සයින්දු මරුදුහි වෙඩි හුවමාරුවේදී කාන්තාවක ආරක්ෂිතව පිටමං කළැයි අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි සහරාන්ගේ සහෝදරයන් ඇතුළු පිරිසක් රැදී සිටි අම්පාර සයින්දු මරුදුහී පිහිටි ආර
ක්ෂක නිවසක් හමුදාව විසින් වටලා දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවන අතර තුර එම නිෙවසේ රැදී සිටි කාන්තාවක ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටමං කිරීමක් සම්බන්ධයෙන් සැක පිට අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයාව කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකධුරය හොබවන එම නිලධාරියා අක්කරෙයිපත්තුවේ පදිංචිකරුවෙකි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුව සිදුවන අතතුර මෙම පොලිස් නිලධාරියාගේ මැදිහත් වීමෙන් එම නිෙවසින් ඉවත් කරගෙන ඇතැයි කියැවෙන්නේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ අච්චු මොහොමදු හස්තූන් නැමැත්තාගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශකයන් සඳහන් කරනු ලැබුවේ ඇය දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි තැනැත්තියක් බවය. ගිරිඋල්ලේ පිහිටි රෙදිපිළි සාප්පුවකින් පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර රුපියල් 29000ක සුදු ඇදුම් මිල දී ගැනීමට මුල් වී ඇත්තේද ඇය බව විමර්ශන වලින් එකල අනාවරණය විය.
සාරා සම්බන්ධයෙන් බුද්ධි අංශ මෙවන් සැකයන් මතුකරන අතර තුර හමුදාව සයින්දු මරුදු නිවස වටලන විට ඇය එම නිෙවසින් ආරක්ෂිතව රැගෙන ගිය බව කියන පොලිස් නිලධාරියා ගැන තොරතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශයට අනාවරණය වී ඇත්තේ සයින්දු මරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ සාක්ෂි විමර්ශනයකදීය. කොමිසමේ විමර්ශන අංශයට වැටලීම් කර පුද්ගල අත්අඩංගුවට ගැනීමකට බලයක් නොමැති බැවින් විමර්ශනවලින් හෙළි වූ මෙම සුවිශේෂ කරුණ ගැන වැඩ බලන පොලිස්පති සී.ඩී, වික්‍රමරත්න මහතා ලිඛිතව දැනුවත්කර ඇති බවත්, ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙසින් අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අම්පාරට ගොස් සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් ඊයේ (13) මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළ අතර එහි සඳහන්ව ඇත්තේ සයින්දුමරුදු සිදු වූ බෝම්බ පිපුරුමට අදාළ සාක්ෂි සැඟවීම පිළිබඳ සැකපිට ප්‍රශ්න කිරීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සැකකරුව රදවාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන පවත්වන බවය.
දිනමිණ

No comments:
Post a Comment