Sunday, July 12, 2020

MyBus-SL ජංගම දුරකථන යෙදුවුම දැන් ක්‍රියාත්මකයි. අම්පාර සිට දිවෙන ගමනාන්ත කිහිපයකම කාලසටහන් ඇතුලත් කොට ඇත


MyBus-SL ජංගම දුරකථන යෙදුවුම දැන් ක්‍රියාත්මකයි. අම්පාර සිට දිවෙන ගමනාන්ත කිහිපයකම කාලසටහන් ඇතුලත් කොට ඇත. මෙහි දත්ත ඇතුලත් කිරීමට ගමන්මාර්ගයේ අංකය දැන ගැනීම අත්‍යාවශ්‍යය. මෙහි තවත් සේවාවන් ඉදිරි

යේදී සපයන බවත් පළමු අදියර යටතේ අන්තර් පළාත් බස් රථ සම්බන්ධව තොරතුරු මෙහි අන්තර්ගත අතර, ඉදිරියේ දී ලංගම බස්රථ ඇතුලු අනෙකුත් බස් රථ විස්තර ද ඇතුලත් කිරිමට යෝජිතය.
මෙමගින්  බස් රථ කාල සටහන, බස් රථයක් ගමන් ගන්නේ නම් එය දැනට පවතින ස්ථානය, ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා බස් ගාස්තුව, කාඩ්පතකින් ගෙවීම සදහා ඇති පහසුව මෙන්ම ගමන් ගන්නා බස් රථය පිළිබදව පැමිණිලි ද මෙම යෙදවුම මගින් ඉදිරිපත් කළ හැකිය.
නමුත් අම්පාර බස්රථ ලුහුබැඳීමේ සේවාව තවමත් සක්‍රීයව නැත.

මගී ප්‍රවාහන සේවා පහසු කිරීමේ අරමුණෙන් සකස් කරන ලද “MyBus-SL“ජංගම දුරකථන යෙදවුම අද (07) දින පෙරවරුවේ නාරාහේන්පිට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ දී දියත් කරනු ලැබිය.

විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම ජංගම දුරකථන යෙදවුම හදුන්වාදුන් අතර, මෙම අවස්ථාවට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න, ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම යන මහත්වරු සහභාගී වූහ. මෙම ජංගම දුරකථන යෙදවුම තුළින් මගී ජනතාව සදහා පහසුකම් රැසක් ලබා දී ඇත. 

ජාතික ගමනාගමන කොමිසමේ තොරතුරු තාක්ෂණ අංශයේ කාර්ය මණ්ඩලය විසින් මෙම ජංගම දුරකථන යෙදවුම රජයේ මුදල් සත පහක්වත් වියදම් නොකර සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කළේය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙවැනි ජංගම දුරකථන යෙදවුමක් ශ්‍රී ලංකාවේ හදුන්වා දෙන පළමු අවස්ථාව මෙය බවයි. එමෙන්ම විවිධ අවස්ථාවන් හිදී බස් ර‍ථ සම්බන්ධව මහජනතාවගේ පැමිණිලි පුද්ගලිකව තමන්ට දැනුම් දෙන බවත් මෙම යෙදවුම ශ්‍රි ලංකාවේ ප්‍රවාහන කේෂ්ත්‍රයේ විප්ලවයක් වනු ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

No comments:

Post a Comment