Saturday, December 12, 2020

වනජීවී ඇමතිවරු මත දෙකක


අපේ රටේ පරි­ස­රය සතා සීපාවා ගහ­කොළ සුරැ­කීම පිණිස වන­ජීවී හා වෘක්ෂ­ලතා ආඥා පනත අනුව අපේ ර‍ට පුරා ආර­ක්ෂිත ප්‍රදේශ වර්ග 7 ක් නම් කර ඇත. ජාතික උද්‍යාන, දැඩි ස්වාභා­වික රක්ෂිත, ස්වාභා­වික රක්ෂිත, වන පිවි­සුම්, සමු­ද්‍රා­සන්න අභය භූමි හා සීමා­න්ත­රික කලාප ඒ අත­රවේ. මේ අත­රින් පාර­ම්ප­රික අතින් සුවි­ශේෂී ඉතා ආර­ක්ෂා­කාරී

සංවේදී කලාප ලෙස ජාතික වනෝ­ද්‍යාන නම් කළ හැකිය. ජාතික වනෝ­ද්‍යාන භූමිය සම්පූ­ර්ණ­යෙන් ම රාජ්‍ය ඉඩම් වේ. මේවා තුළට ජන­තා­වට ඇතුළු වී වන සතුන් නැර­ඹී­මට පම­ණක් අව­ස්ථාව ඇත. ඊට අව­සර ලබා­ගත යුතු­මය. ඒ වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙනි.

මේ ජාතික උද්‍යාන තුළ පව­තින සජීවී හා අජීවී සම්පත් සියල්ල වන­ජීවී ආඥා පනත යටතේ ආර­ක්ෂිත වෙයි. ඒවාට සතුන් ඇතුළු කිරීම තහ­නම් ය. ඒ අනුව එහි පව­තින වැලි කැට­ය­ක්වත් වන­ජීවී ආඥා පනත අනුව ඉව­තට ගෙන යාම දඬු­වම් ලැබිය හැකි වර­දක් බව පරි­සර නීති­ඥ­ව­රුන්ගේ අද­හ­සයි.

නමුත් දැන් අපේ රටේ ඉතා සංවේදී ජාතික වනෝ­ද්‍යා­න­යක් වූ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යා­නය පසු­ගිය දින­වල ජන­තා­ව­ගේම කට­යුතු නිසා අහි­ත­කර බල­පෑ­ම්ව­ලට ලක්වී තිබෙන බව පරි­ස­ර­වේ­දීහු පව­සති.

1984 අගෝස්තු 7 වැනිදා වන­ජීවී සංර­ක්ෂිත ආඥා පනත යටතේ ප්‍රකා­ශ­යට පත් කළ මේ ජාතික උද්‍යා­නය හෙක්ට­යාර 17350.4 ක් විශා­ලය. එය ජාතික උද්‍යා­නය නම් කිරීමේ ප්‍රධාන අර­මුණ වී ඇත්තේ ඒ ප්‍රදේ­ශය වන අලින්ගේ වාස­ස්ථා­න­යක් ලෙස පව­ත්වා­ගෙන යාම මෙන් ම මහ­වැලි ග‍ඟේ ජලය වැඩි කාල­යට ඒ ජලය ගලා යාමට ඉඩ­කඩ සැල­සී­මයි.

මෙරට ඇති අලින්ගේ වාස­යට සුදුසු හා සුවි­ශේෂී ජාතික උද්‍යා­න­යක් වන මේ වන උයන මැදින් අලුත් මාර්ග­යක් ඉදි­කි­රී­මට දැන් ප්‍රදේ­ශයේ ඇතැම් දේශ­පා­ල­න­ඥයෝ නීති රීති­ව­ලට පට­හැ­නිව උත්සා­හ­යක නිරත වෙති.

