Tuesday, June 30, 2020

ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මිය යයි.


ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ වි ඇත.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඇය ඊයේ (30) රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කෙසේවුවද, පසුව ඇය අද පෙරවරුවේ මියගොස් ඇ


ති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂකවරයා ඒ බව සඳහන් කර සිටියේය.

මිය යන විට ඇය 93 වැනි වියේ පසුවූවාය.

සිබිල් නැන්දා මෙරට ළමා ලෝකයේ වීරවරියක්. ඒ විතරක් නෙවෙයි, පරම්පරා ගණනක් කලාවෙන් දිරිමත් කරපු ආදරණීය චරිතයක්. ලංකාවේ ගම් දනව්වකට පයක්වත් නොතියපු අපේ පොඩ්ඩෝ, ගම්මානේ සිරියාව, ඒ ගහ කොළ, ඇල දොළ, සතා සීපාවන් සහ ගැමි සබඳකම් ගැන හිතින් මවාගත්තේ, සිබිල් නැන්දා අපට කියපු කතාවලින්. ඇය ඇඳපු සිතුවම්වලින් ඒ ලෝකය දකින්නත් අපට හැකියාව ලැබුණා.
ගල්ඔය News

No comments:

Post a Comment