Sunday, July 12, 2020

ඊශ්‍රායලයේ COVID-19 2වන රැල්ල පාලනය කල නොහැකි ලෙස වර්ධනය වේ


ඊශ්‍රායලයේ COVID-19 2වන රැල්ල පාලනය කල නොහැකි ලෙස වර්ධනය වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රධානියා ධූරයෙන් ඉල්ලා අස්වන්නේ කල් තියා කල අනතුරු ඇගවීම මායිම් නොකල බව ප්‍රකාශ කරමිනි.

ඊශ්‍රායලයේ  සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව  රෝගීන් වාර්තා වීම පෙරටත් වඩා වැඩි වීමක් දක්නට ලැබේ. ලොව ප්‍රභල බුද්ධි අංශයක් පවතින ඊශ්‍රායලය COVID-19 මර්ධනය සදහා එහි දායකත්වය ලබා ගත් අතර ඒ පිලිබද ආදර්ශමත් රාජ්‍යයක් ලෙසද කතා බහට ලක් විය. නමුත් පාලනය කල නොහැකි ලෙස දෛනික ආසාදිතයන් අද වන විට 1000ඉක්මවා වාර්තා වේ. එරට COVID-19 ආසාදනය වූවන් 31886ක් වන අතර 342ක් මිය ගොස් ඇත. ⁣අද දින පමණක් රෝගීන් 08ක් මිය ගොස් ඇත. 91ලක්ෂයක් ජීවත් වන ඊශ්‍රායලයේ COVID-19 ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ ලක්ෂ 11කට වඩා පවත්වා ඇත. 
සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව ජනතා හැසිරීම පාලනය කල නොහැකි වුන අතර මුහුණු ආවරණ නොපැලදීම, රංචු වශයෙන් එක්වීම විනෝදාස්වාද කටයුතු (බාර්, සමාජශාලා, මංගල ස්ථාන) වල නිරත වීම පාලනය කල නොහැනිවුන අතර, අද නිලධාරීන් හිගකම රෝහල් පහසුකම් මදිකම ආදී ප්‍රශ්ණ වලට මුහුන දී තිබේ. සීමා ලිහිල් කිරීමෙන් සක්‍රීය එරට තරුණ පිරිස් අතර රෝගය වැඩියෙන් ව්‍යාප්තව ඇත. ඊශ්‍රායලයේ COVID-19 ව්‍යාප්තිය ආරම්භයේදී පලස්තීනයටද වසංගත මර්ධනයට උදව් කල අතර, අද ජනගහනය 1000කට රෝහල් ඇදන් 03ක් පමනන් ඇති සෞඛ්‍ය අඩු පහසුකම් නිසා රට භයානක අවදියකට පත්ව ඇත.
ගල්ඔය News

No comments:

Post a Comment