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යා­නයේ පවත්නා විල්ලු නිසා ඒ ප්‍රදේ­ශය අලින්ට ඉතා යෝග්‍යවේ. අලින් හා කෙනර සතුන් බහු­ලව එකට හමු­වෙන මේ ජල ගැලුම් නිම්න ජාතික වන උයනේ විල්ලු 38 කි. ඉන් හඳ­පාන් විල්ලුව හා බැණ්ඩිය විල්ලුව වැව්ව­ලට සමාන විශාල විල්ලු ලෙසට වන­ජීවී නිල­ධා­රීහු හඳු­න්වති.

එමෙන්ම වස්ග­මුව ජාතික වනෝ­ද්‍යා­නයේ සිට සෝමා­වතී ජාතික උද්‍යා­න­යට ස්වාභා­වික ලෙස අලි ගමන් කිරීමේ නිද­හස් ප්‍රවේශ මාර්ගය වැටී ඇත්තේ මේ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යා­නය හරහා ය. පුරා­වි­ද්‍යා­ත්මක අතින් සුවි­ශේෂී ස්ථාන රැසක් ඇති මේ ජල ගැලුම් නිම්න ජාතික වන උයන අද දේශ­පා­ලන හෙංච­යි­යලා හා ගස් කපන අය නිසා බල­වත් තර්ජන රැස­කට මුහුණ දී සිටී.

මේ වන උය­නට ඇති ප්‍රධාන ගැට­ලුව මන­ම්පි­ටිය වෙහෙ­ර­ගො­ඩ­යාය වැනි ගම්මා­න­වල ගම්වා­සීන්ගේ ගව­යන් සිය ගණන් මේ වන උය­නට ඇතුළු කිරී­මයි. මන­ම්පි­ටිය හා සෝමා­වතී ප්‍රදේ­ශ­ව­ලින් ද මේ වන උය­නට බහු­ලව ගව­යන් ඇතුළු කරති. වැඩි­පුර මේ ගව­යන් ඇතුළු කරන්නේ මුස්ලිම් ජන­තා­වයි.

මේ මුස්ලිම් ජන­තාව පසු­ගිය කාලයේ එහි තිබූ ගරා වැටුණු චෛත්‍ය උඩ පවා ගව­ගාල් සක­ස්කර තිබූ බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

වියළි කලා­පයේ පිහිටි ජල­යෙන් සංතෘප්ත වගුරු බිමක් ලෙස හැඳි­න්විය හැකි මෙම ජල ගැලුම් නිම්න ජාතික වන උය­නට වැස්ස ලැබෙන්නේ ඔක්තෝ­බර් සිට ජන­වාරි දක්වා වක­වා­නු­වේ­දීය.

මෙහි වෙහෙ­ර­ගො­ඩ­යාය ප්‍රදේ­ශය ආශ්‍රි­තව පුරා­විද්‍යා නට­ඹුන් රාශි­යක් පිහිටා තිබේ. එහි පුරා­විද්‍යා ප්‍රදේ­ශ­යක් බවට නාම පුවරු සවි­කර තිබු­ණත් ඒවා කඩා දමා මේ ස්ථානය දැන් ගව මඩු සංකී­ර්ණ­යක් බවට පත්ව තිබේ.

මේ පිළි­බ­ඳව පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කිසිම ආර­ක්ෂණ වැඩ­පි­ළි­වෙ­ළක් සක­ස්කර නොමැත. ගල් කණු කඩා බිඳ දමා ඇති අතර අවට පදිං­චි­ක­රුවෝ හා සෝමා­වතී ප්‍රදේ­ශයේ හා මන­ම්පි­ටියේ ජන­තාව මෙම ජාතික උද්‍යා­න­යට බහු­ලව ගව­යන් ඇතුළු කරති.

දාගැ­බ්වල පාද­ම්වල පවා ගව මඩු ඉදි­කර ඇති අතර පුරා­විද්‍යා පුව­රුද කඩා බිඳ දමා ඇත. දින­ප­තාම මේ ගව­යන් දහස් ගණ­නක් මේ ජාතික උද්‍යා­න­යට ඇතුළු කරනු ලැබේ.

