන් හැරිසන්ස් කලම්බු ලිමිටඩ් සමාගමට හා ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් පුද්ගලික සමාගමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම කොළඹ වානිජ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.
හැරිසන්ස් කලම්බු ලි

මිටඩ් සමාගමට හා ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් පුද්ගලික සමාගමට එරෙහිව – වටවල ටී සිලෝන් සමාගම- විසින් ගොනු කළ නඩුව අද විමසා බැලුණේ, කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේදීය.

වටවල ටී සිලෝන් සමාගම එම නඩුව පවරා ඇත්තේ, ‘අපේ තේ’ නිෂ්පාදනවල ඇසුරුම් හා ලේබල තමන්ගේ නිෂ්පාදනවල ඇසුරුම් හා ලේබලවලට සමාන හෝ යම්තාක් දුරකට සමාන බව පවසමිනි.

අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ වානිජ මහාධිකරණය විත්ති පාර්ශවයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ද ඉවත් කර ඇත.

-ජුලියස් ඇන්ඩ් ක්‍රීසි- නීති සමාගමේ උපදෙස් මත හැරිසන්ස් කලම්බු ලිමිටඩ් සමාගම හා ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥයින්ගේ ස්ථාවරය වූයේ, යම් භාණ්ඩයක වර්ණය මත තීරණ ගැනීමේ පුරුද්දක් වත්මන් පාරිභෝගිකයන්ට නොමැති බවයි.

යම් වෙළෙඳ ලකුණක් වෙන් කර හඳුනාගැනීමේ එකම තීරණාත්මක සාධකය වර්ණය හා ඇසුරුම් කිරීම නොවන බව ද නීතිඥයින් සඳහන් කළේ ය.

කොළඹ වානිජ මහාධිකරණයේ මෙම තීරණය මෙරට බුද්ධිමය දේපළ හා සන්නාම සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයකි.

‘අපේ තේ’  නිෂ්පාදන අද (26) සිට පාරිභෝගිකයින්ට මිල දී ගත හැකියි.
News 1st

No comments:

Post a Comment