Tuesday, July 14, 2020

වී කිලෝවට රු. 50ක සහ­තික මිලක් රජයෙන්


මෙවර යල කන්නයේ වී කිලෝ­ග්‍රෑ­ම­යක් රු. 50ක සහ­තික මිල යටතේ මිල දී ගැනී­මට රජය තීර­ණය කර තිබේ. පසු­ගිය වසරවල නාඩු වී කිලෝ­ග්‍රෑම් 1ක් රු. 38ක සහ සම්බා වී කි.ග්‍රෑ. 1ක් රු 41ක මිල ගණන් යටතේ මිල

 දී ගනු ලැබූ අතර, එම මුදල සිය­ලු වර්ගයේ වී කිලෝ­වක් සඳහා රු. 50ක් දක්වා වැඩි
කොට මිලදී ගැනී­මට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සිය මැති­ව­රණ පොරො­න්දු­වක් ඉටු කර­මින් ක්‍රියා­වට නංවන ලදී.

ඒ අනුව වසර 2019 - 2020 යල කන්න­යේදී පටන් ජනා­ධි­ප­ති­තු­මාගේ රට හදන සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­ප­ත්ති­යට අනු­ග­තව වී කි‍ලෝ එකක් රු. 50ක සහ­තික මිල යටතේ ගොවී­න්ගෙන් මිලදී ගැනී­මට පිය­වර ගත් බව මුදල් අමා­ත්‍යාං­ශය පව­සයි.

ගොවි ජන­තා­ව­ගෙන් වී අස්වනු මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමා­ණ­වත් තරම් කිසිඳු බාධා­ව­කින් තොරව නිද­හස් කිරී­මට මහා භාණ්ඩා­ගා­රය සූදා­නම් බවද ඒ සඳහා අවශ්‍ය මුදල් වී අළෙවි මණ්ඩ­ලය වෙත ලබා­දී­මට අග­මැති හා මුදල් ඇමැති මහින්ද රාජ­පක්ෂ මහතා දැන­ට­මත් උප­දෙස් ලබාදී ඇත. මේ සම්බ­න්ධ­යෙන් වී අළෙවි මණ්ඩ­ලයේ ඉහළ නිල­ධා­රි­යෙ­කු­ගෙන් අප කළ විම­සු­ම­කදී අනා­ව­ර­ණය වූයේ මෙවර කන්න­යේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක ප්‍රමා­ණ­යක් මිලදී ගැනී­මට තම ආය­ත­නය ඉලක්ක කොට ඇති බවයි. ඒ සඳහා රු. බිලි­යන 10ක මුද­ලක් අවශ්‍ය යැයි ඇස්ත­මේන්තු කොට තිබේ.

රට පුරා ගොවි ජන­තා­වගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අළෙවි මණ්ඩ­ලයේ ගබඩා 230කට ආසන්න ප්‍රමා­ණ­යක් දැන­ට­මත් විවෘ­තව තබා ඇති බවද එම නිල­ධා­රියා කීය. මෙවර කන්නයේ මුලින්ම අස්වනු නෙළීම අම්පාර මඩ­ක­ල­පුව දිස්ත්‍රික්ක වල මේ දින­වල සිදු වන බවද ඔහු හෙළි­ක­ළේය.

No comments:

Post a Comment