වසර දහස් ගණනාවක් තිස්සේ විදේශීය ආක්රමණිකයන්ගේ හා ආගමික අන්තවාදීන්ගේ අවහිර බාධක මැඬගෙන ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ නැවත වරකත් බෞද්ධ පුනරුදයක් උදාවෙමින් පවතී.
සිංහල රජදරුවන් වි
සින් ඉදිකරනු ලැබූ රජගල ආරාම සංකීර්ණය, නීලගිරි චෛත්‍ය මෙන්ම, මුහුදු මහවිහාරය සහ දීඝවාපි දා ගැබ සංරක්ෂණය කිරීමේ කටයුතු නැවත පණ ගසා ඇත.
බුදු රජාණන් වහන්සේගේ තුන්වන ශ්‍රී ලංකා ගමනයේදී ශ්‍රී පතුලේ පහස ලැබු දීඝවාපිය වසර ගණනාවක් තිස්සේ සිංහල රජවරුන්, බලයට පැමිණි රජයන් විසින් ගොඩනැඟීමට ගන්නා උත්සහය අවසන් වී නැත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රජපක්ෂ රාජ්‍ය නායකයන්ගේ මැදිහත්වීමෙන් ආරම්භ කරනු ලැබූ දීඝවාපි දාගැබ සංරක්ෂණ කටයුතු නිසා ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය නැවත අලුත් පිටුවකට පෙරළී ඇත.
සංරක්ෂණය ආරම්භ කරනු ලැබූ දීඝවාපි චෛත්‍යයේ දකුණු වාහල්කඩ ගරා වැටී තිබුණු ස්ථානයක කැණීම් කිරීමේදී එම ස්ථානයේ තිබුණු විශාල ගල් තලාවක් යට තිබී අඟල් 18ක් උස චන්ද්‍ර පාෂාණයෙන් නිමකළ කරඬු දෙකක් භාග්‍යයකට මෙන් නිදන් හොරුන්ගෙන් ආරාක්ෂා වී තිබුණි.
දීඝවාපී රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, අම්පාර මහදිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක, නැගෙනහිර පළාත් සභා ලේකම් තුසිත පී. වනිගසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිටදී විවෘත කිරීමෙන් පසු රනින් නිම කළ කරඬු 04ක් හමු විය. පැරණි දාගැබ්වල ආකෘතියට මෙම කරඬු රන් පත්වලින් නිම කර තිබිණි. නෙළුම් මල් හා සිරිපතුල් ලාංඡන එම කරඬු වල කැටයම් කර තිබිණි. ඒ අතර, පළිඟුවලින් නිම කළ කුඩා කරඬුවක්ද විය. එම කරඬුව ධාතු ගර්භයේ තැන්පත් කර තිබූ එකක් විය හැකියැයිද ධාතු ගර්භයේ කොටසක් මලුවට කඩා වැටී තිබූ අවස්ථාවේ මෙම කරඬුවද එම ස්ථානයේ රැඳෙන්නට ඇතැයිද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහසයි.
රන් කරඬු 04 තුළ ධාතූන්වහන්සේලා සය නමක් දැක ගන්නට ලැබී ඇත. අම්පාර දිසාපති කාර්යාලයේ ඒ. අයි. වික්‍රම ශාලාවේ තැන්පත් කර ඇති එම ධාතූන් වහන්සේලා දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටද, පිට පළාත්වල සහ මෙම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා මෙන්ම මහජනතාවටද ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව උදා කර දී ඇත.
එක් කරඬුවක බ්‍රාහ්මී අක්ෂර ලියනු ලැබූ රන් සන්නසක් මතු වී ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ භානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු විසින් එම සන්නස කියවා ඇත. ක්‍රි.ව. 135-141 අනුරාධපුර රජගල මහල්ලක නාග රජුගේ වැඩිමහල් පුත් වූ භාතික තිස්ස ක්‍රි.ව. 141-164 සහබාල පුත්‍රයා කණිෂ්ට තිස්ස (ක්‍රි.ව. 164-192) රජවරුන් ගැන එම රන්පතෙහි සඳහක් කර තිබී ඇත. කණිෂ්ට තිස්ස රජතුමා බුදු දහමට බොහෝ අනුග්‍රහය දැක්වූ කෙනෙක් යැයි සෙල් ලිපි 17කින් හෙළි වී ඇත.
