Tuesday, July 14, 2020

රාජාං­ග­ණයේ කොරෝනා පාල­න­ය කරයි


රාජාං­ග­ණයේ කොරෝනා පාල­න­ය කරයි
කොරෝනා වසං­ග­තය හේතු­වෙන් ජන­තා­වගේ ආර­ක්ෂාව සඳහා අනු­රා­ධ­පුර රාජාං­ග­ණය යාය 01-03-05 සහ 05 කණුව යන ප්‍රදේ­ශ­වල සංච­ර­ණය සම්පූ­ර්ණ­යෙන්ම සීමා කිරී­මට මේ වන විට පිය­වර ගෙන ඇත.

මේ බව අනා­ව­ර­ණය වූයේ දැනට රාජාං­ග­ණය ප්‍රදේ­ශය තුළ පවත්නා තත්ත්වය පාල­නය කිරීම සඳ

හා ඉදි­රි­යේදී ගත යුතු ක්‍රියා­මා­ර්ග­යන් පිළි­බ­ඳව උතුරු මැද පළාත් ආණ්ඩු­කාර මහී­පාල හේරත් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පළාත් සභා ශ්‍රව­ණා­ගා­රයේ පැවති විශේෂ සාක­ච්ඡා­ව­ක­දීය.

මේ සම්බ­න්ධව අද­හස් දැක්වූ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා කියා සිටියේ රාජාං­ග­ණයේ ග්‍රාම නිල­ධාරි කොට්ඨාස එකො­ළ­හක් කෙරෙහි අව­ධා­නය යොමු කර ඇති බවත් එයින් හත­රක් විශේ­ෂ­යෙන් හඳුනා ගෙන ඇති බවත්ය. එසේම රාජාං­ග­ණය ප්‍රදේ­ශයේ අව­දා­නම් සහිත පුද්ග­ල­යන් පන්සී­යක් වෙනු­වෙන් පී. සී. ආර්. පරී­ක්ෂණ සිදු කර­මින් පව­තින අතර පෙරේදා (13) පරී­ක්ෂණ හැට­ප­හක් සිදු කර ඇත.

වසං­ගත රෝග විශේ­ෂඥ තේජා සෝම­ති­ලක මහතා සඳ­හන් කළේ මම පරී­ක්ෂණ කට­යුතු කඩි­නම් කළ යුතු බවත් රාජාං­ග­ණය 05 කණුව ප්‍රදේ­ශ­යෙන් රෝගීන් දාහ­තර දෙනකු හඳු­නා­ගෙන තිබෙන බවයි. මෙහිදී සෞඛ්‍ය අංශ මඟින් සඳ­හන් කර සිටියේ නොච්චි­යා­ගම කටුකැලි­යාව යන ප්‍රදේ­ශ­ව­ලින්ද රෝගීන් කිහි­ප­දෙ­නකු පිළි­බඳ වාර්තා වී ඇති බවය.

අනු­රා­ධ­පුර මහ දිසා­පති නීතිඥ ආර්. ඇම්. වන්නි­නා­යක මහතා අද­හස් දක්ව­මින් ආය­ත­නික ආර­ක්ෂාව, සංච­ර­ණය අඩු කිරීම, නිසි සෞඛ්‍ය පිළි­වෙත් අනු­ග­ම­නය කිරීම වැනි ක්‍රියා­මාර්ග කෙරෙහි සියලු දෙනා විශේ­ෂ­යෙන් අව­ධා­නය යොමු කළ යුතු යැයි කීය. එසේම මෙසේ හමු වූ රෝගීන් හා සම්බ­න්ධ­කම් පැවැත්වූ පුද්ග­ල­යන් සොයා බැලීමේ කට­යුතු දිග­ටම කර­ගෙන යන බව පැව­සීය. මේ අව­ස්ථාවේ විවිධ ප්‍රදේ­ශ­ව­ලට යෑමෙන් මඟ­හැරී ඇති පුද්ග­ල­යන් ද සිටිය හැකි බවත් ඔවුන්ද සොයා සෞඛ්‍ය පිළි­වෙ­ත්ව­ලට අනු­කූ­ලව පරී­ක්ෂණ ක්‍රියා­ව­ලට යොමු කිරීම වැද­ගත් බව අනා­ව­ර­ණය කළේය. රාජාං­ග­ණය ප්‍රදේ­ශයේ සංච­ර­ණය සීමා කර ඇති අතර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා මෙන්ම අත්‍ය­වශ්‍ය සේවා­වන් සැප­යී­මට අවශ්‍ය පසු­බිම නිසි ක්‍රම­වේද මත ගොඩ­නඟා ඇති බවද මහ දිසා­ප­ති­ව­රයා වැඩි දුර­ටත් අනා­ව­ර­ණය කළේය. මෙම අව­ස්ථා­වට උතුරු මැද ප්‍රධාන ලේකම් ඇතුළු ආය­තන ප්‍රධා­නින්ද ආර­ක්ෂක අංශයේ සියලු ක්ෂේත්‍ර නියෝ­ජ­නය වන අයු­රින් නිල­ධා­රී­හුද සහ­භාගි වූහ.

No comments:

Post a Comment