Saturday, December 12, 2020

දීඝවාපියෙන් ලැබුණු සර්වඥ ධාතූන් මහජන මහජනතවට වන්දනාමාන කිරීමේ අවස්ථාව ලගදීම


වසර දහස් ගණ­නා­වක් තිස්සේ විදේ­ශීය ආක්‍ර­ම­ණි­ක­යන්ගේ හා ආග­මික අන්ත­වා­දීන්ගේ අව­හිර බාධක මැඬ­ගෙන ශ්‍රී ලංකාවේ නැගෙ­න­හිර පළාතේ නැවත වර­කත් බෞද්ධ පුන­රු­ද­යක් උදා­වෙ­මින් පවතී.

සිංහල රජ­ද­රු­වන් වි

සින් ඉදි­ක­රනු ලැබූ රජ­ගල ආරාම සංකී­ර්ණය, නීල­ගිරි චෛත්‍ය මෙන්ම, මුහුදු මහ­වි­හා­රය සහ දීඝ­වාපි දා ගැබ සංර­ක්ෂ­ණය කිරීමේ කට­යුතු නැවත පණ ගසා ඇත.

බුදු රජා­ණන් වහ­න්සේගේ තුන්වන ශ්‍රී ලංකා ගම­න­යේදී ශ්‍රී පතුලේ පහස ලැබු දීඝ­වා­පිය වසර ගණ­නා­වක් තිස්සේ සිංහල රජ­ව­රුන්, බල­යට පැමිණි රජ­යන් විසින් ගොඩ­නැ­ඟී­මට ගන්නා උත්ස­හය අව­සන් වී නැත.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ සහ අග­මැති මහින්ද රජ­පක්ෂ රාජ්‍ය නාය­ක­යන්ගේ මැදි­හ­ත්වී­මෙන් ආරම්භ කරනු ලැබූ දීඝ­වාපි දාගැබ සංර­ක්ෂණ කට­යුතු නිසා ශ්‍රී ලංකාවේ බෞද්ධ උරු­මය නැවත අලුත් පිටු­ව­කට පෙරළී ඇත.

සංර­ක්ෂ­ණය ආරම්භ කරනු ලැබූ දීඝ­වාපි චෛත්‍යයේ දකුණු වාහ­ල්කඩ ගරා වැටී තිබුණු ස්ථාන­යක කැණීම් කිරී­මේදී එම ස්ථානයේ තිබුණු විශාල ගල් තලා­වක් යට තිබී අඟල් 18ක් උස චන්ද්‍ර පාෂා­ණ­යෙන් නිම­කළ කරඬු දෙකක් භාග්‍ය­ය­කට මෙන් නිදන් හොරු­න්ගෙන් ආරාක්ෂා වී තිබුණි.

දීඝ­වාපී රජ­මහා විහා­රා­ධි­පති මහ­ඔය සෝභිත හිමි­යන්ගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය සෙන­රත් දිසා­නා­යක, අම්පාර මහ­දි­සා­පති ඩී.එම්.එල්. බණ්ඩා­ර­නා­යක, නැගෙ­න­හිර පළාත් සභා ලේකම් තුසිත පී. වනි­ග­සිංහ ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් ඉදි­රි­පි­ටදී විවෘත කිරී­මෙන් පසු රනින් නිම කළ කරඬු 04ක් හමු විය. පැරණි දාගැ­බ්වල ආකෘ­ති­යට මෙම කරඬු රන් පත්ව­ලින් නිම කර තිබිණි. නෙළුම් මල් හා සිරි­ප­තුල් ලාංඡන එම කරඬු වල කැට­යම් කර තිබිණි. ඒ අතර, පළි­ඟු­ව­ලින් නිම කළ කුඩා කර­ඬුවක්ද විය. එම කර­ඬුව ධාතු ගර්භයේ තැන්පත් කර තිබූ එකක් විය හැකි­යැ­යිද ධාතු ගර්භයේ කොට­සක් මලු­වට කඩා වැටී තිබූ අව­ස්ථාවේ මෙම කර­ඬු­වද එම ස්ථානයේ රැඳෙ­න්නට ඇතැ­යිද පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාගේ අද­හ­සයි.