දීඝවාපී දාගැබ 5 වන සියවසේ ඉදි කර ඇතැයි පැවසෙන අතර, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ දීඝවාපී චෛත්‍යය පිළිබඳව සිංහල බෞද්ධයන්ගේ අවධානය යොමු වී ඇත. එවකට මඩකලපු දිස්ත්‍රික්කයට අයත්ව තිබූ දීඝවාපිය 1960දී වෙනම දිස්ත්‍රික්කයක් බවට පත් වූ අම්පාර දිස්ත්‍රික්කයට අයත් විය. අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ මුස්ලිම් ජනතාව ජීවත් වන අක්කරපත්තුව, පොත්විල් සහ එරගම ප්‍රදේශය දීඝවාපී පූජා භූමිය වටා ඇති ගම්මාන වේ. අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දීඝවාපිය ඉතාමත් දුෂ්කර ප්රදේශයකි.
1915 දී මැදගම්පත්තුවේ බිබිල පොතුබද්ධන විහාරාධිපතිව වැඩ සිටි කොහු කුඹුරේ රේවත හිමියන් විසින් වල් බිහි වී තිබූ දීඝවාපී චෛත්‍ය සංරක්ෂණය ආරම්භ කරනු ලැබීය. මුස්ලිම් ගම්මානවල ජීවත් වූ ඇතැම් අන්තවාදීන් සහ විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ නොයෙකුත් බාධා උන්වහන්සේට එල්ල විය. අන්‍ය ආගමිකයකුගෙන් එල්ල වූ වෙඩි පහරකින් මෙෙළාව හැර යාමට උන්වහන්සේට සිදු විය.
තුන්වන වරට බුදු සිරි පා පහස ලැබූ දීඝවාපිය කෙරෙහි රජ්‍ය පාලකයන්ගේ අවධානය යොමු වූයේ ගොවිජනපද ව්‍යාපාරත් සමඟය. එවකට කෘෂිකර්ම හා ඉඩම් ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ඩී.එස්. සේනානායකයන්ගේ පූර්ණ අනුග්රහයද දීඝවාපිය ගොඩනැඟීමට ලැබිණ. මෙම ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු ද ගල්ඔය සංවර්ධන මණ්ඩලයට පවරනු ලැබීය.
1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් බලයට සමගි පෙරමුණු රජයේ අම්පාර මන්ත්‍රී සහ ඉඩම් වාරිමාර්ග සහ විදුලිබල උප ඇමති සෙනරත් සෝමරත්න විසින් දීඝවාපියේ ආරක්ෂාව සහ බෞද්ධ ජනපදයක් ආරම්භ කර පිටපළාත්වලින් ජනතාව ගෙන්වා පදිංචි කරවනු ලැබීය.
වරින් වර බලයට පත් වූ රජයන් විසින් දීඝවාපී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබූ නමුත් නැගෙනහිර පළාතේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමේ අරමුණ ඇතිව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ මැදිහත් වීමෙන් දීඝවාපිය සහ මුහුදු මහ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබීය.
පසුගිය නොවැම්බර් 11 වැනි දින අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂයන් විසින් දීඝවාපි ප්‍රතිසංසකරණ කටයුතු වෙනුවෙන් අලුත් පිටුවක් පෙරළා ඇත.