පුරා­විද්‍යා භූමිය තුළ ගව­මඩු ඉදි­කි­රීම පිළි­බ­ඳව පසු­ගිය සමයේ බොදු බල සේනා සංවි­ධා­නයේ මහ ලේකම් ගල­බො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­පාණෝ විරෝ­ධතා දැක්වූහ.

ඒ සම­ඟම දැන් මේ ගව­යන් වන උයන තුළට ඇතුළු කිරීම තවත් වැඩිවී තිබේ. පසු­ගිය නොවැ­ම්බර් 26 වැනිදා මේ ප්‍රදේ­ශ­යට පැමිණි වන­ජීවී රාජ්‍ය ඇමැති විම­ල­වීර දිසා­නා­යක මහ­තාට ප්‍රදේ­ශ­වා­සීන් කියා සිටියේ තම ගව­යන් වන උය­නට ඇතුළු කිරී­මට වන ජීවී නිල­ධා­රීන් ඉඩ නොදෙන බවයි. ඒ අව­ස්ථාවේ පොළො­න්න­රුව රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යෙකු ද එක්වූ අතර එම අමා­ත්‍ය­ව­රුන් පවසා සිටියේ ගව­යන් වන උයන තුළට ඇතුළු කිරී­මට අව­සර ලබා දෙන ලෙසයි.

එය පිළි­බ­ඳව වන­ජීවී නිල­ධා­රීන් සිය නොස­තු­ටට පළ කළ අතර ඒ තත්ත්වය මත වන­ජීවී නිල­ධා­රීහු වැඩ වර්ජ­න­යක ද නිරත වූහ.

මෙම රක්ෂිත භූමිය තහ­වුරු කරන විට, එතෙක් ජන­තාව විසූ ගම් සහ පරි­හ­ර­ණය කළ කැලෑ බිම් වනෝ­ද්‍යා­න­ව­ලට ඇතුළු කළ අතර එම ජන­තා­වට පහ­සු­කම් සහිත නව වාස­ස්ථාන හා ගොඩ මඩ වගා බිම් ලබා­දෙන ලදී. යක්කුරේ ගම්මා­නය එසේ නැවත ස්ථාන­ගත කරන ලද්දකි. එය පිහිටා ඇත්තේ මහ­වැලි ග‍ඟේ කාලිංග ඇළ මාර්ගයේ දකුණු ඉවු­රේය. ජාතික උද්‍යා­නයේ මායිම ලෙස කාලිංග ඇළ නොහොත් ගෝමතී ඇළ යොදා ගැනී­මේදී එම ගම උද්‍යා­න­යෙන් පිට­තට ඇළේ වම් ඉවුර යාබද පෙදෙ­සෙහි ස්ථාන­ගත කරන ලදී. මාර්ග, විදු­ලිය, නිවාස, පාසල්, පන්සල්, රෝහල් ආදී සියලු යටි­තල පහ­සු­කම් සහි­තව එම ගම් ගොඩ­නැ­ගීම සාර්ථ­කව සිදු­කර ඇත. සිරි­පුර ප්‍රදේ­ශය ඔස්සේ ගමට පිවි­සුම් මාර්ගය විධි­මත්ව සකසා ඇත. ඒ සම­ඟම මන­ම්පි­ටිය සිට පැමිණි පුරාණ මාර්ගය වන­ජී­වීන්ගේ විශේ­ෂ­යෙන් අලි ඇතුන්ගේ වාස­ස්ථාන හරහා පිහිටි හෙයින් භාවි­ත­යෙන් අත් හැරිණි. එම මාර්ගය අයත් ප්‍රදේ­ශය ජාතික උද්‍යා­නයේ සුවි­ශේ­ෂ­තම සංවේදී කලා­පය ලෙස හඳු­නා­ගෙන ඇතැයි ද පරි­සර යුක්ති කේන්ද්‍රය පව­සයි.