රන් කරඬු 04 තුළ ධාතූ­න්ව­හ­න්සේලා සය නමක් දැක ගන්නට ලැබී ඇත. අම්පාර දිසා­පති කාර්යා­ලයේ ඒ. අයි. වික්‍රම ශාලාවේ තැන්පත් කර ඇති එම ධාතූන් වහ­න්සේලා දිසා­ප­ති­ව­රයා ඇතුළු නිල­ධා­රීන් හා අනෙ­කුත් රාජ්‍ය ආය­ත­න­වල නිල­ධා­රී­න්ටද, පිට පළා­ත්වල සහ මෙම ප්‍රදේ­ශයේ භික්ෂූන් වහ­න්සේලා මෙන්ම මහ­ජ­න­තා­ව­ටද ධාතූන් වහන්සේ වන්දනා කිරී­මට අව­ස්ථාව උදා කර දී ඇත.

එක් කර­ඬුවක බ්‍රාහ්මී අක්ෂර ලියනු ලැබූ රන් සන්න­සක් මතු වී ඇති අතර, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අභි­ලේ­ඛන සහ භානක විද්‍යා අංශයේ අධ්‍ය­ක්ෂක නාමල් කොඩි­තු­වක්කු විසින් එම සන්නස කියවා ඇත. ක්‍රි.ව. 135-141 අනු­රා­ධ­පුර රජ­ගල මහ­ල්ලක නාග රජුගේ වැඩි­ම­හල් පුත් වූ භාතික තිස්ස ක්‍රි.ව. 141-164 සහ­බාල පුත්‍රයා කණිෂ්ට තිස්ස (ක්‍රි.ව. 164-192) රජ­ව­රුන් ගැන එම රන්ප­තෙහි සඳ­හක් කර තිබී ඇත. කණි­ෂ්ට තිස්ස රජ­තුමා බුදු දහ­මට බොහෝ අනු­ග්‍ර­හය දැක්වූ කෙනෙක් යැයි සෙල් ලිපි 17කින් හෙළි වී ඇත.

දීඝ­වාපී දාගැබ 5 වන සිය­වසේ ඉදි කර ඇතැයි පැව­සෙන අතර, ගල්ඔය සංව­ර්ධන මණ්ඩ­ලයේ දීඝ­වාපී චෛත්‍යය පිළි­බ­ඳව සිංහල බෞද්ධ­යන්ගේ අව­ධා­නය යොමු වී ඇත. එව­කට මඩ­ක­ලපු දිස්ත්‍රි­ක්ක­යට අයත්ව තිබූ දීඝ­වා­පිය 1960දී වෙනම දිස්ත්‍රි­ක්ක­යක් බවට පත් වූ අම්පාර දිස්ත්‍රි­ක්ක­යට අයත් විය. අම්පාර දිස්ත්‍රි­ක්කයේ වෙර­ළ­බඩ මුස්ලිම් ජන­තාව ජීවත් වන අක්ක­ර­ප­ත්තුව, පොත්විල් සහ එර­ගම ප්‍රදේ­ශය දීඝ­වාපී පූජා භූමිය වටා ඇති ගම්මාන වේ. අම්පාර දිස්ත්‍රි­ක්කයේ අඩ්ඩා­ල­ච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් දීඝ­වා­පිය ඉතා­මත් දුෂ්කර ප්‍රදේ­ශ­යකි.

1915 දී මැද­ග­ම්ප­ත්තුවේ බිබිල පොතු­බ­ද්ධන විහා­රා­ධි­ප­තිව වැඩ සිටි කොහු කුඹුරේ රේවත හිමි­යන් විසින් වල් බිහි වී තිබූ දීඝ­වාපී චෛත්‍ය සංර­ක්ෂ­ණය ආරම්භ කරනු ලැබීය. මුස්ලිම් ගම්මා­න­වල ජීවත් වූ ඇතැම් අන්ත­වා­දීන් සහ විදේ­ශීය අධි­රා­ජ්‍ය­වා­දීන්ගේ නොයෙ­කුත් බාධා උන්ව­හ­න්සේට එල්ල විය. අන්‍ය ආග­මි­ක­ය­කු­ගෙන් එල්ල වූ වෙඩි පහ­ර­කින් මෙ‍ෙළාව හැර යාමට උන්ව­හ­න්සේට සිදු විය.

