ලබන වසරේ ශීත සෘතුව වන විට ඉන්දියාවේ දිනකට ලක්ෂ 2.87 දෙනා බැගින් කෝවිඩ් වසංගතයට ගොදුරු වීමට ඉඩ ඇතැයි පර්යේෂකයන් විසින් අනතුරු අඟවා තිබේ.
ඒ, මේ වන විට ඔවුන් සතුව වසංගතය මැඬලීමට තරම්
ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමේ තත්වය සලකා බලමිනි. මෙහිදී එන්නත් හෝ ඖෂධමය මැදිහත්වීම් නොමැති කම දිගින් දිගටම පැවතුණහොත්, කොවිඩ් වසංගතයට ගොදුරු වූ ලෝකයේ නරකම රට බවට 2021 ශීත සෘතුව අග වන විට ඉන්දියාව පත්වනු ඇත.
රෝග මර්දන ක්‍රමවේදයන්ගේ දුර්වලතාවය නිසා මේ අනුව 2021 වසර තුළදී ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් ගණනක් වාර්තා වන රටවල් 10 මෙම පර්යේෂණය මගින් ලැයිස්තුගත කර තිබේ.
ඒ,
1. ඉන්දියාව
2. ඇමරිකා එක්සත් ජනපදය
3. දකුණු අප්‍රිකාව
4. ඉරානය
5. ඉන්දුනීසියාව
6. එක්සත් රාජධානිය
7. නයිජීරියාව
8. තුර්කිය
9. ප්‍රංශය
10. ජර්මනිය
වශයෙනි.
මේ නවතම පුරෝකථනය ලබාදෙන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතය (MIT) විසින් ලෝකයේ රටවල් 84 ක කොවිඩ් මර්දන පහසුකම් සලකා බැලීමෙනි. ඒ සඳහා ඔවුන් විසින් dynamic epidemiological model යොදාගෙන ඇති අතර, Estimating the global spread of COVID-19 නමැති එම පර්යේෂණ වාර්තාව පසුගිය ජූනි 24 වැනිදා එළිදැක්විණි. එම පර්යේෂණය සිදුකිරීම සඳහා කිසිදු රටක්, සංවිධානයක් හෝ ආයතනයක් විසින් මුදල් ලබා දී නොමැති බව ද එම පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කර ඇත.
සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකාව මෙතැනින් කියවන්න.
https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3635047
LNW

No comments:
Post a Comment