Monday, July 13, 2020

බච්චන් පවුලේ දේපළවලට සීල් තබයි


බොලි­වු­ඩයේ පළමු පවුල ලෙස සළ­කන බච්චන් පවුලේ පර­ම්පරා තුන­කට අයත් අයට කොරෝනා රෝගය ආසා­ද­නය වී ඇති අතර ඔවුන්ට අයත් සුඛෝ­ප­භෝගී බංගලා හත­රක් සීල් තබා ඇත. ජුහු­වල පිහිටි ඔවුන්ගේ බංග­ලාව මුම්බායි නගර සභාව 

විසින් විෂ­බී­ජ­හ­ර­ණ­යට ලක්කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කළේය. ජල්සා, ප්‍රතික්ශා, ජනක් සහ වට්සා­වල පිහිටි එම පවු­ලට අයත් බංගලා හතර පිහිටි ස්ථාන ආසා­දිත ප්‍රදේශ ලෙස නම් කර සීල් තබා ඇත.

අමි­තාබ් පසු­ගිය කාලයේ සම්බ­න්ධ­කම් පැවැත් වූ පුද්ග­ල­යන් ගැන ද පරීක්ෂා කර­ගෙන යන අතර ඔහුගේ බංග­ලාවේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලය ද කොරෝනා වයි­ර­සය සඳහා පරී­ක්ෂා­වට ලක් කර ඇත.

සමාජ මාධ්‍ය­ව­ලින් රසි­ක­යන් ඇමැතූ මේ මහා නළුවා මෙසේ කියා ඇත. “ මා කොවිඩ් 19 සඳහා පරී­ක්ෂා­වට ලක් කළා. පවුලේ අය සහ කාර්ය මණ්ඩ­ලය පරී­ක්ෂ­ණ­ව­ලට ලක් කළා. ප්‍රති­ඵල අපේ­ක්ෂා­වෙන් පසු­වෙ­නවා. පසු­ගිය දින 10 මා සමී­පව ඇසුරු කළ හැම­දෙනා ගෙන් පරී­ක්ෂා­වට ලක් වන ලෙස කාරු­ණි­කව ඉල්ලා සිටි­නවා“.

ඔහුගේ පුතා වන අභි­ශේක් බච්චන් සිය සමාජ මාධ්‍ය ජාලයේ සඳ­හන් කර තිබූ පණි­වු­ඩය මෙසේය “ අද දවසේ මාත් මගේ තාත්තාත් කොවිඩ් 19 සඳහා ධනා­ත්මක බව පරී­ක්ෂ­ණ­ව­ලින් සොයා­ගනු ලැබුවා. අපි මේ ගැන දැනුම් දිය යුතු සිය­ලුම බල­ධා­රීන්ට දැනුම් දුන්නා. අපේ මුළු පවු­ලම සහ කාර්ය මණ්ඩ­ල­යම පරී­ක්ෂා­වට ලක් කළා. සියලු දෙනා­ලෙන්ම කළ­බල නොවී සිටින ලෙස මා ඉල්ලා සිටි­නවා. ස්තුතියි!“

මේ අතර මහා­රාශ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර සිවිල් නිළ­ධා­රි­යකු වන සුරේෂ් කකානි අයි­ශ්වර්යා ගැන තොර­තුරු අනි­ව­ර­ණය කර­මින් කරුණු දක්වා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ එයි­ශ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දිය­ණිය වන ආරාධ්‍යා බච්චන් කොවිඩ් 19 පරී­ක්ෂ­ණයේ දී ධනා­ත්මක බව සොයා­ගෙන ඇති අතර ඔවුන් නිව­සේම රැඳී සිටින බවයි.

අමි­තාබ් රැඳී සිටින මුම්බායි නුවර නැන­වතී සුපිරි විශේ­ෂඥ රෝහල පව­සන්නේ ඔහු ස්ථාවර තත්ත්වයේ සිටින අතර සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි. ඔහු වෙනම ඒක­ක­යක රඳවා සිටින බව රෝහල් ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් පව­සයි.

No comments:

Post a Comment