තුන්වන වරට බුදු සිරි පා පහස ලැබූ දීඝ­වා­පිය කෙරෙහි රජ්‍ය පාල­ක­යන්ගේ අව­ධා­නය යොමු වූයේ ගොවි­ජ­න­පද ව්‍යාපා­රත් සම­ඟය. එව­කට කෘෂි­කර්ම හා ඉඩම් ඇම­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ ඩී.එස්. සේනා­නා­ය­ක­යන්ගේ පූර්ණ අනු­ග්‍ර­හ­යද දීඝ­වා­පිය ගොඩ­නැ­ඟී­මට ලැබිණ. මෙම ස්ථානය සංව­ර්ධ­නය කිරීමේ කට­යුතු ද ගල්ඔය සංව­ර්ධන මණ්ඩ­ල­යට පව­රනු ලැබීය.

1970 දී සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් බල­යට සමගි පෙර­මුණු රජයේ අම්පාර මන්ත්‍රී සහ ඉඩම් වාරි­මාර්ග සහ විදු­ලි­බල උප ඇමති සෙන­රත් සෝම­රත්න විසින් දීඝ­වා­පියේ ආර­ක්ෂාව සහ බෞද්ධ ජන­ප­ද­යක් ආරම්භ කර පිට­ප­ළා­ත්ව­ලින් ජන­තාව ගෙන්වා පදිංචි කර­වනු ලැබීය.

වරින් වර බල­යට පත් වූ රජ­යන් විසින් දීඝ­වාපී ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ආරම්භ කරනු ලැබූ නමුත් නැගෙ­න­හිර පළාතේ පැරණි බෞද්ධ සිද්ධ­ස්ථාන රැක ගැනීමේ අර­මුණ ඇතිව වර්ත­මාන ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ මැදි­හත් වීමෙන් දීඝ­වා­පිය සහ මුහුදු මහ විහා­රයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ආරම්භ කරනු ලැබීය.

පසු­ගිය නොවැ­ම්බර් 11 වැනි දින අග්‍රා­මාත්‍ය මහින්ද රජ­ප­ක්ෂ­යන් විසින් දීඝ­වාපි ප්‍රති­සං­ස­ක­රණ කට­යුතු වෙනු­වෙන් අලුත් පිටු­වක් පෙරළා ඇත.

ධාතූන් වහ­න්සේලා වැඩ සිටින කරඬු දෙක දැනට දිසා­පති කාර්යා­ලයේ ඒ. අයි. වික්‍රම ශාලාවේ මහ­ජ­න­යාගේ පුද පූජා වලට අවශ්‍ය කට­යුතු සලසා දී ඇත. දින­පතා උදේ දහ­වල් බුද්ධ පූජා­වන් සහ සවස ගිලන් පස පූජාව සිදු කරනු ලබයි. ප්‍රදේ­ශ­වාසී ජන­තාව මෙන්ම පිට­ප­ළා­ත්ව­ලින් බැති­ම­තුන් පැමිණ පුද පූජා සිදු කරනු ලබන නමුත් සෞඛ්‍යා­ර­ක්ෂිත අයු­රින් එම කට­යුත්ත කිරී­මට සිදු වී තිබෙන නිසා සිමාසහිත පිරි­සක් පුද පූජා කට­යුතු සඳහා සම්බන්ධ කර ගන්නා ලෙස මහ­දි­සා­ප­ති­ව­රයා විසින් මහා සංඝයා වහ­න්සේ­ලා­ගෙන් ඉල්ලීම් කර ඇත.

