Sunday, July 12, 2020

කහවත්තේ නිවාස 4 ක් : වෙළඳසැල් 2 ක් නිරෝධායනයට


කහවත්තේ නිවාස 4 ක් : වෙළඳසැල් 2 ක් නිරෝධායනයට

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීයකු කහවත්ත ඇන්දානේ  පිහිටි තම බිරිඳගේ නිවෙසට පැමිණ

 දින කීපයක් ගතකිරීමෙන් ප්‍රදේශයේ නිවෙස් හතරක සාමාජිකයින් සහ වෙළෙදසැල දෙකක හිමිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට  කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පියවර ගනු ලැබීය.   

අද කහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිමල් විජේසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම ප්‍රදේශයට ගොස් නිවෙස් හතර සහ වෙළෙඳසැල් දෙක නිරෝධායනයට ලක් කළේය.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනයේ සිට මුලින් පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ තම නිවෙසට පැමිණි මොහු පසුව බිරිඳගේ කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන නිවෙස වෙත ගොස් දින කිපයක් ගත කර ඇතැයි හෙළි වි තිබේ.                      

ඔහු නාරංගොඩ නිවසේ ද දින කිපයක් ගත කිරිමෙන් එම නිවසේ පදිංචි ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාද නිරෝධායනයට ලක් කරනු ලැබුවේ ඉකුත් 10 වනදාය.

කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන ප්‍රදේශයේදි මෙම පුද්ගලයා සමීපව ඇසුරු කළ පවුල් හතරක පදිංචි නිවාස ද එම ආශ්‍රිතයින් ආගිය ගබ්බෙල මාර්ගයේ වෙළෙද සැල් දෙකක සාමාජිකයින් 18 දෙනෙකු නිවාස නිරෝධනයට යොමු කර තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ මෙම නිලධාරීවරයා පි.සි.ආර් පරික්ෂණයට යොමු කර ඇති බවත් මෙතෙක් ඔහුට කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට තහවුරු වි නැති නමුත් මහජන සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා මෙම නිරෝධායන කටයුතු සිදු කළ බව කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිමල් විජේසිරි මහතා පැවසීය.

ලසන්ත නිරෝෂණ පෙරේරා , ඉන්දික නිරෝෂණ
- Lankadeepa

No comments:

Post a Comment