කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි රත්නපුර දේවාලේගාව, කුරුවිට නඩුකාරදෙණිය සහ ඇහැලියගොඩ තොරණගොඩ පදිංචි කො
විඩ්-19 ආසාදිත යුද හමුදාවේ තිදෙනා ඇසුරු කළ පුද්ගලයන් 60දෙනෙකු නිවෙස් තුල නිරෝධායනයට යොමුකර තිබෙනවා.
බලංගොඩ, කොළොන්න, උඩවලව සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ එම පුද්ගලයන් ඇසුරු කළ ආරක්‍ෂක අංශවල සේවය නියුතු පුද්ගලයන් කිහිපදෙනෙකු ද පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීම සඳහා යොමු කර ඇති බවත් සඳහන්.
ආසාදිත තිදෙනාගෙන් එක් අයෙකු ඇලෝසියස් හා සීවලී විදුහල්වලට පැමිණ ඇති බව වාර්තාවී ඇති බැවින් එම පාසල් කාර්යාලයන්හි එදින සිටි ගුරුවරුන් සහ අනෙක් සේවක පිරිස් ද නිවෙස් තුළ නිරෝධානයට යොමුකළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කියාසිටියේය.

No comments:
Post a Comment