කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින ඥාතීන් බැලීමට ගිය සහ වැලිකඩ බන්ධනාගාරයට ඥාතීන් බැලීමට ගිය මන්නාරමේ හා යාපනයේ පවුල් හයක් සැක මත ඔවුන්ගේ නිවෙස් වලම 11 දා
සිට නිරෝධායනය කරවීමට උතුරේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව මන්නාරම උප්පුකුලමේ පවුල් තුනකට අයත් සාමාජිකයි අට දෙනකුද යාපනයේ පවුල් තුනකට අයත් සාමාජිකයන් හත් දෙනකුද දීන දාහතරක කාලයකට නිරෝධායනය කෙරෙන බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී. කේතීස්වරන් මහතා යාපනයේදී ජනමාධ්‍යයට පැවසීය.

No comments:
Post a Comment