සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර එංගලන්ත පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පන්දුවේ ඛේටය තැව
රූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් පන්දුව ඔප දැමීමට ඛේටය තැවරිම තහනම් කිරීම ඇතුළු කොන්දේසි ගණනාවක් සමග පැවැති මේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලේ දෙවැනි ඉනිමේදී ඇන්ඩර්සන් එම නීතිය කඩ කළ බවට මේ චෝදනාව එල්ල කර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන එංගලන්ත පිලේ හිටපු නායක හා වත්මන් ක්‍රිකට් විචාරක නසාර් හුසේන් සඳහන් කර ඇත්තේ ඇන්ඩර්සන් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය නොව ඔහුගේ නළල්තලයේ මතු වූ දහඩිය බිඳු භාවිත කළ බවය. පන්දුව ඔප දැමීමට දහඩිය තැවරීම තහනම් නැත.

No comments:
Post a Comment