ධාතූන් වහන්සේලා වැඩ සිටින කරඬු දෙක දැනට දිසාපති කාර්යාලයේ ඒ. අයි. වික්‍රම ශාලාවේ මහජනයාගේ පුද පූජා වලට අවශ්‍ය කටයුතු සලසා දී ඇත. දිනපතා උදේ දහවල් බුද්ධ පූජාවන් සහ සවස ගිලන් පස පූජාව සිදු කරනු ලබයි. ප්‍රදේශවාසී ජනතාව මෙන්ම පිටපළාත්වලින් බැතිමතුන් පැමිණ පුද පූජා සිදු කරනු ලබන නමුත් සෞඛ්යාරක්ෂිත අයුරින් එම කටයුත්ත කිරීමට සිදු වී තිබෙන නිසා සිමාසහිත පිරිසක් පුද පූජා කටයුතු සඳහා සම්බන්ධ කර ගන්නා ලෙස මහදිසාපතිවරයා විසින් මහා සංඝයා වහන්සේලාගෙන් ඉල්ලීම් කර ඇත.
දීඝවාපී චෛත්‍ය ගර්භයේ සිදු කරනු ලැබූ කැණිම් වලින් හමු වූ පුරාවස්තු ඩී. එම්. ආරියරත්න ශාලාවෙදී පුරාවිද්‍යා නිලධාරීන් විසින් පර්යේෂණයට ලක් කරනු ලැබූ අතර, එම පුරාවස්තු සමඟ තිබූ සමහර දේවල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන ගොස් පර්යේෂණ කරන්නේදැයි මෙතෙක් තීරණ කර නැතැයි ද දිසාපතිවරයා පවසයි.
අම්පාර දිසාපති කාර්යාලයේ ඒ. අයි. වික්‍රම ශාලාවේදී ප්‍රදර්ශනය කරමින් මහජන පුද සත්කාර ලබන කරඬු දෙක සහ සර්වඥ ධාතූන්වහන්සේලා දීඝවාපී රජමහා විහාරයේ ධාතු මන්දිරයක් තුළ තැන්පත් කර මහජන ප්‍රදර්ශනයට තැබීමට කටයුතු කරන ලෙස මහා සංඝරත්නයේ ඉල්ලීමට දිසාපතිවරයා එකගවේ. ඒ අනුව දීඝවාපියේ ධාතු මන්ධිරයක් තනා ඇති අතර එහි ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමට නියමිතයි.
පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබී පුරා වස්තූන් නැවත චෛත්‍යයේ තැන්පත් කිරීම හෝ එතෙක් ධාතු මන්දිරයේතැන්පත් කිරීමද ඉදිරි කාලයේදී තීරණය වනු ඇත.
නැගෙනහිර පළාතේ නීලගිරිය, රජගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය වැනි පූජා භූමිවලින් හමුවූ පුරාවස්තූන් සංරක්ෂණය කිරීම සඳහා වෙනම ආරක්ෂිත කෞතුකාගාරයක තැන්පත් කිරීමටද අපගේ අවධානය යොමු වී ඇතැයි මහදිසාපතිවරයා පැවසීය.
දීඝවාපී ච්‍යෛ තුළ තිබී හමු වූ පුරාවස්තූන් පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂ පවත්වනු ලැබූ අතර, එම පුරා වස්තූන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණාගාරයේ දී පරීක්ෂා කරනවාදැයි තිරණයක් දැනට නැහැ. එතෙක් මෙම පුරාවස්තූන් දැඩි ආරක්ෂාව මැද්දේ දිසාපති කාර්යාලයේ තැන්පත් කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ අධීක්ෂණය යටතේ පසුගියදා හමුවූ පූජනීය වස්තූන් පිළබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනගාර සංරක්ෂණ අධ්‍යක්ෂ ගීතානී කුරුප්පුආරච්චි, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ජනනි සෙනෙවිරත්න, දීඝවාපී කැණීම් බාර නිලධාරි සේනක චන්ද්‍රකුමාර, සහකාර කැණිම් බාර නිලධාරි අනුරාධා ප්‍රියදර්ශනී යන අය විසින් ලැබී ඇති පුරාවස්තු පිළිබඳව පර්යේෂණයන්හි නියැළිණි.

No comments:
Post a Comment