ඒ සම­ඟම මේ ප්‍රදේ­ශයේ ගඟට හානි වන පරිදි මහා පරි­මා­ණ­යේන වැලි ගොඩ දැමීම, මැණික් ගැරීම, වන සතුන් දඩ­යම, ඇතුන් මරා දළ කපා ගැනීම, වනෝ­ද්‍යා­නය තුළට ගව රංචු ඇතුළු කර තණ කැවීම, වනෝ­ද්‍යා­නය තුළ බල­හ­ත්කා­ර­යෙන් හේන් වගා කිරීම, දුම්කොළ වගා කිරීම, සරු­වට කෙරේ. සරු බිම් අල්ලා­ගෙන ගොවි­තැන් කිරී­ම­ටත්, වන­බිම් ගව­බිම් බවට පත් කර ගැනී­ම­ටත් සංවි­ධා­නා­ත්ම­කව කට­යුතු කර­න්නන් සමඟ මෙම නිල­ධා­රීහු නිර­න්ත­ර­යෙන් ගැටු­ම්කාරී වූහ. දේශ­පා­ල­න­ඥ­යින්ගේ රැක­ව­රණ ලබ­මින් ‘වැලි රාජුලා’ රජ වූයේ එක­ලය. වනය රැක­ගත් එච්.ඒ. ධන­සිරි නමැති නිල­ධා­රියා ඝාත­නය කෙරුණේ එක­ලය. වන නිල­ධාරි කුමා­ර­සිරි විජේ­කෝන් ඇතුළු තිදෙ­නෙක්ට මාරා­න්තික ප්‍රහා­ර­ව­ලට මුහු­ණ­පෑ­මට සිදු­වූයේ එකල බව මේ පිළි­බ­ඳව අධ්‍ය­යන රැසක් කළ පරි­සර යුක්ති කේන්ද්‍රය පව­සයි.

වන­ජීවී නිල­ධා­රීන් තර්ජන මැද 2005 දී ඇත් දළ විශාල සංඛ්‍යා­වක් අල්ලා ගැනීම, බලෙන් අල්ලා­ගත් වෙහෙ­ර­ගො­ඩ­යාය භූමිය අක්කර 4000 ක් බේරා ගැනීම තමන්ගේ ජය­ග්‍ර­හණ නොව ශ්‍රී ලංකා රජයේ පරි­සර ප්‍රති­ප­ත්තියේ ජය­ග්‍ර­හණ ලෙස සලකා වන නිල­ධා­රීන්ගේ සේවය අගය කිරීම රජයේ යුතු­කම බව ද පරි­ස­ර­වේ­දීන්ගේ මත­යයි.

දැන් මේ දේශ­පා­ල­ක­යන් වෑයම් කරන්නේ ජල ගැලුම් කලා­පයේ පිහිටි වැලි නිධි කැණී­මට අලුත් පිරි­ස­කට ඉඩ සල­සා­දී­මට හා දස දහස් ගණන් ගව­යින්ට වන බිමේ දොරටු විවෘත කර මතු කළ ගව ඝාතක හමු­දා­වක් බිහි කිරී­ම­ටය. මේවායේ ප්‍රති­වි­පාක විඳී­මට සිදු­වන්නේ ජන­තා­වට සහ සොබා­ද­හ­ම­ටය‍.

නමුත් යළිත් වරක් මේ මන­ම්පි­ටිය යක්කුරේ මාර්ගය මන­ම්පි­ටිය පාලමේ සිට ජල ගැලුම් නිම්න ජාතික වනෝ­ද්‍යා­නය මැදින් මහ­වැලි ගඟට සමා­න්ත­රව යක්කුරේ දක්වා ඉදි­කි­රී­මට දේශ­පා­ල­න­ඥයෝ කිහිප දෙනෙක් උත්සාහ කරති. කිලෝ­මී­ටර් 13 කින් යුත් මෙම මාර්ගය ඉදි­වු­ව­හොත් යක්කුරේ, පහළ යක්කුරේ, ඉහළ යක්කුරේ, පිහි­ටි­වැව, දමනේ වැව, නුව­ර­ගල, මැද­ග­ම්පි­ටිය, මීව­ත්පුර, සිරි­පුර, පල්ලේ­ගම ආදී ගම්වල ජන­තාව අලි නිසා දරුණු තර්ජ­න­ව­ලට ලක්වී­මට ඉඩ තිබෙන බව ද ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

