Sunday, July 12, 2020

ගම්පහ වික්‍ර­මා­රච්චි ආයු­ර්වේද විද්‍යා­ය­ත­නය අංග සම්පූර්ණ ආර්යුවේද වෛද්‍ය විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට පත් කිරී­මට රජය තීර­ණය කරයි


ගම්පහ වික්‍ර­මා­රච්චි ආයු­ර්වේද විද්‍යා­ය­ත­නය අංග සම්පූර්ණ ආර්යුවේද වෛද්‍ය විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට පත් කිරී­මට රජය තීර­ණය කර තිබේ.

ඊට අදාළ යෝජ­නාව තොර­තුරු සහ සන්නි­වේ­දන තාක්ෂණ, උ

සස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා විසින් ඊයේ (08) කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ අතර ඒ සඳහා ඇමැති මණ්ඩල අනු­මැ­තිය හිමිව තිබේ.

2010- 2015 දක්වා පැවැති ජාතික ප්‍රති­ප­ත්තිය යටතේ සංචා­රක කර්මා­න්තය ප්‍රධාන ක්ෂේත්‍ර­යක් ලෙස ආයු­ර්වේද ප්‍රති­කාර ක්‍රම ප්‍රච­ලිත කිරීම හඳු­නා­ගන්නා ලදී.

වර්ත­මා­නයේ ‘ස්වභා­වික හා පරි­සර හිත­කාමි දේ කරා යොමු වන්න‘ යන සංක­ල්පය යටතේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පව­තින අතර, පරි­සර හිත­කාමි සුව කිරීමේ පද්ධති වන ආයු­ර්වේද, සිද්ධ, යුනානි, කටු චිකි­ත්සාව වැනි දේශීය සුව කිරීමේ ක්‍රම පිළි­බඳ සංචා­ර­ක­යන් උන­න්දු­වක් ද දක්වති. මෙම කැබි­නට් තීර­ණය මඟින් අංග සම්පූර්ණ අායු­ර්වේද වෛද්‍ය විද්‍යා­ල­යක් බවට පත් කිරිම බට­හිර සංචා­ර­ක­යින් ඇද ගැනී­මට ද අව­ස්ථා­වක් වනු ඇති බව දානමිණ වාර්තා කොට තිබුනි.

No comments:

Post a Comment