දීඝ­වාපී චෛත්‍ය ගර්භයේ සිදු කරනු ලැබූ කැණිම් වලින් හමු වූ පුරා­වස්තු ඩී. එම්. ආරි­ය­රත්න ශාලා­වෙදී පුරා­විද්‍යා නිල­ධා­රීන් විසින් පර්යේ­ෂ­ණ­යට ලක් කරනු ලැබූ අතර, එම පුරා­වස්තු සමඟ තිබූ සම­හර දේවල් පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට ගෙන ගොස් පර්යේ­ෂණ කර­න්­නේ­දැයි මෙතෙක් තීරණ කර නැතැයි ද දිසා­ප­ති­ව­රයා පව­සයි.

අම්පාර දිසා­පති කාර්යා­ලයේ ඒ. අයි. වික්‍රම ශාලා­වේදී ප්‍රද­ර්ශ­නය කර­මින් මහ­ජන පුද සත්කාර ලබන කරඬු දෙක සහ සර්වඥ ධාතූ­න්ව­හ­න්සේලා දීඝ­වාපී රජ­මහා විහා­රයේ ධාතු මන්දි­ර­යක් තුළ තැන්පත් කර මහ­ජන ප්‍රද­ර්ශ­න­යට තැබී­මට කට­යුතු කරන ලෙස මහා සංඝරත්නයේ ඉල්ලීමට දිසාපතිවරයා එකගවේ. ඒ අනුව දීඝවාපියේ ධාතු මන්ධිරයක් තනා ඇති අතර එහි ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමට නියමිතයි.

පර්යේ­ෂණ කට­යුතු සිදු කරනු ලැබී පුරා වස්තූන් නැවත චෛත්‍යයේ තැන්පත් කිරීම හෝ එතෙක් ධාතු මන්දි­ර­යේතැන්පත් කිරී­මද ඉදිරි කාල­යේදී තීර­ණය වනු ඇත.

නැගෙ­න­හිර පළාතේ නීල­ගි­රිය, රජ­ගල, මුහුදු මහා විහා­රය, දීඝ­වා­පිය වැනි පූජා භූමි­ව­ලින් හමුවූ පුරා­ව­ස්තූන් සංර­ක්ෂ­ණය කිරීම සඳහා වෙනම ආර­ක්ෂිත කෞතු­කා­ගා­ර­යක තැන්පත් කිරී­ම­ටද අපගේ අව­ධා­නය යොමු වී ඇතැයි මහ­දි­සා­ප­ති­ව­රයා පැව­සීය.

දීඝ­වාපී ච්‍යෛ තුළ තිබී හමු වූ පුරා­ව­ස්තූන් පිළි­බ­ඳව පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් පරීක්ෂ පව­ත්වනු ලැබූ අතර, එම පුරා වස්තූන් පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ පර්යේ­ෂ­ණා­ගා­රයේ දී පරීක්ෂා කර­න­වා­දැයි තිර­ණ­යක් දැනට නැහැ. එතෙක් මෙම පුරා­ව­ස්තූන් දැඩි ආර­ක්ෂාව මැද්දේ දිසා­පති කාර්යා­ලයේ තැන්පත් කර තිබේ.

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය සෙන­රත් දිසා­නා­ය­කගේ අධී­ක්ෂ­ණය යටතේ පසුගියදා හමුවූ පූජ­නීය වස්තූන් පිළ­බ­ඳව පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ රසා­ය­න­ගාර සංර­ක්ෂණ අධ්‍යක්ෂ ගීතානී කුරු­ප්පු­ආ­රච්චි, පුරා­විද්‍යා පර්යේ­ෂණ නිල­ධාරී ජනනි සෙනෙ­වි­රත්න, දීඝ­වාපී කැණීම් බාර නිල­ධාරි සේනක චන්ද්‍ර­කු­මාර, සහ­කාර කැණිම් බාර නිල­ධාරි අනු­රාධා ප්‍රිය­ද­ර්ශනී යන අය විසින් ලැබී ඇති පුරා­වස්තු පිළි­බ­ඳව පර්යේ­ෂ­ණ­යන්හි නියැ­ළිණි.

No comments:

Post a Comment