මේ පිළි­බ­ඳව අද­හස් දක්වන වන­ජීවී සංර­ක්ෂණ අමාත්‍ය සී.බී. රත්නා­යක මහතා පව­සන්නේ මෙම මාර්ගය, ඉදි නොක­රන බවයි. ඒ සඳහා EIA එකක් කළ යුතුයි” ඇමැ­ති­ව­රයා පව­සයි‍. එසේ වුවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණ­සිංහ මහතා පව­සන්නේ මේ මන­ම්පි­ටිය යක්කුරේ මාර්ගය පුරාණ සම්ප්‍ර­දා­යික මාර්ග­යක් බවයි. එය පාවිච්චි කිරීම ඒ ප්‍රදේ­ශ­වල ජන­තා­වගේ පාර­ම්ප­රික උරු­ම­යක් බව ද රාජ්‍ය ඇමැ­ති­ව­රයා පෙන්වා දෙයි. වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මෙම මාර්ගය ඉදි­කි­රී­මට එක­හෙ­ළා­ම ­වි­රු­ද්ධය. ඒ නිසාම පසු­ගිය දින­වල මේ මාර්ගය ඉදි­කි­රීම් පිළි­බ­ඳව වන­ජීවී නිල­ධා­රීහු සිය විරෝ­ධය දැක්වූයේ අස­නීප නිවාඩු දමා සේව­යට වාර්තා නොකර සිටී­මෙනි.

මේ පිළි­බ­ඳව කරුණු දක්වන වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රක්ෂිත ප්‍රදේශ කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ අධ්‍යක්ෂ මංජුල අම­ර­රත්න මහතා පැව­සුවේ මේ ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යා­නය හරහා යක්කුරේ ඒ මාර්ග­යක් ඉදි­කි­රී­මට වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කිසිම අනු­මැ­ති­යක් දී නොමැති බවයි.

“ඒ සඳහා පාරි­ස­රික ඇගැ­යීම් වාර්තා­වක් සක­ස්කර අනු­මත කර­ගත යුතුයි. එවැනි දෙයක් සඳ­හා­වත් තවම අපෙන් අව­සර අරන් නැහැ. ඒ නිසා අපි යක්කුරේ පාරට අනු­මැ­ති­යක් දීලා නැහැ. මංජුල අම­ර­රත්න මහතා පව­සයි.

මීට අම­ත­රව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යා­නයේ කුඹුක් ගස් කැපීමේ ජාවා­ර­මක් ද හෙළිවී තිබේ. ගස්වල පහළ කොටස් හා අතු බහු­ලව කපා දැමීම මෙහි සිදුවී තිබේ.

කෙසේ වුවත් මේ පරි­සර සං‍වේදී ජාතික උද්‍යා­නය සුරැ­කී­මට සිටින්නේ වන­ජීවී සංර­ක්ෂණ නිල­ධා­රීන් 14 ක් වැනි ඉතා සුළු පිරි­සකි. වරින් වර මේ වන­ජීවී කලා­පය ඇතු­ළත ඉදි­කර තිබූ ගව මඩු කිහි­ප­යක් වරින් වර වන­ජීවී නිල­ධා­රීන් ඉවත් කළත් දේශ­පා­ලන බල පුළු­ව­න්කා­ර­කම් මත යළි ඒවා බල­හ­ත්කා­ර­යෙන් ඉදි­ක­රන බවත් ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. කෙසේ වුවත් මේ හරක් අයි­ති­ක­රු­වන්ට දේශ­පා­ලන සහාය ලැබෙන බවත් වන­ජීවී නිල­ධා­රීන්ට කිසිම පිළි­ස­ර­ණක් නැති බවත් වන නිල­ධා­රීහු පව­සති.
සිළුමිණ

No comments:

Post a Comment